2011 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයේ මහ මොළකරු, ඇමරිකාව ලෝක සාමය නාමයෙන් කරන මිනිස් ඝාතන තරයේ විවේචනය කරයි. ප‍්‍රහාරය සැළසුම් කළ බවට චෝදනා ලැබ සිටින කලීඞ් ෂෙයික් මොහොමඞ් මෙසේ සදහන් කළේ ඇමරිකාවේ ග්වන්ටානාමෝ බේ සිර කදවුරේ පැවැති නඩු වාරයකට සහභාගී වෙමිනි. ප‍්‍රහාරය නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව 3000 කට ආසන්නය. පුද්ගලයින් 3000 කගේ ජීවිත වෙනුවෙන් තමාට දඩුවම් කිරීමට සැරසෙන ඇමරිකාව ලෝකය පුරා සිදුකරන මහා මිනිස් සංහාර සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි හෙතෙම ප‍්‍රශ්න කරයි. ඇමරිකාවට ලෝක සාමය ගැන හරිහමන් අදහසක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය විට ලෝක සාමය උදෙසා යැයි කියමින් මිනිස් ඝාතන පීඩා ආදිය සිදු කිරීම ඇමරිකාවම සාධාරණීකරණය කර ගන්නා බවත් එයට බහුතර ලෝක ජනතාව කිසිසේත් එකග නොවන බවත් කලීඞ් පවසයි. ඇෆ්ගනිස්තාන හමුදා භටයකු ලෙස සේවය කර ඇති කලීඞ්ට එරෙහිව නැගී ඇති චෝදනා වී ඇත්තේ අල් කයිඩා සංවිධානය හා ගනුදෙනු කිරීම සාමාන්‍ය වැසියන්ට පහර දීම යුද නීති උල්ලංඝනය කරමින් මිනිස් ඝාතන සිදු කිරීම හා දේපළ විනාශ කිරීම යන ඒවාය. එල්ල වී ඇති චෝදනා වලට වැරදිකරු වුවහොත් කලීඞ්ට මරණ දඩුවම පැනැවෙනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්රස්තවාදියා බණ කියයි
නි න ගමගේ Thursday, 18 October 2012 12:31 PM
ඔහු කියන කතාව සමිපුර්න ඇත්ත. ඔහුටත් දඩුවමි කලයුතුයි.(නු)
මුතුකුඩ Thursday, 18 October 2012 01:51 PM
ෙමි අයුරින් කථාකරන කවුරුත් ඇමරිකාවට ත්‍රස්තවාදියෙක් ලෙසයි මම නම් දකින්නේ. (නි).
නලින් Thursday, 18 October 2012 02:39 PM
ත්‍රස්තවාදියා බණ කියනවා කියන්නඑපා එයා කියන්නේ ඇත්ත.. ඒ උනාට තුන්දාහක් මරපු එයාට අනිවාර්යයෙන්ම එල්ලුම් ගස් යවන්න ඕන..!(නු)
නාපාවල කටාර් Thursday, 18 October 2012 02:46 PM
ලෝකයේ පලවෙනි ත්‍රස්තවාදියා අමරිකාවයි .අමතක උනාද යුද්ධයේ අවසානකාලයේ එල්.ටී.ටී.ඊ කට්ටිය බේරගන්න ඇමරිකාව සහ මිතුරු රටවල් දගලපු දැගලිල්ල .(නු)
වසන්ත Thursday, 18 October 2012 05:44 PM
මුළු ලොකෙම යුද්ධයට හේතුව ඇමරිකාවයි.. ඔවුන්ට විරුද්ධව කතාකරන්න කෙනෙක් නැහැ.. එහෙම උනානම් ලෝකෙම රටවලට සාමය ලැබෙනවා.!(නු)
ශාමින් Thursday, 18 October 2012 07:11 PM
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
නන්දලාල් Thursday, 18 October 2012 08:18 PM
ලෝකයේ බොහෝ රටවල ඇතිවන යුද්ධ වලට මුල ඇමරිකාවයි (නි)
සුසන්ත Friday, 19 October 2012 01:51 AM
අයියෝ සල්ලි
පීටර් Friday, 19 October 2012 02:04 AM
ඇමරිකාව නැත්නම් මුස්ලිම් කට්ටිය මුළු ලෝකෙටම වැඩේ දීලා තියෙයි. එයාලට ඕනෑ ඔක්කොම එයාලගෙ පැත්තට ගන්න. (නි)
ෂලිනි Friday, 19 October 2012 09:12 AM
යුද්ධයේ අවසාන කාලයේ ප්‍රභාකරන් බේරන්න උත්සාහ කළේ ඇමරිකාව කියන්න තියෙන සාක්ෂි මොනවාද? දැන් ලංකාවේ ත්‍රස්තවාදීන් අධිකරණයට ඇවිල්ලා ලංකාව උතුරේ මිනිස්සු මැරුවා කිවුවොත් එයාව නිදහස් කරනවද? (නි)
නිරාන් Friday, 19 October 2012 09:43 AM
පීටර් මහත්තයා හරි. (නි)