X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දරුවා බේරන්න ගෝරිල්ලාට වෙඩි තබයි

ඇමරිකා එක්සත් ජනපදයේ සින්සිනාටි සත්වෝද්‍යානයේදී සිව් හැවිරිදි දරුවකු බේරාගැනීමට ගෝරිල්ලකුට වෙඩි තබා මරා දැමීමට සිදුවූ බව විදෙස් පුවත් සේවා පවසයි.

එම දරුවා ගෝරිල්ලකු සිටි කූඩුවකට ඇද වැටීම හේතුවෙන් දරුවාගේ ආරක්ෂාව පතා ගෝරිල්ලාට වෙඩි තබා ඇතැයි කියති.

අඩි 10ක් පමණ උසැති ස්ථානයක සිට දරුවා ගෝරිල්ලා සිටි කූඩුව අසල දිය අගලකට වැටී ඇතැයිද ගෝරිල්ලා දරුවා ඇදගෙන කෙටි දුරක් ගමන් කර ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කරයි.

දරුවා ආරක්ෂා කර නොගැනීමට විරුද්ධව දරුවාගේ දෙමාපියන්ට එරෙහිව සින්සිනාටි පොලිසිය හා සත්වොද්‍යාන බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව 2000ක පමණ පිරිසක් පෙත්සමක් අත්සන් කර ඇතැයි කියති.

සින්සිනාටි පොලිසිය පැවසූයේ දරුවාගේ දෙමාපියන්ට එරෙහිව කටයුතු කර නැති බවයි. 



අදහස් (0)

දරුවා බේරන්න ගෝරිල්ලාට වෙඩි තබයි

අතුල Monday, 30 May 2016 12:01 PM

අසරණ සතා තමා අන්තිමට ජීවිතෙන් වන්දි ගෙව්වේ! මේ මිනිස්සුන්ට ළමයෙක් බලා ගන්නවත් බැරිද? කුඩුවක් හරියට හදාගන්න බැරිද?(ම)

:       0       0

විජය Monday, 30 May 2016 01:44 PM

මීට කලිනුත් වෙන රටක මිනිහෙකුව බේරන්න සිංහයෝ දෙන්නෙකුට වෙඩි තියලා මරලා තිබුනා නේද.සත්තුන්ව මරන්නේ නැතුව සිහි නැතිවෙනන්න විතරක් දුර ඉදලා විදින්න පුළුවන් බෙහෙත් ඔය සත්වෝද්‍යාන වල නැත්ද අපේ රටේ තුවාල වුනු අලින්ට එහෙම බෙහෙත් දාලා වෙඩි තියලා අල්ලලා තුවාල වලට බෙහෙත් කරනවා කියල මම අහලා තියෙනවා. (බ)

:       0       0

විජය Monday, 30 May 2016 04:12 PM

මම අදහස් දැම්මත් වැඩක් නැහැ. (බ)

:       0       0

කයාන් Tuesday, 31 May 2016 12:09 AM

කැලේ ඉන්න ඕන සතුන්ව ගෙනල්ලා කරන අපරාදයක්..! අර කිව්වත් වාගේ සිහි.නැති කරලා ළමයාව බේර ගන්න බැරි උනාද මොවුන්ට.?(රේ)

:       0       0

දිලූ Tuesday, 31 May 2016 02:01 AM

තමන්ගේ ළමයව බලාගන්න බැරි දෙමාපියන්ටයි වෙඩි තියන්න තිබුනේ. මේ සතා කරදරයක් කරලා නැහැනේ. අනික ඇයි නිර්වින්දනය කරලා බේරගන්න බැරි වුණේ? එහෙනම් දෙන්නම බේරෙනවනේ. කැලේ ඉන්න අහිංසක සත්තු කූඩු වල දාලා හිර කරලා මොකක්ද ලබන සතුට? දෙමාපියනුත් දැනගන්න ඕනෑ ඔයවගේ තැනකට දරුවෝ ගෙනියද්දි කල්පනාවෙන් ඉන්න. (නි)

:       0       0

අයේශ් Tuesday, 31 May 2016 02:27 AM

විජය හා කයාන්ට පිස්සුද? බෙහෙත් විදලා සිහි නැතිවෙනකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. (නි)

:       0       0

ශාන් Tuesday, 31 May 2016 05:22 AM

මේක ළමයාගේ වෙලාවට පිට රටක උනේ අපේ රටේ උනානම් වෙන්නේ ගෝරිල්ල බෙර ගන්න ළමයට වෙඩි තියන එක උගත් දෙශපාලකයෝ ඉන්න එකම රට අපේ රට (කෞ)

:       0       0

ශාන් සෞදි Tuesday, 31 May 2016 05:34 AM

මේ සතාට මිනිසාට මෙන් යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙන නිසා නිර්විදන එන්නත් කළොත් ඒකෙන් දැනෙන වේදනාව නිසා දරුවාව මරණය පත් කරන්න ඉඩ තිබුන ක්ෂණිකව සතා අඩපන කරන්න නිර්වින්දන වලට බෑ ඒකයි නමුත් මෙවන් අවස්ථාවක මේ සත්ව කුඩුවට ඇතුල් කර ගන්න ක්‍රමවේදයක් තිබීම වැදගත් මොකද මේ දරුවා වැටුණු අවස්ථාවේ දරුවා ගැන සිතා මවත් පැන්න නම් මොකද වෙන්නේ එවන් අවස්ථා වලදී සත්ව අනෙක් පැත්තට ගැනීම හා කුඩුව කොටස් දෙකකට වෙන් කර ගැනීමට හා කොටස් දෙකටම වෙන වෙනම ඇතුල් විය හැකි පහසුකම් සහිත යාන්ත්‍රික ක්‍රම වේදයක් නිර්මාණය කල යුතුය (බ)

:       0       0

උපාලි Tuesday, 31 May 2016 06:31 AM

මිනිස්සුන්ගේ වැරදි වලට අහිංසක සත්තු වන්දි ගෙවනවා. ඇමෙරිකාවෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි. (ම)

:       0       0

ඉන්දු Tuesday, 31 May 2016 07:05 AM

ගහ කොළ සතා සීපාවා අපේ බූදලය කියල හිතන අශිෂ්ඨාචාර ලෝකයට දැනටමත් ස්වභාවධර්මය පාඩම් උගන්වලා තියෙනවා, තේරුම් නොගත්තාට..(ම)

:       0       0

කමනි Tuesday, 31 May 2016 07:45 AM

අනේ මෙහෙමත් කතා! දරුවකුගේ ජීවිතයට වඩා ගෝරිල්ලකුගේ ජීවිතය වටින්නේ කොහොමද? (ම)

:       0       0

සම්පත් Tuesday, 31 May 2016 11:08 AM

නිවැරදි තීරණයක් (ම)

:       0       0

යසන්ත Wednesday, 01 June 2016 08:02 AM

පවු අහිංසක සතා!

:       0       0

නිම්මි Wednesday, 01 June 2016 03:15 PM

අනේ මන්දා මොනවා කියන්නද කියලා? දෙමාපියන්ගේ වරද. එ්ත් ඉතින් බැරිවීමුත් වෙනවනේ. පව් ගෝරිල්ලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site