X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


දෙවැනි මිහිකත ආලෝක වර්ෂ 490 ඈතින්

වසර ගණනාවක් සිදුකළ පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථම වතාවට පෘථිවිය හා ප‍්‍රමාණයෙන් සමාන වන හා ජීවය පැවතිය හැකි බව ‘‘දෙවැනි පෘථිවියක්‘‘ සොයාගැනීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ තාරකා ශාස්ත‍්‍රඥයෝ සමත්ව ඇත්තාහ.

අප සෞරග‍්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 490 ක දුරින් පිහිටන වෙනත් ග‍්‍රහ මණ්ඩලයකට අයත් මෙම ග‍්‍රහයා හදුන්වාදී තිබෙන්නේ කෙප්ලර් 186එෆ් ලෙසය.පෘථිවිය මෙන් 1.1 ගුණයක් විශාල වන කෙප්ලර් 186එෆ් මතුපිට ජීවය පැවතීමටත් ඉහළ සම්භාවිතාවක් තිබෙන්නේයැයි ඔවුහු මත පළ කරති.

එහි මව් තාරකාව වන කෙප්ලර් 186 ලෙස නම් කර ඇති තාරකාව වටා භ‍්‍රමණය වෙමින් පවතින මේ ග‍්‍රහයා පෘථිවිය සේම මව් ග‍්‍රහයාට වැඩි දුරකින් හෝ වැඩි ළගකින් නොව අතරමැදි දුරකින් පිහිටන්නේයැයිද මේ කරුණ ග‍්‍රහයෙකු මත ජීවය පැවතීමට විශේෂයෙන් බලපාන්නේයැයිද ඔවුහු පෙන්වාදෙති.

මෙය සරලවම පැහැදිලි කරතොත් කිසියම් ග‍්‍රහයෙක් මව් තාරකාවට ඉතා ළගින් පිහිටන්නේ නම් තාරකාවෙන් නිකුත් වන අධික උණුසුම නිසා එය මත ජීවය පැවතීමට ඉඩක් නැත.අනෙක් අතට මව් තාරකාවට ඉතා ඈතින් පිහිටන ග‍්‍රහයෙකු මතද ජීවය පැවතීමටත් ඉඩක් නැති අතර එයට හේතු වන්නේ එවැනි ග‍්‍රහයෙකු මත උෂ්ණත්වය ඉතා අවම වීමයි.

පෘථිවිය සූර්යයාගේ සිට අතරමැදි දුරකින් පිහිටන හෙයින් අතරමැදි උෂ්ණත්වයක් ලබන අතර මෙය පෘථිවිය මත ජීවය ඇතිවීමට ප‍්‍රබල සාධකයක් ලෙස විද්‍යාඥයින් හදුනාගෙන තිබේ.

මේ හා සමානවම කෙප්ලර්186එෆ් ද පිහිටන්නේ එහි මව් තාරකාවේ සිට අතරමැදි දුරකිනි.

ඒ කෙසේ වුවත් ජීවය ඇතිවීමට අවශ්‍ය වන ප‍්‍රබලතම සාධකය වන ජලය කෙප්ලර් 186එෆ් මත පවතින්නේදැයි තවමත් අනාවරණය කරගෙන නොමැත.

මෙය ඉතා වැදගත් සොයාගැනීමක් ලෙස විද්‍යාඥයින් සළකනු ලබන්නේ කෙප්ලර් 186එෆ් මේ දක්වා සොයාගැනීමට හැකිව ඇති ජීවය පැවතීමට ඉහළ සම්භාවිතාවක් තිබෙන පෘථීවිය හා ප‍්‍රමාණයෙන්ද සමාන වන ප‍්‍රථම ග‍්‍රහයා නිසාය.

2018 දී නාසා ආයතනය අභ්‍යාවකාශයට යැවීමට බලාපොරොත්තුවෙන් සිටින ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරදක්නයෙන් ග‍්‍රහයා සම්බන්ධ වැඩිදුර තොරතුරු සොයාගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ කියති.

තාක්ෂණයේ දියුණුවත් සමග තවත් වසර 20 ක් පමණ ගතවූ තැන ජීවය පවතින්නේයැයි ස්ථීර කොටම කිව හැකි ග‍්‍රහලෝකයක් නිසැකවම සොයාගැනීමට හැකිවේයැයි ඔවුහු මත පළ කරති.

]

 

 



අදහස් (0)

දෙවැනි මිහිකත ආලෝක වර්ෂ 490 ඈතින්

චමිල Wednesday, 23 April 2014 10:36 AM

තාම එම්.එච් 370 හොයා ගත්තේ නැහැ නේද? (නදී)

:       0       0

සංජීව Wednesday, 23 April 2014 11:53 AM

එක නම් හරි චමිල. ඕවද හොයන්න ඕනි අර නැති වෙච්ච ගුවන්යානය නේද ? (නදී)

:       0       0

ගුණේ Wednesday, 23 April 2014 12:57 PM

අයියෝ චමිල, මම නම් ඉඩම් අක්කර 50 ක් ගත්තා. අක්කර 50 ට වැඩියෙන් දෙන්නේ නැහැ. අක්කරයක් බොහොම සුළු ගානක් වෙන්නේ. මිට අවුරුදු 100කට පමණ තිබුණ ලංකාවේ මිල හා සමානයි. පහු වෙනකොට ගන්න හම්බවෙන්නේ නැහැ. දැන්ම ඉඩම් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න. එයාල අපේ ඉල්ලුම් පත්‍රය නාසා ආයතනයට යවනවා. කරන දෙයක් දැන්ම කරගත්තොත් විතරයි. (ස)

:       0       0

මගරි Wednesday, 23 April 2014 02:11 PM

මේ විද්‍යාඥයන් හැම තිස්සෙම වෙනත් ග්‍රහලෝක වල ජීවය හොයන්නේ පෘතුවියේ තියෙන ජලය, ඔක්සිජන් වැනි පාරසරික තත්වයන්ට සාපේක්ෂකව. කවුද දන්නේ ඒවායේ ජීවීන් හයිඩ්‍රජන් ( H2 ), හීලියම් (He ) වගේ වායු වලින් ජීවත් වෙනවද කියල. අපි ඒ වගේ වායුවලට නිෂ්ක්‍රීය වායු වර්ග කියල කිව්වත් සූර්යා ශක්තිය පිට කරන්නේ ඔය වායු වර්ග වලින් කියලනේ කියන්නේ. ඉතින් කොහොමද ඒවා නිෂ්ක්‍රීය වෙන්නේ. මම වාණිජ කරපු කෙනෙක්. දන්නේ නැති නිසා අහන්නේ. (ස)

:       0       0

ඉන්දික Wednesday, 23 April 2014 03:45 PM

මගරි , ඔයා හරි. අනිත් එක උෂ්ණත්වේ වැඩි තැන් වලත් ඒකට අනුවර්තනය වෙච්ච ජීවීන් ඉන්නේ. මේ ගොල්ලෝ කරන්නේ ලොකු බොරුවක්. තාම අර මැලේසියන් ප්ලේන් එක හොයා ගන්න බැහැ. ආලෝක වර්ෂ 490 ඈත තියෙන ඒවා ගැන කියනවා.(නදී)

:       0       0

කුමාරි Wednesday, 23 April 2014 04:07 PM

චමිල, ඒකනේ බුදු පියාණන් කිව්වේ ලෝකය ගැන නොසොයා තමන්ගේ ශරීර කුඩුව ගැන සොයන්න කියල නේද... එම් එච් 370 කියන්නේ ලෝකෙට රහසක් වුණාට දන්නෝ දන්නවා ඇති කියල මට හිතෙනවා. (ස)

:       0       0

මාටින් Wednesday, 23 April 2014 08:53 PM

50 වැඩ ගන්න බැරී එහෙ අගමැතිනිය වෙලාද කොහෙද (අ)

:       0       0

රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 09:43 PM

තුන්ලෝකයාට අග්‍රවු තතාගත බුදුපියානන් මෙම සියල්ල මනසින් දුටුසේක (දී)

:       0       0

ඉන්දික පෙරේරා Thursday, 24 April 2014 01:58 AM

මේ අපේ ලෝකයේ අතුරුදහන් වුණ ගුවන් යානය හොයාගන්න බැරුව ඉන්න වෙලේ, මේ ආලෝක වර්ෂ 490 ට එහා තිබෙන එකක් හොයාගෙන? අනේ මන්දා මොනවා කියන්නද කියලා. (නි)

:       0       0

නිශා Thursday, 24 April 2014 07:35 AM

බුදු පියාණන් දෙසු ධර්මය නවීන විද්‍යාවෙන් 100% ක් තහවුරු වී ඉවරයි. (ස)

:       0       0

සුදේශ් Thursday, 24 April 2014 04:14 PM

මේ විශ්වයේ කෝටි ලක්ෂයක් පෘථිවි තියෙන බව බුදු පියාණන් වදාලා. මේ ඉන් එකක් වෙන්න ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site