ඇමරිකාවේ ඔස්ටිඩ් හි ටෙක්සාස් සරසවියේ සිසුනට ලඟ දීම පිස්තෝල රුගෙන සරසවි ඒමට අවසර ලැබෙනු ඇත. ටෙක්සාස් ප්‍රාන්ත රජය පැනවූ නීති අනූව සරසවියට අවි රුගෙන ආ හැකි ආකාරය සරසවි සභාපති අද අනුමත කළේය.
විශ්ව විද්‍යාලය තුළ ගිනි අවි භාවිත කිරීම සඳහා වන මාර්ගෝපදේශය හා අවසර ලබාදීමට ද ටෙක්සාස් විශ්ව විද්‍යාලයයේ පාලක ග්‍රෙගරි ෆෙන්වේස් ඉකුත් දා කටයුතු කළේය. විශ්වවිද්‍යාල තුළ ගිනි අවි භාවිත කිරීම සම්බන්ධයෙන් නීතියක් සම්මත කිරීමට ද ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කර තිබිණි.
‘ගිනි අවි භාවිත කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති නිර්දේශ මා හොඳින් අධ්‍යයනය කළා. මා ඒ ගැන විශ්වවිද්‍යාලයේ කි්‍රයාකාරී කමිටුව සමඟ සාකච්ඡා කළා. ඊට පස්සෙයි මෙය කි්‍රයාත්මක කරන්න තීරණය කළා‘ යැයි ෆෙන්වේස් පවසා ඇත.
ගිනි අවි මිලදී ගැනීම්, ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ කි්‍රයා නවත දැමීම සඳහා විධායක කි්‍රයාමාර්ග ගන්නා බව ඇමෙරිකා ජනපති බරැක් ඔාබාම මේ වසරේ ආරම්භයේදී පැවැසීය.
පසුගිය වසරේ පමණක් ඇමෙරිකාවේ කළ වෙඩි තැබීම්වලින් 13,286 දෙනකු ජීවිතක්ෂයට පත්ව 26,819 දෙනෙක් තුවාල ලැබූහ. එම වෙඩි තැබීම්වලින් 64ක් සිදුව ඇත්තේ පාසල්වලය. කෙසේ වෙතත් මේ වාර්තා පසුගිය වසරේ අවසාන සතියේ සිදුවීම්වල තොරතුරු එක්රැස් කළ විට සිය ගණනින් ඉහළ යනු ඇතැයි ගිනි අවි ප්‍රචණ්ඩ කි්‍රයා සම්බන්ධ තොරතුරු එක්රැස් කරන එරට රාජ්‍ය ලේඛනාගාරය සඳහන් කර සිටියි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තුවක්කුවත් අරන් අකුරට යන්න වරම්
රන්ජිත් මිලානෝ Wednesday, 24 February 2016 12:14 PM
ලෝකයේ ජීවත්වීමට අනාරක්ෂිතම රටක් ඇමරිකාව. ඒ අතින් යුරෝපය මොනතරම් පුරවැසියාට හිතකරද. (නි)
නාමල් - නිව්යෝර්ක් Wednesday, 24 February 2016 01:29 PM
ආමරිකාවේ බොහොම ප්‍රාන්ත සාමකාමියි. මේ වෙඩි තැබීම් බොහෝවිට සිදුවන්නේ නගරවල මත්ද්‍රව්‍ය විකුණන අපරාධ කණ්ඩායම් අතර නැත්නම් අපරාධ කණ්ඩායම් හා පොලීසිය අතර (නි)
මුදලිගේ Wednesday, 24 February 2016 02:41 PM
බළලුන් ලවා කොස් ඇට බෑවීම සහ ඇමෙරිකානු රජයේ නොහැකියාව! (නි)
සුනිල් ගිකියනගේ Wednesday, 24 February 2016 04:47 PM
මානව අයිතිවාසිකම් ගැන මහා ඉහලින් කතා කරන ඇමරිකාව හැම තැනම තුවක්කු ගෙනියන්න පුලුවන්. පුදුම රටක් (අ)
ලක්සිරි Thursday, 25 February 2016 08:31 AM
අවි ගත්තෝ අවියෙන් නැසෙති (ම)
තුසිත Thursday, 25 February 2016 10:35 AM
අවි ගත්තෝ විතරක් නෙවේ අවි නැත්තෝ නැසෙන් නෙත් අවියෙන්ම තමා. මොකද අවිය තියන කෙනා නැති කෙනාට වෙඩි තියන නිසා... (ර)
නුවන් Thursday, 25 February 2016 10:36 AM
රංජිත්, ඇමරිකාව ලෝකයේ ආරක්ෂිතම රටක්. ලෝකයේ අනාරක්ෂිත රටවල් තිබෙන්නේ දකුණු ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ (දකුණු ඇමරිකාව) (ර)
චානක - ලොස් ඇන්ජලීස් Thursday, 25 February 2016 10:49 AM
සුනිල් ඇමරිකාවේ හැමකෙනෙකුටම හැමතනකටම තුවක්කු ගෙනියන්න බෑ. අධිකරණයකින් වරදකට දඩුවම් නොලැබූ වැඩිහිටි පුරවැසියන්ට ෆෙඩරල් රජයේ මුලික පරීක්ෂාවකින් පසු තමා අවියක් මිලට ගත හැකි වන්නේ. එයත් කුඩා ළමයින් ගැවසෙන ප්‍රදේශවලට ගෙනියාම තහනම්. (ර)
චින්තක Thursday, 25 February 2016 07:59 PM
අනේ හැබෑට අබුද්දස්ස කාලේ! (නි)
රන්ජිත් මිලානෝ Thursday, 25 February 2016 10:29 PM
ඇමරිකාවේ හැම අවුරුද්දකම වගේ පාසල් වල සමුහ ඝාතන සිද්ධවෙනවා. (නි)