X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


දැන් වැසි වනාන්තර අතීතයේ තණ බිම් ?

ලොව වැසි වනාන්තර වැඩි ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නේ අදින් වසර 2000ට පමණ පෙර දී යැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත. බොලීවියාවේ වනාන්තර ආශ්‍රිතව කිලෝ මීටරයක් දිගට මීටර තුනක් ගැඹුරු හා මීටර හතරක් පළලැති අගලක් කණිමින් කරන ලද පරීක්ණයකින් පසු පුරා පාරිසරික විද්‍යාඥයන් කණ්ඩායමක් මේ බව කියති.

පර්යේෂකයන් පවසන්නේ ලොව වැසි වනාන්තර බොහොමයක් අදින් වසර 2000ට පෙරාතුව සවානා තෘණ භූමි හා අතීත ජනතාවගේ වගා බිම් ලෙස තිබී ඇති බවයි. ලෝකයේ පාරිසරික ඉතිහාසය සැළකූ විට වසර 2000 ක් යනු ඉතා කෙටි කාලයකි. එතරම් කෙටි කාලයක දී සවානා තෘණ භූමිවල සිට රූස්ස ගස් සහිත වැසි වනාන්තර දක්වා පාරිසරික විපර්යාසයක් වීමට හේතුවන්නට ඇත්තේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන කක්ෂයේ වෙනසක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතයයි. ඒ අනුව තෙත් හා වියළි කාලගුණික තත්ත්වයේ ඇති වූ වෙනස් කම් වැසි වනාන්තර ඇති වීමටත් සවානා භූමි අහිමි වීමටත් හේතු වන්නට ඇත.

මෙය අපූර්ව හා විශ්මය ජනක සොයාගැනීමක් බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ නූතන වැසි වනාන්තර රැසක ගස්වලට යටින් ඇති පස් අතීත රොන් මඩ වලින් සමන්විත වන අතර ඒවායේ තෘණ වර්ගවල පරාග අති විශාල සංඛ්‍යාවක් හමුවන බවයි. අතීතයේ සවානා බිම්වල දඩයම් කරමින් ජීවත් වූ මානවයා ඒවා වැසි වනාන්තර බවට පරිවර්ථනය වීමට පෙර ඉර්‍රඟු වගා කළ බවට සාක්ෂි ද හමුවී ඇත.

දේශගුණික විපර්යාසත් සමග තෘණ භූමි වැසි වනාන්තර බවට පත්වෙද්දී ඇතැම් ජන කොටස් තවදුරටත් සවානා බිම්වලටම සංක්‍රමණය වී ඇති බවත් තවත් සුළු කොටසක් වැසි වනාන්තර භූමියේ ම ජීවත් වී ඇති බවත් පර්යේෂකයෝ කියති.



අදහස් (0)

දැන් වැසි වනාන්තර අතීතයේ තණ බිම් ?

ලක්ෂපාන Sunday, 13 July 2014 04:34 PM

මුහුද කලින් කාන්තාරයක් කියල කිව්වොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site