X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දරුණු රෝගයකට දෙළුම් ප්‍රතිකාරයක්

මොළයේ සෛල විනාශ කරන අල්ට්ස්හයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති.  

මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකි. ඔවුන් පවසන්නේ දෙළුම්වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් නමැති රසායනිකය හේතුවෙන් මොළයේ සෛල විනාශ වීම වැළැක්වෙන බවයි. දෙළුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවයි.

රසායනාගාර පර්යේෂණ මගින්  සොයාගෙන ඇති අපූර්ව දෙය නම් දෙළුම් වල ඇති පුනිකැලජින් මොළයේ ඇති සියුම් සෛලවල ඉදිමුම් සමනය කිරිමට සමත්වන බවයි.

වෛද්‍යවරුන්ට අනුව අල්ට්ස්හයිමර් රෝගයට ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත. දෙළුම් වල ඇති පුනිකැලජින් භාවිතා කරමින් මේ රෝගයට ප්‍රතිකාරයක් සොයාගත හැකියැයි විද්‍යාඥයෝ විශ්වසය පළ කරති.

පර්යේෂණයේ ප්‍රධානි ලෙස කටයුතු කර ඇත්තේ ජර්මනියේ ෆ්රිබර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඕලමැයකුන් ඔලජිඩි ය. ඔහු හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ සම පර්යේෂකයන් සමග කටයුතු කර ඇත.

අල්ට්ස්හයිමර් රෝගයෙන් බ්‍රිතාන්‍යයන් 800,000ක් පමණ පීඩා විදින අතර වසරකට 163,000ක් අලුත් රොගීන් එරටින් වාර්තාවේ.

 

 



අදහස් (0)

දරුණු රෝගයකට දෙළුම් ප්‍රතිකාරයක්

අසෝකා Sunday, 31 August 2014 11:57 AM

ලංකාවට නම් මේක අලුත් දෙයක් වෙන එකක් නැහැ. මොකද ලංකාවේ බොහෝ දෙනා දන්නවා දෙළුම් කියන්නේ සියලු රෝගවලට ගුණයක් එන පළතුරක් කියලා. තවමත් අපේ ගම්බද ගෙවල්වල වයසක අමාරු රෝගියෙක් හිටියොත් තව දවස් කීපයක් හරි ජිවත් කරවන්න කියල හිතාගෙන දෙන්නේ දෙළුම් ඉස්ම ටිකක් තමයි. මේක පිටරක පුවතක් නිසා අපේ සමහරු ඉහලින්ම පිළිගනීවි. (නදී)

:       0       0

රූපවතී Monday, 01 September 2014 04:58 AM

හුගක් ලෙඩ රෝගවලට හොඳ බෙහෙතක් (නදී)

:       0       0

සිල්වා Monday, 01 September 2014 05:00 PM

ඉතා හොඳ ආරංචියක් (නි)

:       0       0

අමීන් Tuesday, 02 September 2014 07:12 AM

ස්වර්ගයේද ඇති විශේෂ අහරක් කියා අසා ඇත්තෙමි. (නි)

:       0       0

ඉරෝෂ් Tuesday, 02 September 2014 09:39 AM

මේකෙන් ගොඩක්ම හොඳ වෙන්නේ ලංකාවේ හැදෙන ගම් දෙළුම් නේද? (නි)

:       0       0

නිරෝෂන් Tuesday, 02 September 2014 10:56 AM

ඉතා වැදගත් ආරංචියක් (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 02 September 2014 04:47 PM

බඩේ අජීර්ණයට මීට වඩා බෙහෙතක් නැහැ. අත්දැකීමෙන් කියන්නේ (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 04:05 AM

මේ දැනුම සමාජගතකරන එක ගොඩක්ම ගොඩක් හොද වැඩක් .ලංකාවේ මතය තියෙන්නේ පන අදිනකෙනෙකුට වුණත් තව සුළුවෙලාවක් හරි ජීවත් වෙන්න දෙළුම් ඉස්මටිකක් පොවන්න කියල.ලංකාවේ පර්යේෂණ කරලා නෙවෙයි එහෙම කිව්වේ අද්දැකිමෙන් (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 04 September 2014 06:49 AM

ඇස රතුපාට උනාම දෙළුම් කොළ තම්බපු වතුරෙන් ඇස හෝදනවා. (ස)

:       0       0

එරංග Thursday, 04 September 2014 09:41 AM

කොමෙන්ට්ස් දාපු හැමෝටම මේ කියන්නේ. ඉන්දියාවෙන් එන ලොකු දෙළුම් වල ගුනට වැඩිය ඇත්තේ වස. එ්ක නිසා ලංකාවේ හැදෙන බෙහෙත් නොගහපු දෙළුම් කන්න. (නදී)

:       0       0

අම්පාරේ දුමිත Friday, 05 September 2014 03:51 PM

දෙළුම් පිලිබඳ ලංකික කතාබහ මීට සියවස් ගණනාවකට එහා දුරක් විදෙස් දේවල් පසුවය් ආවේ (අ)

:       0       0

වසන්ත Sunday, 07 September 2014 03:28 AM

ඇත්තටම ජීව ඖෂධයක්. මගේ තාත්තා මියයද්දී වයස 89යි. අවසාන දවස් කිහිපය කෑම ප්‍රතික්ෂේප කළා.දෙළුම් ඉස්මෙන් දවස් 3 වඩා ජීවත් වුණා.හොඳ සිහියෙන් අවසාන දවසේ අපෙන් සමුගත්තේ (නි)

:       0       0

සුදත් Thursday, 23 October 2014 11:05 AM

හැමෝම ප්‍රතිචාර දක්වා තිබෙන විදිහට හැමෝම දැනුවත්. අපේ රටේ තමයි නියම ගුණාංගයෙන් යුතු බෝග වර්ග ඵල දරන්නේ. ඒක තමයි පිටරැටියෝ මෙහෙ ඇවිල්ලා තුට්ටු දෙකට පේටන්ට් එක අරගෙන යන්නේ. බුද්ධිමත් විදියට කල්පනා කරන්න ඕනෑ අපේ අනාගතය ගැන. (නි)

:       0       0

ඩබ්.කුමාර Tuesday, 09 June 2015 11:49 PM

අපව දැනුවත් කළාට තුති...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site