ගින්නෙන් දැවෙන මහල් නිවාසයේ තව දුරටත් දරු දෙදෙනා ආරක්ෂා සහිතව තබා ගත නොහැකි තැන ඔවුන්ව නිවසේ ජනේලයෙන් එළියට තල්ලූ කර දැමීමට රුසියා ජාතික මවක් කටයුතු කළාය.
තට්ටු ගණනක සිට පහළට වැටෙන දරුවන් දුටු පිටත රැස්ව සිටියෝ වහ වහා ඇදන් රෙදි ගෙනවිත් ඒවා දිගහැර පොළවට ඉහළින් තදින් අල්ලාගෙන දරුවන් ඒ මතට වැටෙන්නට සැළැස්වූහ.
දරු දෙදෙනාම බේරා ගැනීමට ඔවුහු සමත්වූහ.
තමන්ගේ බර ඇදන් රෙදි වලට දැරිය නොහැකියැයි බියවූ මව පහළට නොපැන්නාය.ඇය ගිනි නිවීමේ භටයින් පැමිණෙන තෙක්ම ගිනි ගෙන දැවෙන නිවසේ රැදී සිටියාය.
භටයින් පැමිණ ඇය ගලවා ගන්නා විට ඇය සිටියේ දුම ආඝ්‍රාණය කර අසාධ්‍ය තත්ත්වයේය.වහ වහා ප්රථමාධාරදී ඇය ද ග,වා ගැනීමට ගිනි නිවීමේ භටයෝ සමත්වූහ.
මහල් නිවාසයේ ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණයව නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දරු දෙන්නා මහල් නිවසින් බිමට දමයි
ශීලා Friday, 09 May 2014 03:19 AM
බටහිර සංස්කෘතිය සහ එහි සම්බන්ධතා ගැන හසරක් නොදැන නිල චිත්‍රපටි වලින් සහ වාණිජ චිත්‍රපට වලින් පමණක් බටහිර දිහා බලන ඊනියා සුජාතවාදින්ට හොඳ පුවතක්. (නි)
පද්මේ Friday, 09 May 2014 09:06 AM
ශීලා ප්‍රවෘත්තිය රුසියාව ගැන. සැබෑ මවකට දේශය ප්‍රශ්නයක් නොවෙයි. (ස)
හේමන්ත Friday, 09 May 2014 09:22 AM
ශීලා, මේ කතාවෙන් ඔයා බටහිර සංස්කෘතිය ආසියා සංස්කෘතියේ සමස්තයට සමාන කරන්න යන්න එපා. තිරිසන් සතුන්ද තම පැටියන් සහ වර්ගයා අනතුරක වැටෙන විට ජීවිත පරිත්‍යාගයෙන් උන්ව බේරාගන්න යනවා. ඒක සියලු සත්ව වර්ගයාගේම හැටි. (ස)
දම් Friday, 09 May 2014 11:05 AM
ශීලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක් වගේ. (ස)
තේජා Friday, 09 May 2014 01:58 PM
බොරු සුචේරිතවාදියෝ.(නදී)
ගයාන් Friday, 09 May 2014 08:45 PM
රට , ජාතිය , ආගම ,සංස්කෘතිය මේ මොන දේවල් වලින්වත් මනුස්සයකුගේ මනුස්ය ගතිය කියන්න හැකියාවක් නොමැත.මම රටවල් ගොඩක් මිනිසුන් ඇසුරින් ලබපු අත්දැකීමකින් කියන්නේ, ඕනෑම රටක හොඳ මනුස්ය ගති තියෙන මිනිසුන් තවමත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි (නි)
සිරි Friday, 09 May 2014 09:16 PM
ශීලා, රුසියාව මොන බටහිර සංස්කෘතියක්ද? (ස)
ලලිත් Friday, 09 May 2014 11:07 PM
සමහරු වලිගය පාගාගෙන වගේ. පවු මුකුත් කියන්න එපා. (ස)
දිනා Saturday, 10 May 2014 12:00 AM
ශීලා අක්කගේ කතාව හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ (දී)