X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

ඉන්දියාවේ දී සෑම විනාඩි 22ට වරක් ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන සමාජ විද්‍යාඥයෝ කියති. දූෂකයන්ගෙන් බේරී සිටීමට උපකාරීවන කලිසමක් නිපදවීමට ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු සමත්ව ඇත. විස් එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන් හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කැර තිබේ. 

එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත. එළඹෙන මාසයේ අත්හදා බැලීමට නියමිත මෙම නව නිපැයුම පිළිබඳ එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ 'කලිසම අතිශයින්ම සාර්ථක' වනු ඇති බවයි.

මෙය ක්‍රියාත්මක වූ සැනින් අවට ඇති පොලිස් ස්ථාන 200කට පමණ මෙහි සංඥා ලැබෙන බවත්, එම සංඥා මගින් කලිසම තිබෙන තැන පෙන්වන බවත් ‍දික්ෂා පතක් පැවසුවා ය. මෙම කලිසම් යුගලයක් පවුම් 25ක් වැනි මුදලකට අලෙවි කිරීමට නියමිත ය. එක් වරක් බැටරි යෙදූ පසු මාස තුනක කාලයක් යනතුරු බැටරි යලි යෙදීමට අවශ්‍ය නොවේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ උප සභාපති බෙන්යම් බෙස්මුර් පවසන්නේ මෙම කලිසම දූෂණ සිද්ධි අවම කර ගැනීමට බෙහෙවින් උපකාරී විය හැකි බවයි.



අදහස් (0)

දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

හර්ෂ Monday, 30 June 2014 05:11 PM

බලන්න මේ වනකම් මේ ගනු ළමයි දෙන්නා බේරිලා ඉන්නවාද කියලා (දී)

:       0       0

දර්ශිත Tuesday, 01 July 2014 09:31 AM

හොඳ නිර්මාණාත්මක අදහස් තියෙන උදවිය ලංකාවේ ඉන්න බව පේනවා. බොහොම සන්තෝසයි. මේ නිර්මාණය ගැන කියනවා නම් පුංචි පුංචි ගැටලුත් තියනවා. නමුත් අසහනකාරි මානසික රෝගීන් බහුලව සිටින ඉන්දියාවේ තියන මේ ගැටලුවට පිලිතුරක් වශයෙන් මෙය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නදී)

:       0       0

රුවන් Tuesday, 01 July 2014 04:17 AM

හොඳ නැද්ද ඉන්දියාවේ ඉන්න අයගේ මනස දියුණු කරන්න වැඩපිළිවෙළක් හැදීම ගැන සිතුවා නම්? (නි)

:       0       0

නුවන් තාරක Monday, 30 June 2014 10:41 PM

මේක හැමදාම ඇඳගෙන යන්න ඔනිද?. (දී)

:       0       0

ශිරන්ත Monday, 30 June 2014 09:33 PM

හොද වැඩක් (දී)

:       0       0

රේණු Monday, 30 June 2014 07:27 PM

නියම වැඩක් ඉක්මනට අපේ රටටත් ගෙන්න (දී)(දී)

:       0       0

ක්‍රිශා Monday, 30 June 2014 07:26 PM

මේක සාර්ථක වෙන්න කියල මම භාරයක් වෙනවා (දී)

:       0       0

විදුරංග විලොචන ගුණසේකර Monday, 30 June 2014 06:45 PM

දන්නෙ නැතිව විවේචනය කරන්න එපා. මොකක්හරි තාක්ෂණික පසුබිමක් මතනෙ මේක හදල ඇත්තෙ. ඉදගත්තම එලාම් වදින්න තරම් මෝඩ විදියට නෙවෙයි. මේ වගේ මිනිස්සු තමයි ඉස්සර ලෝකෙ රවුම් කියපු මිනිස්සුන්වත් පිස්සො විදියට සැලකුවෙ. (දී)

:       0       0

සොනාලි Monday, 30 June 2014 06:36 PM

අදින්නේ කලිසමමද? එතකොට ෂල්වාර්, සාරි ......? මොලේ කොලොප්පන්ද මේ දෙන්නගේ? (දී)

:       0       0

සමත් Monday, 30 June 2014 05:56 PM

ඔන්න ඉන්දියාවේ තත්වේ .(දී)

:       0       0

දර්ශණ Tuesday, 01 July 2014 09:57 AM

උත්සාහයත් නිර්මාණයත් දෙකම අගය කරන්න ඕනා. වැඩි දියුණු කරලා ගත්තම ලංකාවටත් හොඳයි (නදී)

:       0       0

ස්ටුඩියෝ යුකේ Monday, 30 June 2014 01:55 PM

ලංකාවේ ඉන්න අයියලාට නම් ඔවා නෙවෙයි යකඩ කලිසම් ඇඳන් ගියත් ගැලව ගනියි (දී)

:       0       0

ශාන්ත Monday, 30 June 2014 01:07 PM

මමනම් කියන්නේ යකඩ පට්ටමකින් ලොක් එකකට ඉබ්බෙක් දාල යතුර විවාහයක් නම් ස්වාමියා ලඟත් අවිවාහක නම් අම්ම ලඟත් තියාගත්ත නම් සමහර අය පිට ගියත් ප්‍රශ්නයක් නෑ. (ස)

:       0       0

විරාජ් Monday, 30 June 2014 01:05 PM

මේකට අදහස් දාපු හැමෝම මෝඩ කතා කියල තියෙන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් ඇරෙන්න . මේ කලිසම ප්‍රයෝගික දෙයක් නෙමෙයි, විශේෂයෙන් ඉන්දියාවේ, බස් එකේ වාඩිවෙන්නේ කොහොමද? හිටගෙන යද්දී ඇගේ වැදුනොත් ? කොයි තරම් ටෙක්නිකල් උනත් මොකටද ප්‍රයෝගික නැතුව? (ස)

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 30 June 2014 12:39 PM

දිමි ගොටු තියෙනකන් මට නං ඕව ඕනේ නෑ!!!(දී)

:       0       0

සෝමා Monday, 30 June 2014 12:26 PM

දුෂණයට ලක් වෙන්නේ,අහිංසක දුප්පත් මිනිසුනේ (දී)

:       0       0

ඉරෝශණ Monday, 30 June 2014 12:08 PM

සෙනග ඉන්න බස්වල යන්න බෑනෙ ඕක ඇදන් තද උන ගමන් ඉවරයි. (දී)

:       0       0

සෙලිනා Monday, 30 June 2014 11:52 AM

අපේ අප්පුහාමි මාම නම් නංගිලාගෙන් හොදට පරිප්පු කාල වගෙයි පේන්නේ.....? (දී)

:       0       0

නිමල් Monday, 30 June 2014 11:21 AM

ඉඳිකටුවක් ප්‍රමාණවත් (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 30 June 2014 11:19 AM

ප්‍රයෝගික නැති එක තමයි ප්‍රශ්නේ (දී)

:       0       0

සාරා Thursday, 03 July 2014 08:21 PM

මනමාලි වෙන දවසටත් ඕක ඇන්දොත් ? (නදී)

:       0       0

ලක්ෂාන් Tuesday, 08 July 2014 11:42 AM

බොහොම හොඳයි (නි)

:       0       0

වසුන්දරා Saturday, 05 July 2014 04:17 PM

අදහස නම් ප්‍රශංසනීයයි. නමුත් දුෂණයට ඉතාමත් කුඩා දරුවන් දුප්පතුන් වීදි දරුවන් කාන්තාවෝ ලක් වෙනවා. සැබෑ විසඳුම මේක නෙමේ. ගොඩක් අදහස් දැක්විම් වල ඉන්දියාවේ ඔහොම කියනවා. කොයි ලෝකේ ඉන්නවද මන්දා. ලංකාවේ ජනගහනය එක්ක ඉන්දියාවේ ජනගහනය අහසට පොලව වගේ. එහෙම බලනකොට අපේ රට හා ඉන්දියාව අතර වෙනස.(නදී)

:       0       0

හේවගේ Friday, 04 July 2014 06:20 PM

බොහොම හොඳ උත්සාහයක් (නි)

:       0       0

අරෝෂ් Friday, 04 July 2014 06:20 PM

බලමු මේක සාර්ථක වෙයිද කියලා (නි)

:       0       0

කෙවින් Friday, 04 July 2014 12:45 AM

මේකේ ආයුකාලය කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

සිල්වා Friday, 04 July 2014 12:34 AM

කාට කාටත් ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

චින්තක Friday, 04 July 2014 12:26 AM

අපේ අයට මේවා ඇන්දුවොත් අපේ පොලිසි වල කී පාරක් නලාව වදීද? (නි)

:       0       0

අරවින්ද Friday, 04 July 2014 12:26 AM

මොනවා වුණත් හොඳ උත්සාහයක් (නි)

:       0       0

රසික කටාර් Thursday, 03 July 2014 10:57 PM

බැටරිය බැහැපු වේලාවක මොනවා වෙයිද? (නි)

:       0       0

අප්පුහාමි Monday, 30 June 2014 09:14 AM

අනේ ඔච්චර විදම් කරන්නේ මොකටද . නිකම් ආය කටුවක් සාක්කුවේ දාගෙන ගියානම් හොඳටම ඇතිනේ. අපේ නංගිලා සමහරෙක් ඒවා නියම විදිහට භාවිතා කරන හැටි හොඳට දන්නවා .පොඩි පුහුණුවක් දීලා ගත්තානම් හොඳටම ඇති. (දී)

:       0       0

සුබ Thursday, 03 July 2014 02:35 PM

මේක නම් මර ජෝක් කතාවක්. එන්න එන්න =ම මිනිස්සු පිරිහෙනේව. ඒකට පිටින් උපකරණ හයිකර ගෙන වැඩක් නෑ. හිතට හයි කරන මොකක් හරි උපකරණයක් හදන්න බැරිද දන්නේ නෑ . මොකද ගෙදර තාත්තවත් විශ්වාස කරන්ඩ බැරි රටක් වෙලානේ දැන් මේක. (දී)

:       0       0

රොහාන් Wednesday, 02 July 2014 01:04 PM

මම හිතන්නේ තේරුමක් නැති වැඩක් (දී)

:       0       0

ඔසඳ Wednesday, 02 July 2014 10:01 AM

ඕක නවත්තන්න එක වැඩක් තියෙනවා..ඔය කලිසන් හරියන්නේ නෑ...යකඩෙන් යට ඇදුම් හදල දුන්න නම් හරි...ලංකාවට ඒ හරියන්නෙත් නෑ...අපේ අයියල ගැන කියන්න ඕනේ නෑනේ. (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 02 July 2014 07:03 AM

මේ ඇඳුම ලංකාවට ගෙනාවොත් මුළු ලංකාවේම පොලිසි වලට එක බස් එකක් පස්සේ පන්නන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 02 July 2014 06:56 AM

ඔච්චර උපකරණ ඕනෑ නැහැ. එහෙම කෙනෙක් ළඟට ආවොත් කට්ටක් අතට ගන්නකො (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 01 July 2014 08:29 PM

අනේ මන්දා.මේක වැදිලා පොලිසියෙන් එනකොට කොච්චර වෙලා යයිද? ශාන්ත කියන වැඩේ කරන්න පුලුවන් නම් ඉතින් වැඩේ හරි (නි)

:       0       0

නිශාන් Tuesday, 01 July 2014 06:07 PM

ජනගහණය අනුව බලනවිට ලංකාව දුෂණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන්. අනික මෙවැනි නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී මෙහි දක්වා ඇති අඩුපාඩු නොසළකා හැරියා කියලා හිතන්න නොහැකියි. (නි)

:       0       0

ජීවා Tuesday, 01 July 2014 12:58 PM

උත්සාහය අගයනවා, රෙද්දේ හැට්ටේ අඳින කට්ටියට ඔට්ටු නැද්ද (දී)

:       0       0

යසාරි බියන්කා Tuesday, 01 July 2014 10:52 AM

ඇත්තටම හොද නිර්මණයක්. ඒත් ලංකාවේ අය නම් දැම්ම ඒකට විසදුමකුත් හොයගෙන ඇති. ලංකාවේ බස් වල යනකොට නම් ඔය කලිසම අදින්න වෙන් නෑ නේද? (නදී)

:       0       0

ලංකා Friday, 27 June 2014 05:39 PM

ඕකටත් පිලියමක් හොයා ගනියි මම දන්නේ නැද්ද අපේ මිනිස්සු ගැන (දී)

:       0       0

ධම්ම Saturday, 28 June 2014 12:03 PM

පෙර ඉන්දියාවේ රජකෙනෙක් යුද්දෙට යනකොට පුරෝහිතයාගෙන් බිසව බේරා ගන්න සාර්ථක උපකරණයක් නිර්මාණය කළා කියලා මා අසා තිබෙනවා.එහෙව් රට! (දී)

:       0       0

සත්‍යයා Saturday, 28 June 2014 09:05 AM

ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල මෑත ඉතිහාසයේ පවා ගැහැනුන් වෙනත් පිරිමින් අතින් දුෂණය වීම වළක්වා ගැනීම සඳහා පතිවෘර්තා පටි (Chastity බෙල්ට්) පිරිමින් විසින්ම ගැහැනුන්ට පළඳවනු ලැබුවා. ඉතාමත් ප්‍රාථමික අන්දමින් රළු අන්දමට යකඩෙන් තැනු පටි වෙනුවට ගාන්චුවකින් ආරක්ෂා වුන ලෙහෙසියෙන් ඉරා නොදැමිය හැකි යට අඳනයක් සකස් කරගන්නේ නම් වැඩි මිලක් නොමැතිව හෝ මෙවැන්නක් පිළියෙළ කරගත හැකි වනු ඇත. සිහින් ඉඟක් හා පුළුල් වටොරක් තිබීම හේතු කොටගෙන ගැහැණු සිරුරකින් එය ඉවත් කිරීමත් එතරම් පහසු නොවනු ඇත.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 28 June 2014 08:03 AM

මේ ඇඳුම ලංකාවට ගැලපෙන එකක් නැහැ. මොකද උදේට හවසට බස්වල දුම්රිය වල යන කාන්තාවන්ට නම් කොහොමත් හරියන්නේ නැහැ. මොකද අපේ බස් සහ දුම්රියවලදී තෙරපෙන හිරවෙන විධියට අතපය බේරාගෙන බහින්නේත් තුඹසකින් එලියට එනවා වගේ. ඔය කියන කලිසමේ සුවිච් එක බස් එකට හරි දුම්රියට හරි නගිනකොටම සුටුස් ගාල ඔන් වෙලා මල ජුලියයි වෙන්නේ. (නදී)

:       0       0

දාස් Saturday, 28 June 2014 06:59 AM

අපිට බැරිද ඔය වගේ බැටරි මාරු කරන ව්‍යාපාරයක් පටන් ගන්න (නදී)

:       0       0

සමන්ති Saturday, 28 June 2014 06:35 AM

අපේ බස්වල මේ ඇඳුම ඇඳන් යන්නට බැහැ. කොන්දොස්තර හිටගෙන පේලි තුනක් දමා අතරින් හිරවෙවී යන්ට කැමතිනේ. පොලිසියට නලාව නිතරම වදී (නදී)

:       0       0

අමර Saturday, 28 June 2014 06:00 AM

මේ වැඩෙන් පොලිසියම අන්තිමේදී දුෂණ වැඩ වලට අහුවෙවී (නදී)

:       0       0

සනා Saturday, 28 June 2014 01:38 AM

කලිසම මස තුනම හෝදන්නේ නෙතුව අඳින්න ඕනද බැටරි තෙමෙන නිසා එහෙම උනොත් කොහොමත් දුෂණ වෙන්නේ නැහැ වාත දුශනේ හැරෙන්න (දී)

:       0       0

නන්ද Saturday, 28 June 2014 12:18 AM

කාලින නිර්මාණයක් (දී)

:       0       0

චතුරිකා Friday, 27 June 2014 11:15 PM

හෝදන්නේ කොහමද? (දී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Saturday, 28 June 2014 12:33 PM

ලංකාවට අනාගතේදී අවශ්‍ය වෙයි (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 June 2014 05:38 PM

වැඩේනම් හොඳයි , හැබැයි දුෂකයා ඉස්සෙල්ලම ඔය කෑල්ල කැපුවොත් මොකද කරන්නේ ? (දී)

:       0       0

පහන්දී Friday, 27 June 2014 05:12 PM

නිව්ස් එක කියවගෙන යද්දී මටත් සිතුනේ ලංකාට සිතිච්ච දේමයි ., ලංකාවේ බස් වල සෙනග පටවන්නේ හරියට ලොරියකට පොල් පටවනවා වගේනේ. ඉතින් පිටතින් තෙරපෙන එක කොහොම නතර කරන්නද ., මේ කලිසම් ලංකාවට ගෙනාවොත් පොලිසියට වෙන රාජකාරියක් කරන්න වෙලාවක් නැති වෙයි....!!!! (දී)

:       0       0

ඩී.උපුල් Friday, 27 June 2014 04:58 PM

යාන්තමට තෙරපුනාට ප්‍රශ්නයක් නැහැනේ නේද ? (දී)

:       0       0

ඉන්දික Friday, 27 June 2014 04:14 PM

ඔය බොත්තම තමන්ටම තද කරගන්න තිබුනා නම් හරි. නැත්නම් ඉන්දියාවේ බස් වල සහ කෝච්චි වල මිනිස්සු යන විදියට ඕක හැම තිස්සෙම වැදිලා තියේවි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 27 June 2014 03:20 PM

මේ කලිසම ඇඳගෙන පොල් පටවල වගේ සෙනග ගෙනියන බස් එහෙකට නැග්ගනම් යස අගේට තියෙයි. (නදී)

:       0       0

ගයාන් Friday, 27 June 2014 02:49 PM

වෙන හදිසියක් වෙලා තද උනොත් මාර වැඩේ නේද....(ස)

:       0       0

තේජාන්විත Friday, 27 June 2014 02:35 PM

ඉන්දියාව කොචර පිරිහුණු රටක්ද මෙහෙම අවශ්‍යතා ඇති වෙන්න තරම් ? මේවා ලංකාවට විකුණයි අපේ අයත් ඔලුවඋඩ තියාගෙන ගනී . දැන් ඉන්දියාවේ නැති තරමට ඉන්දියන් ත්‍රීවීල් බයික් තියන්නේ ලංකාවේ (දී)

:       0       0

නිලන්ත Friday, 27 June 2014 02:16 PM

ඉන්දියාවේ ඉන්නේ පුදුම අසහන කාරයෝ එ්කට හේතුව තමා නුගත් කමත් වැඩිපුර චිත්‍රපට බැලීමත් (නදී)

:       0       0

ලංකා Friday, 27 June 2014 01:51 PM

බස් අකේ යද්දී තදවුනොත් පොලිසියෙන් අල්ලයි ද (අ)

:       0       0

සිරි Saturday, 28 June 2014 07:07 PM

"අතීසාරයට අමුඩ ගැසීම!" (දී)

:       0       0

කමනි Monday, 30 June 2014 09:05 AM

පිල්ලේ නෝනා හොයල බලන්න ඕන මෙන්න මේවා . කාන්තා දුෂණ වැඩියෙන්ම වෙන්නේ ඉන්දියාවේ . මේ නෝනට ලංකාවට බොරු ලෙඩ දාන එක නවත්තල නරකද ඉන්දියාවේ සිද්දවෙන කාන්තා හිංසනය වෙනුවෙන් යමක් කලොත් ????(දී)

:       0       0

පහන්දී Sunday, 29 June 2014 11:22 PM

වින්දන., ඔබේ අදහස මට සිනාව ගෙන දුන්න ගොඩක් ස්තුතියි (දී)

:       0       0

ගුණදාස Sunday, 29 June 2014 05:00 PM

වැඩක් නැති වැඩක් (දී)

:       0       0

කුසල Sunday, 29 June 2014 04:49 PM

කලිසම අදින්නේ නැති අයට මොකද වෙන්නේ (දී)

:       0       0

වින්දන Sunday, 29 June 2014 03:50 PM

නිර්මාණය අගය කරමි, සමහර අදහස් වලට හොදටම හිනා, ඔය උපකරණය එක වෙන තැනක සඟවා තැබීමට යෝජනා කරමි, එවිට කලිසමට යන වියදම ඉතිරි කරගත හැකිය,, අනවශ්‍ය ලෙස දුම්රියේදී සහ බසයේදී තෙරපි පොලිසියට කරදර වන්නේ නැත,දුසකයා උපකරණය ගැන දැනගන්නේද නැත, පොලිසියට පුහුල් හොරා හේනේදීම අල්ලා ගත හැකිය. (දී)

:       0       0

මේනක Sunday, 29 June 2014 01:23 PM

ඉන්දියාවේ මිනිස්සුන්ට මේ කලිසම ගන්න නොවෙයි එදාවේල කන්නෙත් අමාරුවෙන් (දී)

:       0       0

උත්සුක අනූ රත්නායක Sunday, 29 June 2014 07:37 AM

කොහොම නමුත් නිර්මාණය අගය කරනවා (දී)

:       0       0

සමන්ත Sunday, 29 June 2014 02:21 AM

ප්‍රයොගිකද වැඩේ (දී)

:       0       0

ලලිත් Saturday, 28 June 2014 08:30 PM

හේත්තු වෙන්න යන අයට හොඳ පාඩමක් කියල දෙන්ඩ පුළුවනි නංගිලට.

:       0       0

වාසලා Friday, 27 June 2014 01:45 PM

හොඳයි ලංකාවට ඕනවෙයි (අ)

:       0       0

ගාමිණී - සිරි Saturday, 28 June 2014 07:03 PM

ඔච්චර ..වියදමකුත් නටන්න දෙයකුත් ..නැහැ .ග්‍රෑම් 100 මිරිස් කුඩු පැකට් එකක් ,දෙකක් හෑන්ඩ් බැග් එකේ දමා ගෙන ගියා නම් .. (දී)

:       0       0

චමින්ද Saturday, 28 June 2014 05:43 PM

අදහසනම් හොදයි,හැබැයි ඔය කියන වටිනා කමට [පවුම් 25 යි ,ආසන්න වශයෙන් ඉදියානු රුපියල් 2500 යි ලංකාවේ රුපියල් වලින් නම් රුපියල් 5000 ක් විතර] කවුද ගන්නේ කියන එකයි ප්‍රශ්නේ ? ඉන්දියාවේ වැඩි හරියක් ඉන්නේ දුප්පතුන්. වැඩිපුරම දුෂණයට ලක් වන්නේත් දුප්පතුන්.ඒ මිනිස්සු එදිනෙදා වේල හොයා ගන්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කර කර ඉන්නේ .කලිසමක් ගත්තොත්, මාසයක් කාලා ඉවරයි.නිකන් දුන්නොත් නම් ගනියි.ඕවා ප්‍රායෝගිකව සිදු වෙයි කියලා නම් හිතන්න අමාරුයි. (දී)

:       0       0

ලලනි Saturday, 28 June 2014 05:36 PM

දැන් මේ කලිසම උදේ වැඩට යන්න කලබලේට මාරු වෙලා ගෙදර මහත්තයා ඇඳගෙන ගියොත් තමා වැඩේ. අපේ ගෙවල් වල උදේට වැඩට යන්න යුද්ධ පිටියක් වගේ. (දී)

:       0       0

කුමාර Saturday, 28 June 2014 03:46 PM

කාලෝචිත වස්ත්‍රයක් (දී)

:       0       0

සිමියොන් Saturday, 28 June 2014 03:37 PM

මේවා මොකටෙයි හොද යකඩ පොල්ලක් සහ ඔලු පලන්න ශිල්පය කියා දුන්නම අහවරයි නොවැ. (දී)

:       0       0

තරිඳු Saturday, 28 June 2014 02:43 PM

එතකොට හැමදාම එකම කලිසම ද අදින්න වෙන්නේ ?????(දී)

:       0       0

උපුල් සමන්ත Saturday, 28 June 2014 01:36 PM

ලංකාවෙ සෑම විනාඩි 90ට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙනවා. ඒත් ඒවායින් 2%යි නීතිය ඉදිරියට යන්නේ. ලංකාවෙ ජනගහනය කෝටි 2යි , ඉන්දියාවේ ජනගහනය කෝටි 130. (දී)

:       0       0

ශාන්ති Saturday, 28 June 2014 01:16 PM

මේ අදහස් ටික බලලා මට නම් හොදටම හිනා (දී)

:       0       0

සැම්සන් පිලපිටිය Saturday, 28 June 2014 12:43 PM

මාගේ අදහස නම් මෙවෙනි උපකරණයක් සේදිය යුතු වන්නේ' . ස්ත්‍රී දුෂකයෙක් අතතියන විට අධි බලති විද්යුත් දරාවක් ඔහුට වැදී තාවකාලික අඩපන වීමකට . මොකද ඉන්දියාව වාගේ රටක ඔය තියෙන උපකරණයෙන් පොලිසියට ඇමතුමක් ලේබුනත් . ඉන්දියන් පොලිසිය ගෙන කාටවත් විස්වාසයක් නැහැ . ක්ෂණිකව ක්‍රියා කරාවි කියා . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site