චුම්භක බලයෙන් පිල්ලට ඉහළින් පාවි ගමන් කරන ජපාන දුම්රියක් ෆුජි කන්ද අසල අත්හදා බැලීමේ ධාවනයක දි පැයට කිලෝ මිටර 603 ක වාර්තා ගත වේගයක් වාර්තා කළේය.
එම දුම්රිය මීට කලින් ධාවනය වු උපරිම වේගය පැයට කිලෝ මීටර 590 කි. විද්‍යුත් බලයයෙන් ආරෝපණය කැරෙන කාන්දම් මගින් එම දුම්රිය මැදිරි පිල්ලට ඉහළින් එස වි ගමන් කරයි. මේ දුම්රිය මධ්‍යම ජපානයේ දුම්රිය සේවයට අයත් වේ. 2027 වන විට ටෝකියෝ හා නගෝයා නගර අතර දුම්රිය සේවය ඇරඹිමට යයි. කිලෝ මිටර 280 ක දුර මිනිත්තු 40 කින් සපුරාගත හැකි වෙතියි දුම්රිය සේවය කියයි. එය දැනට වැය වන කාලයෙන් අඩකට මදක් අඩුය. මැග්ලෙව් නමින් හැදින්වෙන මෙම දුම්රිය පැයට කිලෝ මීටර් 803 වේගයෙන් ධාවනය නොකරන බවත් එහි උපරිම වේගය පැයට කිලෝ මීටර 505 ක් බවත් දුම්රිය සමාගම් කියයි. ජපානයේ “බුලට් ට්‍රේන්” නමින් හැදින්වෙන ෂින්කැන්සන් දුම්රියේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 320 කි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි
කැලුම් ඉතාලි Thursday, 23 April 2015 11:59 AM
ඔය අදහස් දාලා තියෙන අය ලංකාවේ දිග පළල ගැන පොඩ්ඩක් හොයලා බලන්න.ඒතකොට අපිට ඔය වගේ වේගයක් තියෙන දුම්රියක අවශ්‍යතාවක් තියෙනවද කියලා හිතන්න පුලුවන්. (නි)
මහින්ද කේ ගොඩගේ - සී ෂෙල්ස් Saturday, 25 April 2015 09:36 PM
කෙවින්,ඔබ හරියට හරි. (නි)
සන්ද්‍යා ෆුගොනෝ Friday, 24 April 2015 04:59 AM
කෙවින් ගේ අදහසනම් සියයට සියයක්ම නිවැරදියි (ස)
සීලන් Friday, 24 April 2015 04:55 AM
ඉක්මන් කොටයිලුනේ! (නි)
තිලක් Friday, 24 April 2015 04:26 AM
පාන් කෑල්ලක් ලාබෙට කාලා බොරළු පාරක කරත්තෙක යන්න තමයි අපි කැමති. (නි)
ධනීෂා Friday, 24 April 2015 03:47 AM
හෙමින් යන එක තමා අපිට නම් හොඳ. නැත්නම් රියදුරු නැතුව යවන්න ටිකක් අමාරු ඇති. හැබයි එහෙම පුළුවන් නම් රටට ලොකු ඉතිරියක් වේවි. රියදුරු මහත්තුරුන්ට වෙනම අංශයක රැකියා දෙමු. (ස)
ගාමිණී Friday, 24 April 2015 03:20 AM
හරියට වැඩ කරනවා නම් අපේ රටටත් ඕවා එතරම් ලොකු දේවල් නෙමෙයි (නි)
කෙවින් Friday, 24 April 2015 01:55 AM
ජපන්නු හැදියාව අතින් අංක එක. මිනිසුන්ට අතිශය ගරුකරන සමාජයක් එහි තියෙන්නේ. ඒ මිනිස්සු පර්යේෂණ කරලා තමන්ගෙ වැඩ ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රම හොයාගන්නවා. අපේ අයියලා දේහපාලනයක් බදාගෙන හැමදාම එකතැන පල්වෙනවා. (නි)
රොහාන් Friday, 24 April 2015 01:47 AM
ශ්‍රී ලාංකික දූපත් මානසිකත්වය! සමහර අය දාලා තිබෙන අහදස් දැක්කහම ඒක හිතාගන්න පුළුවන් (නි)
මන්දීර් සත්යගන් Thursday, 23 April 2015 04:31 PM
හරියට හරි චින්තන මහත්තය ..ඔය මනෝජ් ල හිතන විදිහට හිතල තමයි වැඩකට නැති සුදු අලි වරායක් ..ගුවන් තොටක් ජනතාවගේ පොකට් එකට තට්ටු කරලා බිහිඋනේ .(ස)
ස්කුබි ඩු Thursday, 23 April 2015 02:00 PM
අපි ලංකාව ජපානෙට බද්දට දෙමු......................... මම ලබන පාර ජනාධිපතිවරණයට ඉල්ලනවා මට ඡද්දේ දීපල්ලා මම ලංකාව ජපානෙට නිකන් දෙනවා මෙහෙ ඇවිත් කැමති දෙයක් කොරන්ට කියලා (ස)
රාජා Thursday, 23 April 2015 01:02 PM
ලංකාවෙ අපිට වෙලා තියෙන්නෙ බොහොම දෙනෙක් ඉන්නෙ පසුගාමී මානසිකත්වයක සහ බඩ! බඩ!! බඩ!!! (නි)
සචිත් නාලක Wednesday, 22 April 2015 12:01 PM
ලංකාවේ අපිට නම් මෙහෙම කෝච්චියක යන්න ලැබෙනවා කියන්නේ තව අවුරුදු 100ටවත් වෙන දෙයක් නෙමෙයි. පුදුම දුකක් තියෙන්නේ වැස්සකටත් අවුල්වෙන සිග්නල් එක්ක කෝච්චියේ යන්න ගියාම. (නි)
ප්‍රියන්ත Thursday, 23 April 2015 11:57 AM
ෂා! ලංකාවේ තිබුනා නම් යාපනයට ගිහිල්ලා එළවලු ටික අරගෙන එන්න තිබුනා. දුක තමයි. (නි)
වෙල් විදානලාගේ සිරිදාස Thursday, 23 April 2015 09:16 AM
මුන්ට පිස්සුනේ ලංකාවේ අපිටනම් ඔය විච්චූරණ ඕනෑ නැහැ. ගල්ගේක ගිනිමැලියක් ගහගෙන හොඳට බඩට කාලා බීලා හිටියම මදිද. ඔය යටිතල පහසුකම් වගේ ඒවා එරොප්පෙට හොඳයි. (ස)
කෝෂල Thursday, 23 April 2015 08:59 AM
ජපන්නු ලංකාවේ අය අතර තියෙන්නේ සිතුවිලි අතර වෙනසක් මට හිතුන විදියට නම්.
දුමින්ද Thursday, 23 April 2015 08:53 AM
සියල්ල මැවෙන්නේ වෙනසට කැමති සිත තුලය (ත)
සරණ Thursday, 23 April 2015 08:43 AM
මනෝජ්, අයිෆර් කුළුන කියන්නේ මොකක් ද? පැරිස්වල තියෙනවා අයිෆල් (ඊෆල් කියලත් හඳුන්වනවා) කියලා එකක් නම්. ලංකාවේ අය තවමත් හිතන් ඉන්නේ නායකයාගේ ඔලුවේ තමයි ඔක්කොම අදහස් පහළ වෙන්නේ කියල. මේ හැම ව්‍යාපෘතියක්ම රටකට කොයිතරම් ප්‍රයෝජනවත් ද කියල නිසි විමර්ශනයකින් පසුව තමයි ක්‍රියාත්මක විය යුත්තේ. අයිෆල් කුළුණත් කාලයක් ප්‍රංශයට බරක් වෙලා තිබුණ, දැන් මත්තල ගුවන් තොටුපල වගේ. (බ)
දිනූෂා Wednesday, 22 April 2015 02:27 PM
සිතුවිලි විතරක් නෙමෙයි සල්ලි වලිනුත් පොහොසත් වුණා ඉතින් ඔය කෙරුවාවෙන්. (නි)
වාසල Wednesday, 22 April 2015 02:12 PM
ඉක්මන් කොටයි. (නි)
පිටබැද්දර ජයා Wednesday, 22 April 2015 01:51 PM
අනේ අප්පච්චියෝ! හෙමින් ගමන කෝකටත් හොඳයි. අපි මේ යන විදියටම යමු මලේ!උඩින් යන්න ගිහින් මොකටද පස්ස බිම ඇනගන්නේ? පහුගිය කාලේ උඩින් ගිය කට්ටිය අපුරුවට බිම නිදාගන්නේ නේද ? (නි)
චින්තන Wednesday, 22 April 2015 01:51 PM
සචිත්, ලංකාව වගේ කුඩා දුපතකට ඔය තරම් වේගයක් ප්‍රායෝගික නැහැ නේද? අපිට පැයට කි.මී.160 හොඳටම ඇති. දැනට ලංකාවේ තිබෙන ඕනෑම දුම්රිය එන්ජිමක් එම වේගයෙන් යන්න පුළුවන් අනෙක් අඩුපාඩු සකසනවා නම්.අපි මුලින් ඒකට උත්සාහ කරමු. (නි)
පෙරේරා Wednesday, 22 April 2015 01:49 PM
ලංකාවේ කරන්න පුළුවන් දේවල් අනන්තයි. නමුත් අපේ දේශපාළු අයියලා එක්ක තමයි කරන්න බැරි. (නි)
මනෝජ් Wednesday, 22 April 2015 01:25 PM
සචිත්, නාලක, එහෙම හිතන්න එපා. කවුද හිතුවෙ අයිෆර් කුළුනට වඩා උස කුළුනක් ලංකාවෙ හදන්න? කොහෙද ඉතින් වැඩේ අවසන් කරන්න බැරිවුණානේ! ඒ වගේ සිතුවිලි වලින් පොහොසත් නායකයෙකුට මේවා මහා දේවල් නෙමෙයි. (නි)