එංගලන්තයේ පස්වැනි මහමෙව්නා අසපුව වොරින්ටන් නුවරදී පසුගිය නිකිණි පුන් පොහොය දිනයේදී සඟ සතු කැරිණි.
උතුරු එංගලන්තයේ මනස්කාන්ත මර්සි ගංගා ඉවුරෙහි පිහිටි වොරින්ටන් නගරය වඩාත් ජනාකීර්ණ ලිවර්පුල් සහ මැන්චෙස්ටර් නගරයන්හි සිට කිලෝ මීටර් 25ක් පමණ දුරින් පිහිටි මධ්‍යම ප්‍රමාණයේ නගරයකි. මේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බොදුනුවන්ගේ ඉල්ලීම මත වොරින්ටන් මහමෙව්නා අසපුව ආරම්භකරමින් සෙනසුන් මහ සඟරුවන වෙත පුජාකිරීමේ පිංකම අගෝස්තු 29 නිකිණි පුන් පොහොය දිනයේදී සිදුවිය.
ලන්ඩන් මහමෙව්නා මුලස්ථානවාසි පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන ආරම්භක පිංකම සඳහා බුද්ධ පුජා, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, සිරි ගෞතම බෝධි වන්දනාවක් සහ පරිත්ථාන ධර්ම දේශනාවක් ඇතුලත්විය.
ආරම්භක පිංකම සඳහා අසපුව ආසන්නයේ පදිංචි බොහෝ පිරිසක් සහභාගිවුහ.
සියලුම දෙනා වෙත පිරිත් පැන් සහ පිරිත් නුල් ලබාදෙනු ලැබිය.
වොරින්ටන් මහමෙව්නා අසපුව පිහිටා ඇත්තේ 98, කාර්සල් ග්‍රීන්, කිංස්වුඩ්, වොරින්ටන් ඩබ්ලියු ඒ 5, 7 එක්ස් ඒ යන ලිපිනයේය. දුරකථනය 01925 900155 සහ 07880495329 ය.
ඉඩ පහසු සහිත විහාර ගොඩනැගිල්ල බුදුමැඳුරක්, දාන ශාලාවක්, පොත්ගුලක්,මුළුතැන්ගෙයක් ඇතුළු අනෙකුත් සියලු පහසුකම් වලින් යුක්ත වෙයි. දැනට මෙහි සෑම දිනකම බුද්ධ පුජා, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, දාන සීල භාවනා වැඩකටයුතු පැවැත්වෙන අතර ඉදිරියේදී දහම් පාසැලක්ද ආරම්භ කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇත.
ලන්ඩන් නුවර වොට්ඵර්ඩ් නගරයේදී 2007 බ්‍රිතාන්‍යයේ ප්‍රථම මහමෙව්නා අසපුව ආරම්භ විය. බැසිල්ඩන්, ඉෂර්, අක්ස්බ්රිජ්, ස්ටැන්මෝර් සහ වොරින්ටන් යන නගරයන්හි අසපු ශාඛා පිහිටුවා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දම් පවස නිවන්නට මර්සි ගඟ අසබඩත් මහමෙව්නාවක්