අනාරක්ෂිත ගල් වළක් වසා නොදැමීමෙන් තම පුතුන් මියගිය බව පවසමින් දරුවන් දෙදෙනා ම අහිමිවූ යුවලක් දරුවන්ගේ සිරුරු අධිශීතකරණයක තබාගෙන සිටිති. ඔවුන් පවසන්නේ රජයේ මැදහත්වීමෙන් කොන්ත්‍රාත් සමාගමක් විසින් සාදන ලද මේ ගල්වල වසා නොදැමීමට හේතු කවරේද යන්න අදාල වගකිවයුත්තන් විසින් රටට හෙළි කළ යුතු බවයි.
චීනයේ හනම් පළාතේ ලවුඩි නගරය ආසන්නයේ එම ගල්වළ පිහිටා තිබේ. මාර්ගයක් තැනීම සඳහා පස් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව එය අතහැර දමා ඇත්තේ වසර දෙකකට පෙරදීය. ඉන්පසු අනාරක්ෂිතව පැවති එතැන ළමුන් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටි ස්ථානයකි. වරින් වර මේ ගල්වළ වර්ෂා ජලයෙන් පිරී යයි.
වයස අවුරුදු තුනක් වයසැති චන්ග් සහ ඔහුගේ පස් වියැති සොහායුරු හුන්ග් මේ ස්ථානයේ සෙල්ලම් කිරීමට ගොස් ඇත. චන්ග් පය ලිස්සා වළට වැටී ඇති අතර හුන්ග් තම සොහොයුරා බේරාගැනීමට උත්සාහ ගත්ත ද දෙදෙනාට ම පිහිනීමට නොහැකි බැවින් ජලයේ ගිලී ගොස් ඇත. බියට පත්වූ අනෙක් මිතුරෝ සිය නිවෙස්වලට දිව ගියහ.
දරුවන් දෙදෙනාගේ මළ සිරුරු හමුවූයේ පැයකට පමණ පසුවය. ඉන් දිනකට පසු තවත් ළමයකු එම ස්ථානයේ දී ම දියේ ගිලී ඇතත් ඒ අසළින් ගමන්ගත් ගැමියකු එය දැක දරුවා බේරාගැනීමට සමත්විය. මියගිය දරුවන් දෙදෙනාගේ පියා ලිබියෝ (28) සහ මව අදර් වැංග් (27) තම පුතුන් දෙදෙනාගේ සිරුරු අධි ශීතකරණයක බහා තබාගෙන මේ මරණය සඳහා ප්‍රාදේශීය පාලනයෙන් වන්දි ඉල්ලා සිටිති. ඔවුන් දෙදෙනා දිගින් දිගටම කියන්නේ තම දරුවන්ගේ මරණයට හේතුවූ ගල් වළ වසා නොදැමීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය පාලනය හා ඉදිකිරීම් සමාගම නිදහසට කරුණු දැක්විය යුතු බවයි.
ඔවුන්ගේ අසල්වැසියන් පවසන්නේ මේ දෙමාපියන් තම පුතුන් දෙදෙනා ඉතා හොඳින් රැකබලාගත් බවයි.
දරුවන්ගේ පියා ලිබියෝ මෙසේ කියයි.
‘‘ අපේ දරුවන් දෙදෙනා මේ ගල් වළට වැටී මියයාමට පෙර මේ ස්ථානයේ වෙනත් දරුවකු වැටී මියගියා. ඒ අවස්ථාවේදීවත් අනාරක්ෂිත වළ වසා දැමීමට පාලකයන් උනන්දු වුණේ නැහැ. අපි ඉල්ලා සිටිනවා මේ වළ හැකි ඉක්මණින් වසා දමන්න කියා. අපි දන්නේ නැහැ ඔවුන් මේ වළ වසන්නේ නැතිව තියාගෙන ඉන්නේ ඇයි කියා. අපේ දරුවන් දෙදෙනා අහිමිවීමේ වගකීම ඔවුන් භාරගත යුතුයි. ඒ වෙනුවෙන් අපට වන්දි ගෙවිය යුතුයි. “
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දරු දෙදෙනා අධි ශීතකරණයේ
නිර්මාල් Sunday, 03 August 2014 05:51 PM
මෙහෙව් රටවල කෙරුම් මෙහෙම තියෙද්දීද අපේ රටේ අය මොවුන්ගෙන් අපේ වැඩ කරගන්නේ? (නි)
සේරම් Monday, 04 August 2014 03:05 AM
ලංකාවේ ලොකුම මිතුරනේ. ගෙදරට මරගාතේ ලොවට පරකාසේ (නදී)
පිටබැද්දර ජයා Monday, 04 August 2014 05:51 AM
පවු මේ අම්මයි තාත්තයි ! (දී)
අනු Monday, 04 August 2014 06:15 AM
දරුවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා (දී)
රජින්ද Monday, 04 August 2014 06:46 AM
අහෝ දරු දුක...!! (දී)
සත්‍යපාල Monday, 04 August 2014 11:03 AM
යුක්තිය වෙනුවෙන් ඒ දෙමාපියන් කරන අරගලය අපිටත් ආදර්ශයක්. (ස)
බෙනට් Monday, 04 August 2014 12:39 PM
තව දවසකින් දෙකකින් චීන රජය සහ අදිකරණය කියයි මේ ජෝඩුව චීනයේ සංවර්දනය කඩාකප්පල් කරන්න සැලසුම් කරනවා කියලා. එහෙම කියල ටික දවසකට හිරේ දමයි. වන්දියක් නම් මැරුණත් හම්බ වෙන්නේ නෑ. (නදී)
මාලි Monday, 04 August 2014 05:41 PM
දරු දුකට සිමාවක් නැහැ. දරු පැටවුන් දෙන්නාට නිවන්සුව ! වැලපෙන දෙමාපියන් ගේ හිත් සුවපත්වේවා (නදී)
පුබුදු Monday, 04 August 2014 11:12 PM
බලාගෙන ගිහාම හැම රටක්ම එකවගේමයි (නදී)
කුමාර Friday, 08 August 2014 03:41 PM
දැන්වත් අපි ඉගෙනගමු බාරගත් වැඩ හරියට ඉවර කරන්න. (අ)