X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


දකුණු ඉන්දියාව රත් වෙයි : 700ක් මරුට

ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට 700කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි. මෙම මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවද එරට වාර්තා සඳහන් කරයි.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් දක්වා වැඩිවී තිබිණි.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ දකුණු ඉන්දියාවේ තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් වලින් බවත් එම ප්‍රදේශවල සෙනසුරාදා වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් වැසියන් 140 දෙනකු මියගොස් සිටියහ.

උතුරු ප්‍රදේශයේ අලහාබාද් හි සෙල්සියස් අංශක 48 ක උෂ්ණත්වයක් වාර්තාවූ අතර අගනගරය වන දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා වැඩිවී තිබිණි.

බලධාරීන් එරට වැසියන්ට දන්වා සිටියේ වැඩිපුරම නිවාස තුළට වී සිටින ලෙසත් දියර වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙසත්ය.

ඉන්දියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තාවූයේ පසුගිය අප්‍රේල් මාසයේ වුවත් වැඩිවශයෙන්ම මරණ වාර්තාවූයේ පසුගිය සතියේය. අධික උෂ්ණත්වය හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ වැසියන් 246 දෙනකු පසුගිය සතියේදී මිය ගොස් සිටියේය. පළාත් බලධාරීන් පවසන්නේ දැඩි සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් මියගිය පිරිස 62 ක් වන බවය.

_83209039_83208325 _83209043_83209042 _83209047_83209046 _83214588_027383172



අදහස් (0)

දකුණු ඉන්දියාව රත් වෙයි : 700ක් මරුට

ගමගේ Tuesday, 26 May 2015 06:25 AM

අධික සූර්ය රශ්මියට හෝ අධික ශීතලට නිරාවරණය වීමෙනුත් ගං වතුර, සුළි සුළං, නායයාම් වැනි ස්වභාවික විපත්වලින් හැමවිටම මිය යන්නේ දුප්පතුන්. ඒ ස්වභාව ධර්මය විසින් ජන ගහන වර්ධනය පාලනය කරන හැටි වෙන්න ඇති. ජය ලලිතා ජයරාම් නැවත තමිල්නාඩුවේ මහා ඇමති වීමෙන් පසු දකුණු ඉන්දියාව රත්වීමේ ප්‍රවනතාව වැඩිවුනාවත්ද? (බ)

:       0       0

රූපසිංහ Tuesday, 26 May 2015 08:27 AM

පසුගිය මාර්තු සහ අප්‍රියෙල් මාසවල මට දැනුණු උෂ්ණත්වය නම් කියල නිම කරන්න බැහැ. දැන් ලංකාවේ උෂ්ණත්වය නම් එන්න එන්නම වැඩි වේගන එනවා වගේ. දැන්ම සිට අපි ඉන්දියාවට සිදුවූ සිදුවීමට මුහුණ දීමට පෙර පුහුණු වී සිටිය යුතුයි.(ම)

:       0       0

සුබා Tuesday, 26 May 2015 10:37 AM

ශ්‍රී ලංකාවෙත් තව ටික කාලයකින් ඔහොම වෙනවා. තියෙන ගස් කපල ගම්මාන පරිසරයට විරුද්ධව කරන සංවර්ධන හින්දා මේක අපේ ලොකු තැන්වල ඉන්න අයෙයට තේරෙන්නේ නැත්තේ අපේ කරුමෙට. (ම)

:       0       0

පුබුදු- Tuesday, 26 May 2015 01:07 PM

අපි දැනට ඉන්න රටෙත් 45c ට වැඩියි. මේක 50c දක්වාම යනවා හැම අවුරුද්දෙම මේකට දවල් දවසේ හිරුට නිරාවරණය වෙලා ඉන්න නරකයි.වතුර වැඩියෙන් බොන්න ඕන.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site