X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


දියකාවත් ධීවරයෙක්

වසර 1300 ක් පමණ පැරණි පිළිවෙතක් අනුව යමින් පක්ෂීන් යොදාගෙන මසුන් ඇල්ලීමේ යෙදෙන ධීවරයෝ ජපානයේ සිටිති.

‘‘උකායි‘‘ නම් වන මේ පිළිවෙත එක්තරා ආකාරයක කලාවක් ලෙස ජපාන ධීවරයෝ හඳුන්වති.මෙය භාවිතයට ගැනුණු මුල් කාලයේ‘උකායි‘‘ හි නිරත වන ධීවරයින්ගේ කටයුතු සොයාබැලීම සදහා  ඕඩා නොබුනාගා නම් සමුරායිවරයෙක් ද සිටියේය.

‘‘උකායි‘‘ බෙහෙවින් භාවිතයට ගැනෙන්නේ ජපානයේ හොසු හා උජි යන ගංගා ප‍්‍රදේශවලයගරැයේ සිදුකෙරෙන මෙම පිළිවෙත සදහා ධීවරයින් සහභාගී වන්නේද සාම්ප‍්‍රදායික ඇදුම් පැළදුම් වලින් සැරසීගෙනය.

මෙම කටයුත්ත සදහා යොදාගැනෙන්නේ ජලාශි‍්‍රතව වාසය කරන කොමෝරන්ට් නම් පක්ෂීන්වය.මෙම පක්ෂීන්ගේ හොටය යට පැසක් පිහිටන අතර ස්වභාවධර්මයා ගේ නියමය අනුව නම් ඔවුනට එම පැස ලැබී ඇත්තේ දඩයමේ යෙදෙන අවස්ථාවලදී හැකි තරම් ආහාර පැසෙහි ගබඩා කරගෙන පසුව නිදහසේ ඒවා භුක්ති විදීමටය.

කොමෝරන්ට් ආහාර ලෙස ගනු ලබන්නේ මසුන්යගදිය යටින් පිහිනා යන මේ පක්ෂියා මසුන් අල්ලාගෙන පැසෙහි රඳවා ගනීගපසුව දිය මතුපිටට පැමිණ දඩයම භුක්ති විදී.

මේ සියල්ල තමන්ගේ වාසියට හරවාගෙන සිටින ජපාන ධීවරයෝ මුලින්ම කරනුයේ කොමොරන්ට් පක්ෂීන් කිහිපදෙනෙකු අල්ලා ගෙන ඔවුන්ගේ ගෙලට මුදුවක් පැළදවීමයි.පසුව මුදුවට ගැටගැසෙන රැහැනකින් පක්ෂීන්ව තම බෝට්ටු වලට බැඳ තබා ගන්නා ධීවරයෝ ඔවුන්ව දියට දමන්නෝය.

දියට දැමූ පසු පක්ෂියෝ ඒ මේ අත පිහිනා යමින් මසුන් දඩයම් කරන්නෝයගදඩයම් කරන මසුන් ගිලීමට තැත් කළද ගෙලෙහි පැළද ඇති මුදුව නිසා එය කළ නොහැකිය.මේ නිසා දඩයම් කරන මසුන් සියල්ල තැන්පත් වනුයේ හොටය යට පිහිටා ඇති පැසෙහිය.

කෙටි වේලාවක ඇවෑමෙන් පක්ෂීන් නැවත බෝට්ටුවට ගන්නා ධීවරයෝ ඔවුන්ගේ පැසවල පිරී සිටින මසුන් පිටතට ගන්නෝය.අනතුරුව තවත් වටයක් සදහා ඔවුන්ව දියට දමන්නෝය.

‘‘උකායි‘‘  ජපානයට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙන අතර ඔවුන් සදහා වෙනම බෝට්ටු සේවාවන්ද කි‍්‍රයාත්මක කෙරේග

සෑම වසරකම මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා එළැඹෙනි‘උකායි‘‘ සමයේදී ජපානයට සංචාරකයින් පැමිණෙනුයේ දහස් ගණනින් බව පැවසේ.

89 91

 

 



අදහස් (0)

දියකාවත් ධීවරයෙක්

නලින් Thursday, 17 July 2014 02:53 PM

පව් වැඩක්.(අ)

:       0       0

කුමාර Friday, 18 July 2014 05:27 AM

මේක තමා මෙයට උඩින් තියන නිව්ස් එකට හේතුව. මේ කුරුල්ලෝ බාගයක් ගිලපු එක ආපසු ගන්නේ, ජපන්නු මේ වගේ වැඩ ගොඩක් කරනවා, පනපිටින්ම මාළුවා මේසේට තියල ඇන ගහල දගලද්දී කපාගෙන කනවා. තව ගොඩක් තියෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site