ඉන්දීය අගමැති මන්මෝහන් සිං පෙරේදා රුසියාවේ සංචාරයක් ආරම්භ කළේය. ඒ දෙරට අතර මේ වසරේ හමුවීම් වල පළමු අවස්ථාව වශයෙනි.මෙම හමුවේදි ඉන්දීය අගමැතිවරයා රුසියානු ජනපති වැලැඩිමීර් පුටින් හමුවීමට නියමිත අතර එහිදි දෙරටේ ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නියමිතය.
මොස්කව් බලා පිටත් වීමට පෙර ඉන්දීය අගමැති මන්මෝහන් සිං පැවසුවේ රුසියාවත් ඉන්දියාවත් අතර සම්බන්ධතාව ඉතා ශක්තිමත් එකක් වන බවය. ආරක්ෂාව,න්‍යෂ්ටික ශක්තීන්,විද්‍යාව හා තාක්ෂණය, හයිඩ්‍රෝ කාබන්,වෙළදාම හා ආයෝජන සහ ශ්‍රම සම්පත් හුවමාරු කර ගැනීම ආදි සෑම අංශයකින්ම ඉන්දියාවත් රුසියාවත් අතර ඇති සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට හේතු වන බවද ඔහු පැවසීය.
2000 වසරේ සිට ඉන්දියාවත් රුසියාවත් අතර මෙම හමුව වාර්ෂිකව සිදුවන අතර එය දෙරටෙහි සම්බන්ධතා වර්ධනය කරගැනීමට හැකි වූ බවත් එමගින් දෙරටටම විශේෂ වරප්‍රසාද හිමි වූ බවත් ඉන්දීය අගමැතිවරයා තවදුරටත් පවසා සිටියේය.
මෙම වාර්ෂික හමුව 14 වැනි වරට පැවත්වෙන අතර ඊයේ ඉන්දීය අගමැතිවරයා රුසියා ජනපති පූටින් හමුවීමට නියමිතව තිබුණි.එය ඉන්දීය අගමැතිවරයා මොස්කව්හිදි රුසියා ජනපති හමුවන පස්වන අවස්ථාව බවද පැවසේ.
මෙහිදි තවදුරටත් ඉන්දීය අගමැතිවරයා පැවසුවේ මෙම ද්විපාර්ශවික හමුවීමේ වැදගත්කම පිළිබදව තමන් රුසියානු ජනපතිවරයාට දන්වන බවත් මෙම අවස්ථාව සෑම අතින් දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට යොදගන්නා බවය.
එසේම ඉන්දියාවත් රුසියාවත්, ලෝක අර්බුද වලදි මෙන්ම කලාපීය අර්බුද වලදි සහයෝගයෙන් කටයුතු කළ බවත් ඉන්දියාව සෑම විටම රුසියාව ලෝකයේ සහයෝගීතාව, සංවර්ධනය සහ අන්‍යෝන්‍ය සම්බන්ධය වර්ධනය කරගැනීමට ගන්නා කි‍්‍රයාමාර්ගයන් අගය කරන බවද ඉන්දීය අගමැතිවරයා පවසා සිටියේය.
රුසියාව සමග ලෝක සංවර්ධනය ගැන පුළුල්ව සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම ඉන්දියාව ආසන්නයේ පිහිටි බටහිර ආසියානු කලාපයේ හා ඇෆ්ගනිස්තානයේ අර්බුදකාරී තත්වයන් පිළිබදවද සාකාච්ඡා කරන බව ඉන්දීය අගමැතිවරයා තවදුරටත් පවසා සිටියේය.
මෙම සාකච්ඡුා වලින් පසුව ඊයේ (21) රුසියා ජනපති හා ඉන්දීය අගමැතිවරයා දිවා ආහාරයකට සහභාගී වීමට නියමිතව තිබූ අතර අනතුරුව ජාත්‍යන්තර සබදතා පිළිබද මොස්කව් රාජ්‍ය ආයතනය විසින් ඉන්දීය අගමැතිවරයාට ගෞරව ආචාර්ය ය උපාධියක් පිරිනැමීමටද නියමිතව තිබුණි.
![]() |
රුසියානු නියෝජිතයන් ඉන්දීය අගමැති පිළිගනිමින් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට ඉන්දීය අගමැති රුසියාවේ සංචාරයක
වේලුසාමි Tuesday, 22 October 2013 10:08 AM
වඩේ වඩේ වඩේ... (නදී)
වේලුසාමි Tuesday, 22 October 2013 10:11 AM
තවද මෙම සංචාරයේ අරමුණක් වනුයේ බීබීසී‘ය මගින් පෙන්වා දුන් සෑම පාරේ මලපහ කරන ඉන්දියානුවන්ට වැසිකිලියක් සාදා ගැනීමට ආධාර ගැනීමටයි.(නදී)
නන්ද Tuesday, 22 October 2013 11:21 AM
අපේ රට ගැන රුසියාවෙන් අහගන්න .. ජයලලිතාට නැමෙන්නේ නැතුව. (ස)
කාමෙල් Tuesday, 22 October 2013 12:20 PM
එහෙත් වඩේ පොසිල තියනවද බලනවද ඇති නිජබිම් හොයන්න. බලාගෙන රුසියාවෝ... (ස)
ලාල් Tuesday, 22 October 2013 02:09 PM
ජයලලිතාගෙන් අහලද ගියේ? අවසර දුන්නද? (නි)
දයා අලහකෝන් Tuesday, 22 October 2013 03:14 PM
ඔය ගමන්ම යමින් ගමන ලංකාවට ඇවිත් යන්න.ලලිතාට කින්න ඕන නැහැ. (ස)
කුමාර් Tuesday, 22 October 2013 04:37 PM
දැන් නැවත රුසියාව පසුපස්සේ යනවා. මුලදී රුසියාව පසුව ඇමෙරිකාව. ආර්ථිකය ගොඩ එනකොට නැවතත් රුසියාව. (නි)
රණා Tuesday, 22 October 2013 05:35 PM
ලංකාව ගැන ඇමරිකාවේ පණිවුඩයක්වත් අරගෙන ගියාද? (නි)
යු. එස්. ඒ Tuesday, 22 October 2013 06:42 PM
ඉස්සර නේරු සහ ඉන්දිරා ගාන්ධි සිටිනා කාලයේ ඉන්දියාවේ පළමු හිතවතා වුයේ රුසියාව (සෝවියට් දේශය ) පසුව ඉන්දියාව එය අතහැර ඇමරිකාව දෙසට රට ගෙන ගියා. දැන් ඉන්දියාව නටන්නේ ඇමරිකාව කියනා ආකාරයට. දැන් නැවත රුසියාව පැත්තට යන්නට සැරසෙන්නේ මොකක් හෝ අලුත් අදහසක් ඇතිවයි. එහෙත් එය ඉන්දියාවට වාසිදායක ලෙස දෙයක් වනවා නොඅනුමානය (නි)
ගුණේ Tuesday, 22 October 2013 08:43 PM
ඔබාමා ඇවිත් ගියාට පසු ඇමරිකන් පන්දම අරගෙන රුසියාවට වැඩියා. හේතුව සිරියාවට ඇමරිකාවෙන් ආපු තර්ජනය පුස් කරපු රුසියාවේ ශයක්තිය දැකපු නිසා. (නදී)
ලෝලි Tuesday, 22 October 2013 10:51 PM
ඉන්දියාව අපට ලංගම සිටින සතුරෙකි . එහෙත් අපට ඔහුගෙන් ගැලවිමක් නොමැත . ලංකාවේ සියයට 99 කම ඉන්දියානු ආක්‍රමණයට ගොදුරුවී හමාරය . අද බොහෝ සිංහලයන් අඳින්නේ පලදින්නේ කන්නේ බොන්නේ නටන්නේ ඇඳුම පැලදුම ඔවුන් අනුකරණය . වාහන මෝටර් සයිකල හෝටෙල්ස් පෙට්රෝල් ගබඩා සියල්ල ඔවුන්ගේය .(ස)