ෆෝක්ලිෆ්ට් යන්ත‍්‍රයක ආධාරයෙන් ඉහළට ඔසවන ලද අට්ටාලයක නැගී, ලාහෝර් නුවර දේශපාලන රැලියක් අමතමින් සිටිද්දී, ඇද වැටී තුවාල ලැබූ ඉම්රාන්
![]() |
ඉම්රාන් ඛාන් රෝහලේ සිට මාධ්‍යවේදීන් අමතමින් |
ඛාන්ගේ තත්ත්වය බරපතළ නොවන නමුත් සිදුවුණු තුවාල හේතුවෙන් දින 15 ක් පමණ ඔහුට රෝහලේ සිටීමට සිදුවේවි යැයි වෛද්‍යවරු පවසති.
ඉම්රාන් ඛාන් තුවාල ලැබූවේ පෙරේදා (7) සවසය. ලාහෝර් නුවර පැවැති ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ රැලියට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.
වේදිකාවේ සිට එම පිරිස ඇමැතීම අපහසු වූ හෙයින් ෆොක්ලිෆ්ට් යන්ත‍්‍රයක ආධාරයෙන්, අට්ටාලයක නැගී වේදිකාවේ සිට මීටර් 5 ක් පමණ ඉහළට එසවීමට ඔහුට සිදුවිය.
අට්ටාලය කඩා වැටුණේ බර වැඩි වීමෙනි. එයට ඉම්රාන් ඛාන් පමණක් නොව ඔහුගේ ආරක්ෂක අංශ නිලධාරීහු ද ගොඩ වී සිටියහ.
තුවාල ලැබූ ඛාන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. ඔහුගේ හිස් කබල ස්ථාන දෙකකින් පැළී ගොස් තිබුණු බවත් කොන්දට තුවාල සිදුවූ බවත් වෛද්‍යවරු පැවැසූහ.
ප‍්‍රතිකාර ලැබීමෙන් පැය කීපයකට පසු, රෝහලේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඛාන් කියා සිටියේ වෛද්‍යවරු තමන්ට විවේක ගන්න යැයි කීවත්, තමන්ට සුවයක් දැණුනු විගස තමා යළි ජනතාව අතරට පැමිණෙන බවය.
තමා වැට්ටවීමට හැකිවන්නේ අට්ටාලයකට හෝ ෆෝක්ලිෆ්ට් යන්ත‍්‍රයකට නොව පාකිස්තාන ජනතාවට පමණක් බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තුවාල ලැබූ ඉම්රාන් ඛාන්ට දින 15 ක් රෝහලේ ඉන්න වේවි
හේරත් Thursday, 09 May 2013 02:27 AM
ඉක්මනට සුවපත් වේවා! (නි)
අමිල Thursday, 09 May 2013 12:02 PM
ඒ උනාට පළමු විවාහයෙන් වැටුනා නේද ? (ස)
මාධව Thursday, 09 May 2013 01:02 PM
ඉක්මනට සුවපත් වේවා. !(ස)
ජනක Thursday, 09 May 2013 01:02 PM
චන්ද ප්‍රයෝගයක් ....(ස)
ශිරෂ් Thursday, 09 May 2013 01:13 PM
මහ මැතිවරණය ළග හින්දා මිනිස්සුන්ගේ කරුණාව ලබාගන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු රවට්ටන්න බැහැ දැන් (නි)
අනුර Thursday, 09 May 2013 05:59 PM
උඩයන්න ගියොත් බිම වැටෙනවා කියලා අහලා නැද්ද? (නි)
බංඩා Thursday, 09 May 2013 07:30 PM
චන්ද ගැටයක්.(නදී)