X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


තෙගුණයක් විශාල හිස පුංචි කරයි

සාමාන්‍ය හිසකට වඩා තුන්ගුණයක් විශාල හිසක් සහිතව ඉපදුණු දරුවකුගේ හිසේ විස්මිත සැත්කමක් සාර්ථක වූ බව වෛද්‍යවරු කියති. ඇගේ හිසේ විශ්කම්භය අඟල් 37 සිට 23 දක්වා අඩුකිරීමේ සැත්කම සිදුකැර ඇත්තේ නවදිල්ලි රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසිනි.  

වයස අවුරුදු 3 ක් වු රූනා බෙගම් නවදිල්ලි රෝහලට වහා ඇතුලත් කළේ මොලයේ වතුර පිරීමේ රෝගයට ප්‍රතිකාර ලබාදීමටය. ශළ්‍ය වෛද්‍යවරුන් ඇය රෝහලෙන් යළි නිවසට යනව ලද්දේ හිසේ ප්‍රමාණය අඩුකිරීමේ සැත්කම් කිහිපයක් ම සිදුකිරීමෙන් අනතුරුවය. කල්පිත අභ්‍යාවකාශ ජීවියකුගේ මෙන් හිසක් සහිතව උපන් මේ දරුවා වැඩිකළක් ජීවත්කරවිය නොහැකිවනු ඇතැයි ඇය උපන් මොහොතේ වෛද්‍යවරු කීහ.

එසේ වුව ද උත්සාහය අත්නොහැරි වෛද්‍යවරු දැන් ඇය ජීවත් කරවීමට පමණක් නොව හිසේ විශාලත්වය අඩුකැර බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට ද සමත්ව සිටිති. ඇය දැන් හොඳින් සිනා සෙන්නීය.

රූනාගේ මව වන ෆාතිමා කටුන් 23 පවසන්නේ ඇය ජීවත්නොවන බව වෛද්‍යවරුන් පැවසු බවයි. නමුත් ඇය මරණයෙන් බේරි සිටිනවා දැකීම මහත් සතුටක් බව ද ඇය කියයි.

දැරිය දැන්  වඩාත් පහසුවෙන් සිටියි. ඇයට ඇගේ හිස කෙලින් තබා ගැනීමට හැකියාව සැත්කම්වලින් පසු ලැබී ඇත. තනිවම තම හිස පැත්තෙන් පැත්තට හැරවීමේ හැකියාව ද පවතී. ඇය වෙනත් දරුවන්ට ප්‍රතිචාර දක්වයි. අනෙක් දරුවන් ඇයට නම කියා අමතන විට ඇය සිනා සෙයි.

රූනාගේ මව තව පවසන්නේ තම දියණියට නැගිටීමේ හා කතාකිරීමේ හැකියාව ලැබෙන්නේ නම් තමන්ගේ දුක තුනීවන බවයි.

‘‘අපි බලාපොරෝත්තු වෙනවා ඇය යම් දිනක පාසැලට ද යාවි කියා“ මව කියන්නීය. 

මෙම සැත්කම කරණු ලැබුවේ නවදිල්ලියේ ෆෝටීස් අනුස්මරණ රෝහලේදීය. විශාල වියදමක් සහිත මේ දුර්ලභ සැත්කමට රෝහල ගාස්තු අයකැර නැත.

රූනා රෝහලේ දින 105 ක් ගත කර ඇත. සැත්කම් සිදුකර ඇත්තේ ස්නායු ශෛළ්‍ය වෛද්‍ය සන්දිප් වාසියා විසිනි. දරුවාගේ ප්‍රකෘති තත්වයට පත්වීම පිලිබඳ ඔහු පවා පුදුමයට පත්වූ බව කියයි.

‘‘ මට දරුවාගේ විශාල ප්‍රගතියක් පෙනෙනවා. ඇයට තව බොහෝ දිගුගමනක් යාමට තියෙනවා. අපි මෙතරම් පහසුවෙන් මේ දරුවා සුව කළ හැකියැයි සිතුවේ “ වෛද්‍ය සන්දිප් ඉන්දීය මාධ්‍යයට කියා ඇත.

Roona 1 Roona 2 Roona 3 Roona 4 Roona 5 Roona 6



අදහස් (0)

තෙගුණයක් විශාල හිස පුංචි කරයි

අසාම් Saturday, 26 July 2014 01:20 PM

ඉක්මන් සුවය ලබා දීර්ගායුශ ලැබේවා! (නදී)

:       0       0

තුසිත Saturday, 26 July 2014 01:38 PM

මේ දරුවට සහ උදව් කල සියලු දෙනාට තෙරුවන් සරණයි (නදී)

:       0       0

ධානා Sunday, 27 July 2014 08:23 AM

බබාට ඉකමනින් තනියම ඇවිදින්න කතා කරන්න. සෙල්ලම් කරන්න මේ ඔක්කොම පුළුවන් වේවා (නදී)

:       0       0

නුවන් Sunday, 27 July 2014 12:30 PM

ඉක්මන් සුවය ලැබේවා (දිල්)

:       0       0

මහින්ද Sunday, 27 July 2014 12:45 PM

මේ ලෝකේ දෙවියන් කියලා අමතන්න ඕනා වෛද්‍ය වරුන්ට. මේ කළ ක්‍රියාවට ලංකිකයෙක් වන මම සුබ පතහනවා. දරුවට සහ වෛද්‍යවරුන්ට දෙවි පිහිටයි (නදී)

:       0       0

කිත්සිරි Monday, 28 July 2014 01:47 AM

ඉක්මණින් සුවපත් වේවා! (නි)

:       0       0

අමිත් Monday, 28 July 2014 03:17 AM

පුංචි දුවේ ඹයාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

දනු Monday, 28 July 2014 03:21 AM

මේ දරුවට සහ උදව් කල සියලු දෙනාට තෙරුවන් සරණයි (නදී)

:       0       0

ජීවා Monday, 28 July 2014 05:59 AM

ලංකාවෙත් මේ වගේ පුතෙක් හිටිය මට මතකයි .ඒ දරුවාගේ දෙමුවුපියෝ වෛද්‍යවරු සෑහෙන උත්සහයක් ගත්ත දරුවා බේරගන්න .එත් දරුවා මෙලොවෙන් සමුගත්ත . මේ දියණියට ඉක්මන් සුවය ලැබේවා.(අ)

:       0       0

දිලු Monday, 28 July 2014 05:59 AM

අහම්බෙන් අහන්න ලැබෙන ඉතා සතුටුදායක පුවතක්. වෛද්‍යවරු කියන්නේ දෙවිවරු කියල මේ අය ඔප්පුකරල තියනවා. (අ)

:       0       0

ප්‍රියන්ත Monday, 28 July 2014 08:09 AM

ඔයාට හොඳ වෙනවා. අපි හැමෝම ඔයාට තෙරුවන් සරණ පතනවා! (නි)

:       0       0

ශානිකා Monday, 28 July 2014 08:15 AM

පුංචි දුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site