ධාවනය වෙමින් තිබූ දුම්රියක වැසිකිළියේ දී මවකගේ කුසින් දරුවකු බිහි වී දුම්රිය මාර්ගයට වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ රාජස්ථාන් හි සුරත්ගාර් සිට හනුමන්ගාර් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙය සිදුව ඇත. විළිරුදාවෙන් පෙළෙමින් සිටි මව වැසිකිළියට ගිය අවස්ථාවේ දරුවා උපතලබා දුම්රිය මාර්ගයට වැටී ඇත. දුම්රිය මාර්ගය අසළ සිටි පුද්ගලයකු දරුවා හඬන ශබ්දය ඇසී දරුවා රෝහල් කත කැර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ වැසිකිළියේ දී දරුවා ප්රසූතකළ ‘වනු‘ නමැති කාන්තාව සිහි නැතිව රාජස්ථාන් රෝහලට ඇතුලත් කළ බවයි. කෙසේ වෙතත් දරුවාත් මවත් දෙදෙනාම සුවසේ සිටින බව ද රෝහල් ආරංචිමාර්ග පවසයි. දරුවාට අනතුරක් සිදුව නැතත් අඩුබර දරුවකු බැවින් දින කිහිපයක් රෝහලේ තබාගැනීමට සිදුවන බව ද රෝහල් බලධාරීන් ඉන්දීය මාධ්‍ය්‍යට කියා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුම්රියෙන් වැටුණු බබා නොමැරේ
දසත් Wednesday, 18 February 2015 11:50 AM
කර්මය සහ පුනර්භවය කියන්නේ ඕකට තමා. කෙනෙක් ඉපදෙන්නේ යම් කර්ම ශක්තියක් හේතුකොටගෙනද, එය අහෝසි වනතෙක් ජීවත්වෙනවා. මේ ලෝක පාලන ධර්මයයි (නි)
දුමින්ද Thursday, 19 February 2015 07:48 AM
අනේ දරුවගේ වාසනාවක් තිබිලා තියෙනවා (දිල්)
වර්ෂා Friday, 20 February 2015 02:38 AM
ජයවේවා ! (නදී)
සුමිත් Friday, 20 February 2015 06:13 AM
පින සැමදා විපාක දෙනවා .(දිල්)
තිලක් Friday, 20 February 2015 12:43 PM
දරුවෙකු ඉපදෙන විට ගර්භාෂයේ සිට පිටතට යාමට අවශ්‍ය පරිදි හිස එබෙන සුළු බවකින් සහ සිරුර නම්‍යතාවයකින් යුක්ත වෙනවා. ඒ සේම බොහෝ සතුන් පැටවුන් බිහිකරන්නේ සිටගෙන. ඒ ගුරුත්වා කර්ෂණය අධාරයෙන් බිහිවීම පහසු කරගන්න. එවිට පැටවා යම් කිසි උසක සිට බිමට වැටෙනවා. එසේ වැටෙන විට කිසිම හානියක් නොවෙන්නයි එහෙම නම්‍යශීලී බවක් පවතින්නේ ඉතින් මේ අසාමාන්‍ය සිදුවීමේදී එම ස්වාභාවික ආරක්ෂක වැඩ පිළිවෙල මොන තරම් සාර්ථකද කියල ඔප්පු වෙනවා. මෙය කර්මය හෝ අද්භූත බලයක් නොවෙයි. (ර)
ගෝඨාභය Saturday, 21 February 2015 09:05 AM
දරුවා හරිම වාසනාවන්තයි (නදී)
බණ්ඩාර රුසියාව Saturday, 21 February 2015 12:48 PM
ඉන්දියාවේ තත්ත්වය ඕක තමයි. දුම්රියේ වැසිකිළි මාර්ගය වැටෙන්නේ දුම්රිය මාර්ගයටමයි. (නි)