X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


දකුණු අප්‍රිකා මිණි පහන මිහිකතට බාරයි

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ භූමදාන කටයුතු ඉරිදා (15) නැගෙනහිර කේප් ප්‍රාන්තයේ කූනු ගම්මානයේ දී සිදු කෙරේ.

මැන්ඩෙලා උපත ලැබුවේ ද කූනු ගම්මානයේය. භූමදාන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන බව දකුණු අපි්‍රකානු ජනපති ෙජ්කොබ් සූමා පවසා ඇත. මැන්ඩෙලාගේ දේහය තැම්පත් කෙරෙන්නේ, විශේෂයෙන් ඉදි කළ සොහොන් ගැබකය. එය මේ වන විට ඉදි කෙරෙමින් පවතී.

මැන්ඩෙලාගේ දේහය අද (13) වන තෙක් තැන්පත් කර තිබුනේ පි්‍රටෝරියා අගනුවර යූනියන් රාජ්‍ය ගොඩනැගිලි සංකීර්ණයේය.එම ගොඩනැගිලි සංකීර්ණය නෙල්සන් මැන්ඩෙලාගේ නමින් නම් කිරීමටද නියමිතය.

විදෙස් රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන් පසු මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට වයස් භේදයකින් ආගම් භේදයකින් තොරව වැල නොකැඩී මහා ජනකායක් පි්‍රටෝරියාහි ගොඩනැගිලි සංකීර්ණයට පැමිණියහ. ඔවුන් බොහෝ දෙනා මැන්ඩෙලාගේ දේහය දැක කඳුළු සෑලු බව ද වාර්තා වේ.

සෙසු අප්‍රිකා රටවල ගෝත්‍රික ජනයා පවා කිලෝ මීටර් දහස් ගණනක් දුන පයින් පැමිණ මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක් වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

( රොයිටර් ඇසුරෙනි)



අදහස් (0)

දකුණු අප්‍රිකා මිණි පහන මිහිකතට බාරයි

අමිල කටුනායක Friday, 13 December 2013 06:57 PM

හොදට සැලකිලි ලැබෙන්න නම් මැරෙන්නම ඕනේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 December 2013 07:22 PM

නැහැ අමිල මේ මනුස්සයා ජිවත් එලා ඉද්දිත් හැමෝම මේ උදාර මනුස්සයට ගරු කළා. මෙහෙම වැදුම් පිදුම් ලබපු අපෙත් නායකයෝ දෙතුන් පොලක් හිටියා.(නදී)

:       0       0

සුනිල් ගම්පොල Friday, 13 December 2013 09:26 PM

එයා විප්ලව වාදියකු උනාට ලංකාවෙ ප්‍රශ්නෙදි හිටියේ වැරදි පැත්තේ. එයාගේ දැක්මට අනුව කොටියා හරි මහ ජාතිය වැරදියි. තවමත් එයාගේ රටේ උදවිය දරන්නේ එම මතයමයි.(නදී)

:       0       0

මොහාන් Saturday, 14 December 2013 01:11 AM

ඔය වැරදියි සුනිල්. ඔහු සටන් කලේ හැමදාම සුළු ජාතිය වෙනුවෙන්.(නදී)

:       0       0

නරනප්පා Saturday, 14 December 2013 03:19 PM

සුනිල් ගම්පොල, නෙල්සන් මැන්ඩෙලා යනු ,නිදහස් අරගලයකට උරදුන් අයකු මිස .සමාජ විප්ලවයකට උරදුන් අයකු නොවෙයි.(නදී)

:       0       0

සමන් Saturday, 14 December 2013 11:48 PM

සුනිල් ගම්පොල, ත්‍රස්තවාදී සංවිධානයක හිටපු කෙනෙක් හැම වෙලාවෙම ගන්නෙ තවත් ත්‍රස්තවාදී සංවිදානයක පැත්ත මිසක් රජයක පැත්ත නොවෙයි. මනැන්ඩෙලා රාජ්‍ය නායකයෙකු වුණත් ඒ තත්වය වෙනස් වුනේ නැහැ. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site