X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


දොස්තරටත් දුක හිතෙයි

තමන් ප්‍රතිකාර කරමින් සිටි රෝගියා මිය යාමෙන් ශෝකයට පත්වූ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ප්‍රෙස්බිටීරියන් රෝහලේ වෛද්‍යවරයෙකු රෝගියාගේ පවුලේ අය අමතමින් ලියා තැබූ ඇඳ ඉහපත සටහනක් අන්තර්ජාලය පුරා මේ දිනවල ප්‍රචලිතව ඇත. ඒ සටහන මෙසේය,

 

‘මහත්මයාණනි,

ඔබගේ බිරිය හදිසි අනතුරකට පත්ව රෝහල් ගත කළ වේලාවේ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මමයි.ප්‍රතිකාර ලබා දුන්නත් ඇය මියගිය බව මට දැනගන්න ලැබුණා.මේ ලිපියෙන් මා අදහස් කරන්නේ ඇයගේ මරණය වෙනුවෙන් මගේ ශෝකයත් ප්‍රකාශ කිරීමටයි.මා වසර 20 ක් පුරා මේ රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරනවා.මා කිසිදාක මියගිය රෝගියෙකුගේ ඥාතීන් හිතමිතුරන් අමතා ලිපියක් ලියා නැහැ.මොකද හදිසි අනතුරු අංශයේ සේවය කරන වෛද්‍යවරුන්  හැටියට අපට රෝගීන් බොහෝ දෙනෙක් ගැන සැළැකිල්ල යොමු කරන්න වන නිසා.

 

ඒත් මට ඔබගේ බිරිද එක්ක අමුතුම ආකාරයේ බැදීමක් ඇතිවුණා.ඒ හුස්ම ගැනීමට පවා නොහැකිව පීඩා විදිමින් බරපතළ තත්ත්වයක ඉදලත් ඇය සතුටින් සිනාමුසුව සිටි නිසා.තවත් දෙයක්,මට පුදුම හිතුනා ඔබ ඇය කෙරේ දක්වන සැළැකිල්ල දුටුවිට.ඇයට ශක්තියක් වෙමින් ඇය හා සතුටින් කතා කරමින් සිටියා.

ඔබ නිසාම ඇයට දුක් වෙන්න කාරණයක් තිබුණේ නැති තරම්ම වගේ.වෛද්‍යවරයකු හැටියට මා දන්නවා සහකරුවාගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් තමන් ලබන ආදරය හා සැළැකිල්ල තරම් මනස සුවපත් කරන තවත් දෙයක් නැති බව.විශේෂයෙන් අදාළ ඔහු රෝගීවූ අවස්ථාවකදී.

මට කනගාටුයි.මේ සියල්ල දරා ගැනීමට ඔබට ශක්තිය ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.‘

 

ලිපිය අන්තර්ජාලයට එක් කළ මියගිය කාන්තාවගේ පුත්‍රයා අතැම් අවස්ථාවන්හි හිත් පිත් නැත්තන් සේ හැසිරුණද වෛද්‍යවරුන් යනු මිනිසුන්ම වන බව තමන්ට මේ හා සමාන අත්දැකීම් වලට මුහුණ දුන් පුද්ගලයින්ගෙන් ලත් ප්‍රතිචාර වලින් තේරුම් ගිය බව පවසයි.



අදහස් (0)

දොස්තරටත් දුක හිතෙයි

සදුනි Sunday, 17 February 2013 01:22 PM

ලංකාවේ නම් මුදල් ගෙවනතුරු මහත්තයව ඇපයට තියාගන්නවා.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 17 February 2013 01:32 PM

"ඒත් මට ඔබගේ බිරිද එක්ක අමුතුම ආකාරයේ බැදීමක් ඇතිවුණා." ලංකාවේ ඇද ඉහපතක එහෙම මෙහෙම සටහනක් ලියලා තිබ්බනම්, පහුවදාට දොස්තරගේ ඇඳ ඉහපතෙත් ශෝකප්‍රකාශයක් ලියන්න තිබ්බා. (නදී)

:       0       0

මාලක Sunday, 17 February 2013 03:07 PM

පේනවද පන්ති බේද නැති දොස්තරලා.(නදී)

:       0       0

වීරසිංහ Sunday, 17 February 2013 03:08 PM

පේනවද? නිලධාරී වාදේ නැති දොස්තරලා රෝගීන්ට සලකන හැටි.(නදී)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 10:26 PM

අවුරුදු 20 ක් එකම තැන සේවය කළ දොස්තර මහතාගේ නම ගිනස් පොතේ රන් අකුරින් ලියවෙන්න ඕනා. එතුමාගේ කාරුණිකභාවය හා වදන් පෙළ කියවන විට ඇසෙන් කදුලු වැටෙනවා. (නදී)

:       0       0

දම්මි Monday, 18 February 2013 07:02 AM

මාතර ඉස්පිරිතාලේ නෙමෙයි නේ.(නදී)

:       0       0

නදීෂා Monday, 18 February 2013 09:01 AM

හරිම සංවේදීයි. වෛද්‍යවරු කියන්නේත් හිත් පිත් ඇති මිනිසුන් බව ඔප්පු වෙනවා.. (ස)

:       0       0

සම්පත් Monday, 18 February 2013 10:13 AM

අපේ රජයේ රෝහලක කෙනෙක්ද මේ.....???? (ස)

:       0       0

දිසානායක Monday, 18 February 2013 10:55 AM

අපේ දොස්තර මහත්වරුන්ටත් ඔය ලිපිය පෙන්වන්න . (ස)

:       0       0

තිලක් Monday, 18 February 2013 05:09 PM

මිනිසුන් අතර උසස් මිනිසෙක්. (නි)

:       0       0

විමල් Wednesday, 20 February 2013 01:39 AM

ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යනයකින් අනුව ලංකාවේ වෛද්‍ය පීඨ වලින් එලියට යවන වෛද්‍යවරු තුල ආචාර ධර්ම , ආකල්ප සහ රෝගියා සම්බන්දයෙන් වගකිමත්වය ඉතාම පහල බව හෙළි වී තිබෙනවා. එසේම ලංකාවේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනික ගුණාත්මකභාවය සීග්‍රයෙන් පහත වැටී තිබේ. , ඇමරිකානු , කැරිබියානු, යුරෝපිය , වෛද්‍ය පීඨ ලෝකයේ ඉහලින් සිටින අතර ලංකාවේ වෛද්‍ය පීඨ නේපාලයේ වෛද්‍ය පීඨ සහ අප්‍රිකාවේ වෛද්‍ය පීඨ වලට ඉතාම පසුපසින් සිටියි. උදාහරණයක් ලෙස නයිජීරියාව , උගන්ඩාව , බුරුන්ඩි වැනි අප්‍රිකානු රටවලවෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ වලටත් වඩා දර්ශක වලින් ඉදිරියෙන් සිටියි. මේ නිසා දැන්වත් ලංකාවේ වෛද්‍යවරු බොරු මහන්තත්ව නැතිව පොලවේ පය ගැසිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site