X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දැරියකගේ උපත සමග ගස් 111ක්

දැරියක මෙලොව එළිය දකින වාරයක් පාසා එය සැමරීමට අලූතින් ගස් 111 ක් සිටුවන පිළිවෙතක් අනුගමනය කරන ගම්මානයක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ තිබේ.

පිප්ලන්ති්‍ර නම් වන මෙම කුඩා ගම්මානයේ වාසය කරන්නන්ගේ ගණනද කුඩාය.නමුත් ඔවුන් මුලූ ඉන්දියාවටම සපයන ආදර්ශය නම් සුලූවෙන් තැකිය නොහැකිය.

දැරියක් උපදින විට ඇය වෙනුවෙන් විවිධ ගස් වර්ග 111 සිටුවීමේ මෙම පිළිවෙත ඔවුන් අනුගමනය කරන්නේ 2006 වසරේ සිටය.තම මියගිය දියණිය සිහිකරනු වස් එවක පිප්ලන්ති්‍රහි ගම්පති තැන ගස් වර්ග 111 සිටුවා ඇති අතර ඔහු අනුගමනය කළ ගම්වැසියෝද තම දියණියන් සිහිකිරීමට ගස් සිටුවීමට පටන්ගෙන ඇත.පසුව දැරියක් මියගියාට පසු නොව ඇය මෙලොව එළිය දැකීම සමරනු වස් ගස් සිටුවීමට ඔවුන් පුරුදුව තිබේ.

අඹ,රත්හදුන් ආදී ශාඛයන් මෙලෙස සිටුවෙන ගස් අතර ප්‍රධාන තැනක් ගනී.අදාළ දැරිය වැඩිවියට පත්වූ විට ඇය වෙනුවෙන් සිටුවන ලද ගස් වල අයිතිය ඇයට පවරාදීම සිදුවේ.

මෙම කටයුතු අධීක්ෂණය කිරීමට ගම්වැසියන්ම ඇතිකරගෙන සිටින වෙනම මණ්ඩලයක් ගම්මානයේ තිබේ.මෙම මණ්ඩලයේ වගකීම වන්නේ දැරියක උපන් පසු ඇය වෙනුවෙන් ගස් සිටුවීමත්,ඇය වැඩිවියට පත්වන තෙක් එම ගස් ආරක්ෂා කිරීමත්ය.ඊට අමතරව ගම්මානයේ පවුලකට දැරියක උපන්නද එම පවුල ගැහැණු දරුවන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති බව පෙනී ගියහොත් එම දැරිය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමටත්,නිසි වයස් පැමිණෙන තෙක් ඇයට ආරක්ෂාව හා අධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන්ගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබාගැනීමටත් මෙම මණ්ඩලය කටයුතු කරයි.

වසර ගණනක් තිස්සේ අනුගමනය කරන මෙම පිළිවෙතට පින්සිදු වන්නට දැන් තමන්ගේම කියා කුඩා වනාන්තරයකට හිමිකම් කියන්නට පිප්ලන්ති්‍ර ගම්වැසියන්ට හැකියාව ලැබී ඇත.

කාන්තා දුූෂණ වැඩියෙන්ම සිදුවන රටක් ලෙස නමක් දිනාගෙන සිටින,කාන්තාවන් පහත් කොට සළකන,ඔවුනට පීඩා කරන සමාජයක් ඇති ඉන්දියාවට එහිම තිඛෙන කුඩා ගම්මානයකින් ගත හැකි ආදර්ශනම් බොහෝය.



අදහස් (0)

දැරියකගේ උපත සමග ගස් 111ක්

දුමින්ද Tuesday, 07 April 2015 07:39 AM

සොබා දහම දරුවන්ගෙන් ණයට ඉල්ලා ගත් වත්කමකි (බ)

:       0       0

සුනිල් Wednesday, 08 April 2015 02:45 AM

ඉන්දියාව ලෝකෙට බණ කිවුවාට තවම ඉන්නේ ක්‍රි.පූ. යුගයේ. කාන්තාවන්ට ඉතා පහත් විදිහට සළකන්නේ. ස්ත්‍රී දූෂණ වැඩිම රට. මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටක්. (නි)

:       0       0

සොපී Wednesday, 08 April 2015 07:41 AM

මේවගේ ගමක් මුළු ලෝකයක් තරම් වටිනවනේ ....(ම)

:       0       0

දීපිකා Wednesday, 08 April 2015 08:52 AM

මේ වගේ දෙයක් අපේ මිනිස්සුන්ටත් ඉක්මනින්ම හිතෙන්න මොලේ පෑදේවා. අනේ ඒ ගමට මටත් යන්න තියෙනවා නම් කොයි තරම් වාසනාවක්ද? (ස)

:       0       0

චන්ද්‍රපාල Thursday, 09 April 2015 04:17 AM

අපි ඒ රටට යනවට වැඩිය අපේ රටේ ඒවගෙ දෙයක් කරමු. (ස)

:       0       0

සී කෝදගොඩ Thursday, 09 April 2015 04:21 AM

අපි කාගෙවත් මොල ගැන නොසිතා මේවගේ දෙයක් කරන්න බලමු. (ස)

:       0       0

ගමගේ Thursday, 09 April 2015 07:41 AM

ලංකාවේ නම් දුලට ගෙවල් හදන්න කියලා බාප්පලා මාමලා හොරෙන් ගස් කපාගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site