X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දෑත් නැතැත් ප්‍රශ්නයක් නෑ

දෙඅත් නැතත් උත්සාහයෙන් ජීවිතය ජයගන්නට වෙර දරන දෙදෙනෙකි ලින්ඩා බැරන් හා ඇයගේ පුතු ටිමි.

ඇමරිකාවේ චිකාගෝ නුවර වාසය කරන ලින්ඩා හට උපතින්ම දෙඅත් අහිමිය.වෛද්‍යවරුන් ඇයගේ තත්ත්වය නීර්ණය කර ඇත්තේ ප‍්‍රවේණිගත රෝගයක් ලෙසටය.

නමුත් ඇය දෙඅත් නොමැතිවීම ජීවිතයට බාධාවක් කරගෙන නැත.වයස අවුරුදු 12 වන විටදී ඇයගේ වයසේ  ඕනෑම කුඩා දැරියක මෙන් ඇඳුම් පැළඳුම් තමන්ම ඇඳ ගැනීමට,නෑමට,පිහිනීමට,සෙල්ලම් කිරීමට ආදී සියලූදේ තමන්ට කිරීමට හැකිවූ බව ඇය කියන්නීය.

‘‘අත් දෙක නැතත් මට කකුල් දෙකක් තිබුණානේ.මම ඒවායෙන් වැඩ කරගන්න පුරුදුවුනා.මුලදී අමාරු වුනත් පස්සේ මට එදිනෙදා වැඩ ඔක්කොම කරගන්න හැකිවුනා‘‘ ඇයගේ වචන වල තමන් ගැන සියුම් ආඩම්බරයක්ද ඇත.

වයස අවුරුදු 24 දී විවාහ වී ඇති ඇය දරුවකු සාදා ගැනීමට තිරණය කර තිබෙන අතර වෛද්‍යවරු ඇයට අනතුරු අගවා ඇත්තේ ඇයගේ රෝගී තත්ත්වය දරුවාටද ලැබිය හැකි බවටයි.

නමුත් දරුවෙකු ලැබීමේ නොතිත් ආශාවෙන් සිටි ඇය අවදානම භාරගෙන ඇත්තීය.ඇයගේ සැමියාද ඇයට හොද සහයෝගයක් වී ඇත.

වෛද්‍යවරු මත පල කළ ආකාරයටම ඇයගේ දරුවා වන ටිමි උපත ලැබුවේද දෙඅත් නැතිවය.නමුත් ඇය නොසැලූනාය.

‘‘මට හොද සහයෝගයක් ලැබුණා මගේ දෙමව්පියන්ගෙන්.ඉතින් මම හිතාගත්තා මමත් ඒ වගේම මගේ දරුවා වෙනුවෙන් කැප වෙනවා කියලා.‘‘ ලින්ඩා පවසන්නීය.

ඇයගේ කැපවීමේ ප‍්‍රතිඵල අද දිනයේ දක්නට ඇත.ටිම්ට දැන් වයස අවුරුදු 9 කි.ඔහුගේ වයයේ  ඕනෑම කොලූ ගැටයෙකුට මෙන් සෙල්ලම් කිරීමට,පිහිනීමට, පරිගණකය භාවිතා කිරීමට,වෙනකක් තියා ගිටාරය පවා වාදනය කිරීමට ඔහුට හැකිය.

මේ සියලූදේට ඔහු තම මව මෙන්ම යොදාගන්නේ තම පාදයන්ය.

‘‘මුලින්ම ටිමි ජීවත් වෙයි කියලා අපේ විශ්වාසයක් තිබුණේ නැහැ.මොකද ඔහු උපත ලැබූ ගමන්ම හදවතේ සිදුරක් තිබෙනවා කියලා හදුනාගන්න හැකිවුනා.උපත ලබලත් මාස ගානක් රෝහලේ ගත කරලා තමයි ඔහු ගෙදර ආවේ.ඒත් දැන් ඔහු සාමාන්‍ය ළමයෙක් වගේම තමයි හැසිරෙන්නේ.‘‘ ලින්ඩා කියන්නීය.

ටිමිගේ අදිටන හොදින් ඉගෙන ගෙන ඉහළටම යෑමටය.ඔහුට එයට ශක්තිය තිබෙන බව නම් සහතිකය.

ටිම් හා ලින්ඩා වැනි පුද්ගලයෝ ලොව අනන්තවත් සිටින මුත් ඔවුන්ගේ ආදර්ශය ගෙන දෑත දෙපා හොදින් තිබෙතත් අනුනට අත පාන බහුතරය තම පිළිවෙත් වෙනත් කර ගැනීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

KK1 KK2 KK3 KK4 KK5 KK6 KK7 KK8



අදහස් (0)

දෑත් නැතැත් ප්‍රශ්නයක් නෑ

අසෝකා Friday, 01 August 2014 02:44 PM

අපි කවදත් ලැබුණු දෙයට වඩා නොලැබුණු දේ ගැන පසු තැවෙන අයනේ! මෙය අපි කටත් හොද ආදර්ශයක්.! මේ වගේම තමයි පයෝදර් දොස්තයෙව්ස්කි කතාවත්. ඔහුට අත් දෙක හෝ දෙපා වත් නොතිබුනත් ජිවිතට මුහුණ දුන් හැටි (නදී)

:       0       0

නිහාල් විතානගේ Friday, 01 August 2014 04:03 PM

අත් දෙකම තියාගෙන කිසිම වැඩක් නොකරන අයට හොඳ ආදර්ශයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site