X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


දැරිය කැමරාවටත් දෑත් ඔසවා යටත් වෙයි

සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන ඇට්මෙන් සරණාගත කදවුරට මාධ්‍යවේදී ඔස්මන් සගිර්ලි පැමිණියේ ලියමින් සිටි අලූත්ම පුවත්පත් වාර්තාවට ඡායාරූප කිහිපයක් ලබාගැනීමටය.

මවගෙන් මිදී ඈතට දිවයමින් සිටි කුඩා දැරියක ඔහුගේ ඇස ගැටුණේ එක්මනමය.තමාගේ පුවත්පත් වාර්තාවට ඇයගේ ඡායාරූපයක් කදිම වනු ඇතැයි සිතා ඔහු ඇය පසුපසින් වැටුණි.

කැමරාවත් ඔසවාගෙන තමා දෙසට එන මාධ්‍යවේදියා දුටු කුඩා දැරිය ගල්ගැසුණාක් මෙන් නතර වූවාය.දෙඅතම ඉහළට ඔසවා යටත්වන බව ඇගවූවාය.ඇයගේ දෑසේ කදුළු පිරී තිබුණි.

ඇයගේ හැසිරීම ඔස්මන් සගිර්ලිට ප‍්‍රහේළිකාවක් විය.කැමරාවක් රැගෙන පැමිණි තමන් දැක ඇය දෑත් ඉහළට එසවූයේ ඇයුරු  මද වේලාවක් ගතවෙද්දී ඔහුට එය වැටහිණ.කුඩා දැරිය සිතා ඇත්තේ කැමරාව ගිනි අවියකැයි කියාය.ඇය දෑත් තම ඔසවා යටත්වන බව පෙන්වූයේ ඒ නිසාය.

එම අවස්ථාවේ ඔස්මන් ගත් ඡායාරූපය මේ වන විට ලොව පුරා මහත් ප‍්‍රසිද්ධියක් අත්කරගෙන ඇත.බොහෝදෙනා ලෝකය ගැන උපන් කළකිරීමෙන් යුතුව ඡයාරූපය ගැන අදහස් පළකර තිබෙනු දැකගත හැකිය.වැඩිහිටියන්ගේ වුවමනාවට සිදුවන යුද්ධයෙන් විනාශවී ඇත්තේ කුඩා දරුවන්ගේ අනාගතය බව ඔවුන් පවසන්නේය.

වසර 5 කට අධික කාලයක් දිවෙන සිරියාවේ සිවිල් යුද්ධයෙන් මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව සදහන්ය.සහන සේවා සංවිධාන ඉදිරිපත් කර තිබෙන වාර්තා වලට අනුව ඉන් දස දහසක් පමණ කුඩා දරුවන්ය.

ලක්ෂ 120  ක පමණ මහා ජනාකායක් අවතැන්ව සිටින අතර ආහාර සපයාගත නොහැකිව ඔවුන් බහුරතය සිටින්නේ හා මත්වය.තත්ත්වයට පිළියම් වශයෙන් පිටි ආනයනය කිරීමට සිරියා රජය පියවර ගෙන ඇත.

මෙසේ විදේශයක සිට පිටි ආනයනය කිරීම අතීතයේ ස්වයංපෝෂිත ආර්ථිකයකට උරුමකම් කී සිරියාවට නුහුරු දෙයක් වන අතර රට වැටී තිබෙන ආගාධය කෙතරම් ගැඹුරුදැයි එයින්ම පෙනෙන බව විශේෂඥයෝ කියති.

 

271CF7B600000578-3019198-image-m-7_1427788417584 2728ADFB00000578-3019198-image-a-16_1427789602689



අදහස් (0)

දැරිය කැමරාවටත් දෑත් ඔසවා යටත් වෙයි

මුදියන්සේ Thursday, 02 April 2015 01:52 AM

මේ අපි දකින ඡායාරූපය සේම මගේ හදවතට දැනුණ කෙනෙක් මෙතන අදහස් ඉදිරිපත්කර තිබෙනවා මට මතක හැටියට ඇය මීට පෙර මේ තීරුවට වටිනා අදහස් දැක්වූ තැනැත්තියක්. ඇමරිකාව පමණක් නෙමෙයි සමහර ආගමික බලවේග මේ යුද්ධයට වගකිවයුතුයි.ඉතින් රූපවති නංගි ඇතුළු සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

කලීල් Wednesday, 01 April 2015 01:41 PM

ලෝක බලවතුන්ට මේවා පෙනෙන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සොපී Wednesday, 01 April 2015 02:35 PM

යුද මානසිකත්වය කෙතරම් පීඩාකාරිද? (නි)

:       0       0

මැගී Wednesday, 01 April 2015 02:38 PM

ලංකාවටත් ඔය කල යනවා දකින්න සමහර බටහිර බලවේග දත මැදගෙන බලාසිටින බව අමතක නොකරන්න. (නි)

:       0       0

ලලිත් Wednesday, 01 April 2015 02:42 PM

මේ ඔක්කොටම මුල ඇමරිකාව නිකන් හිටපු රටවල් අවුස්සලා යුද්ධ වලට පටළවාගත් එක (නි)

:       0       0

රූපවතී Wednesday, 01 April 2015 06:23 PM

ලෝකේ කොහේ කාගේ කවුරු වුණත් පව් අසරණ දරුපැටියා. මගේ පපුව කඩා වැටුනා වගේ දැනුණා. අපිටත් දරුවෝ සිටිනවා. ඔවුන්ගේ හෙට දවසට ලෝකයෙන් මොනවා ලැබේවිද ..? (නි)

:       0       0

කුමාර් ද සිල්වා Wednesday, 01 April 2015 07:24 PM

අපේ රටේ බොහෝ දෙනෙකුට අපට සිදුවූ දේවල් අමතකවෙලා.බෙදුම්වාදය ලොව පුරාම සිදුවෙමින් පවතිනවා.නව පාලකයන් බුද්ධිය මෙහෙයවා වැඩ නොකළහොත් මහා විනාශයකට මුලපෙරෙන බව පෙනෙනවා.ඔඩුදුවන දේශපාලනයේ විගඩම් අතර පටු දේශපාලන අඟුටුමිට්ටන් පුටු මාරුකරමින් මහා විගඩමක් සිදුකරමින් අපේ දේශයේ අනාගතය විනාශ කරමින් නන් දොඩවමින් කාලය කා දමනවා.මින් මත්තට හරි ඍජු පාලක පිරිසකට රටේ පාලනය බාරදෙන්න කවුරුත් අදිටන් කරගනිමු. (නි)

:       0       0

කැලුම් කුමාර Wednesday, 01 April 2015 09:20 PM

වැඩිහිටියන්ගේ වෛරී ක්‍රියාවන් නිසා කඳුළු සලන්නට වී ඇත්තේ පුංචි අහිංසක දරුවන්ටයි (නි)

:       0       0

විද්‍යා Wednesday, 01 April 2015 09:35 PM

කෝ ඔය ලෝකය මවපු පාලනය කරන දෙවියන්? දරුවා කළ වරද මොකක්ද මේ මානසික පීඩාව විඳින්න? (නි)

:       0       0

සංජීව Wednesday, 01 April 2015 10:38 PM

මේවා දකින්න අපි කොච්චර පව් කරලා තියනවද? මටත් ඉන්නවා මේ වගේ පැටික්කියෙක්.දෙවියන්ගේ අරක්ෂාව සියලු අසරණයන්ට ලැබේවා! (නි)

:       0       0

කෙවින් Thursday, 02 April 2015 12:24 AM

කෑම විතරම නෙමෙයි සමහර ජානමය කරුණු නිසාත් ළමයි මහත් වෙනවා. පව් අහිංසක නොදරුවා. යුද්ධය එක්කම ඉපදිලා යුද්ධය එක්කම මැරෙන දරුවෝ. මෙවන් දසුන් ලොව කොතැනකවත් දක්නට නොලැබේවා! (නි)

:       0       0

කපිල Wednesday, 01 April 2015 01:40 PM

අම්මලා තාත්තලා තමුන් බඩගින්නෙ ඉඳලාහරි ළමයින්ගෙ බඩ පුරවනවා. ඇසට කදුළු එකතුවෙන ෆොටෝ එකක්. පටු විදිහට බලන්න එපා. (නි)

:       0       0

සම්පත් Thursday, 02 April 2015 03:21 AM

කීප දෙනෙකුගේ උමතුවට ලෝකයම වන්දි ගෙවනවා..(ම)

:       0       0

දිනේෂ් Thursday, 02 April 2015 04:58 AM

යුද්දේ කොහේ තිබ්බත් මොන පරමාර්තයකින් කලත් මිනිසුන් මැරෙනවා. එක අපරාධයක්. (ස)

:       0       0

නලියා Thursday, 02 April 2015 05:02 AM

හදවත් ඇති මිනිසුන් සංවේදීව බලන්න ඕන දසුනක්. දයාබර දුවේ... නුඹ නමින් අපි යදින්නම් ඔය පුංචි හිතට ආයේ කවදාවත් බය අසරණ බව නොදැනෙන්න කියල. (ස)

:       0       0

පද්මසිරි Thursday, 02 April 2015 07:00 AM

ඕනෑම රටක යුධ මානසිකත්වයකින් ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ගේ තත්වය මේ හය හතර නොතේරෙන දරුවා ලෝකෙටම පෙන්වා දෙනවා. (ස)

:       0       0

උපාලි Thursday, 02 April 2015 07:38 AM

අපිත් 2009 ජයග්‍රහණයට පෙර ඔහොම අත් උස්සලත් කපලා කොටලා මරපු කොටි සිටි රටක තමයි හිටියේ. දැන් බොහෝ දෙනෙකුට අමතකයි. ඒ නරකාදියෙන් අප බේරාගත් අයගේ වැරදි තමයි මතක. (නි)

:       0       0

නිල්රුක් Thursday, 02 April 2015 08:10 AM

ඉතාමත් සංවේදී ඡායාරූපයක්.අපේ ලංකාවෙත් මේ වගේ කාලයක් තිබුණා අපේ අයට මතකද දන්නේ නැහැ. (දිල්)

:       0       0

මනුජා Thursday, 02 April 2015 09:10 AM

අපේ පොඩි අයත් ඔය වගේ බයෙන් හිටිය කියල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ඕක දැක්කහමවත් මතක් වෙයිද. (ස)

:       0       0

ජානි පුෂ්පිකා Thursday, 02 April 2015 10:27 AM

ඉතාමත් සංවේදී ඡායාරූපයක්. (ස)

:       0       0

ධම්මික Thursday, 02 April 2015 03:03 PM

අන්තවාදීන් නිසා මුළු ලෝකයම දරුවන්ගේ හෙට දවස තමයි අද අපි කම්පනයෙන් දකින්නේ.(හේ)

:       0       0

ගයන් Wednesday, 01 April 2015 08:35 AM

වැඩිහිටියන්ගේ ප්‍රශ්න නිසා දුක් විදින්නේ පොඩි අය. (ර)

:       0       0

දයා අලහකෝන් Wednesday, 01 April 2015 07:29 AM

පොඩි ළමයා බයේ නේද.? (ර)

:       0       0

මහේෂ් Wednesday, 01 April 2015 07:44 AM

පව් අහිංසකයෝ... (ර)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 01 April 2015 08:03 AM

පාලකයෝ මේවා තේරුම් ගනීද ?(බ)

:       0       0

ප්‍රියා Wednesday, 01 April 2015 08:04 AM

අපේ ලංකාවෙත් මේ වගේ කාලයක් තිබුනා අපේ අයටමතකද දන්නේ නැහැ. ඉතාම සංවේදියි (බ)

:       0       0

ජනන්ක දේවින්ද Wednesday, 01 April 2015 08:11 AM

කතා කරන පින්තුර. (ර)

:       0       0

ජගා Wednesday, 01 April 2015 08:11 AM

පව් අහිංසක දරුවෝ. (ර)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 08:13 AM

අපිත් 2009 ජයග්‍රහණයට පෙර ඔය කඳුළු අපේ දරුවන්ගේ ඇස් තුළ දුටුවා (බ)

:       0       0

දිල්නි Wednesday, 01 April 2015 08:23 AM

කෙනෙක් සැප විඳින කොට තව කෙනෙක් අපා දුක් විඳිනවා (බ)

:       0       0

ඇසළ Wednesday, 01 April 2015 08:25 AM

පොඩි ළමයෙක් උනත් තුවක්කුවට තියන බය. 2009 ට ඉස්සර කොටි අපේ සිංහල ගම්මාන කඩු පිහි වලින් පෙති ගැහුවේ වෙඩි තියනවට වැඩියේ. අපේ ගොඩක් අයට ඒවා මතක නැහැ දැන්. (බ)

:       0       0

ජීවා Wednesday, 01 April 2015 07:24 AM

ඉතාම දුක හිතෙනවා. ලෝක නායකයන් ඊට යම් දෙයක් කලයුතුයි. (ර)

:       0       0

මංගල Wednesday, 01 April 2015 08:46 AM

මේක පෙන්නන්න ඕනෙ අමෙරිකාව ප්‍රමුඛ බටහිරට මිසක් වෙන කාටවත් නෙවෙයි. මේවට ස්වභාවධර්මය විසින් දඩුවම් ලබාදෙනවිට බටහිරට යනඑන මං නැතිවේවි. (බ)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 01 April 2015 08:49 AM

ඉතා දියුණු තත්වයක තිබුන සිරියාව බටහිර යුරෝපයත් ඇමරිකාවත් සමග මිතු දමක් නොතිබූ නිසාත් , රුසියාව සමග සිරියාව සිටි නිසාත් , බටහිර යුරෝපයත් ඇමරිකාවත් සෞදි අරාබියත් ප්‍රමුඛව සිරියාවට විරුද්ධව කැරලි ගැසුවා (බ)

:       0       0

සම්පත් -ඩුබායි Wednesday, 01 April 2015 09:20 AM

යහපාලනයේ පිහිටෙන් බෙදෙන රටේ දෙස සීමා පැන්නොත් අපේ දරුවන්ටත් ඔය දේ ඉදිරියේදී සිද්ධ වේවි..(ම)

:       0       0

චාමර Wednesday, 01 April 2015 09:24 AM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. බුදු දහමට අනුව ජීවත් වෙන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලොවට සාමය උදාවේවා.(දිල්)

:       0       0

රොෂාන් වෙරෝන Wednesday, 01 April 2015 09:45 AM

මේ දේවල් වලට වගකිවයුතු සිරියාවේ කරලිකරුවොනුත් ඇමරිකාව ප්‍රමුක බටහිර රටවලට දෙනෙත් ඇරවන්න කදිම නිදසුනක්. (ර)

:       0       0

අංජනා Wednesday, 01 April 2015 10:01 AM

දිගු කාලීන යුද්ධයක් තිබුණු රටක ජීවත් වන අපි අහිංසක මිනිසුන් හා දරුවන් වෙනුවෙන් යුද්ධයට විරුද්ධම විය යුතුය.(දිල්)

:       0       0

නගීක දිල්හාන් ඉද්දමල්ගොඩ Wednesday, 01 April 2015 10:23 AM

බල තණ්හාවට මැදි වෙන්නේ ගොඩක් දුරට අහිසකයෙක් හෝ පොඩි දරුවන්. (ර)

:       0       0

සම්පත් Wednesday, 01 April 2015 10:57 AM

මේ අහිංසක දරුවන් යුද්ධය නිසා අසරණ වෙලා බිය වෙලා තියෙන තරම මෙයින් පැහැදිලි වෙනවා (දිල්)

:       0       0

මංකොල්ල කාරයා Wednesday, 01 April 2015 11:47 AM

ඉතාමත් සංවේදී ඡායාරූපයක්. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා මේ තරම් අඝාධයකට වැටුන රටක හාමතේ ඉන්න ළමයෙක් මේ විදියට මහතට ඉන්නේ කොහොමද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site