X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


ධවල මන්දිරයේ ආරක්ෂක ලොක්කී ගෙදර යයි

ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි එරට බුද්ධි අංශ ප්‍රධානී ජූලියා පියර්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකා ජනාධිපති මන්දිරයට පුද්ගලයකු ඇතුළුවීමෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන ඇතැයි ද පැවසේ. ඉල්ලා අස්වීමට පෙර ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම්වලට ද මුහුණ දීමට ඇයට සිදුව තිබිණි.

පසුගිය 19 දා ධවල මන්දිර භූමියට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයකු ගොඩනැගිල්ල අභ්‍යන්තරයට ම පැමිණීමත්, 16 දා අපරාධ වැරදි සම්බන්ධ චෝදනා ලැබ සිටින හා ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශ කොන්ත්‍රාත් කරුවකු ජනාධිපති ඔබාමා සමග එකම විදුලි සෝපානයක ගමන් කැර තිබීමත් යන කාරණා හේතුවෙන් ධවල මන්දිරයේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු රැසක් සාකච්ඡාවට බඳුන්වෙමින් තිබේ.

ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකය හඳුන්වන්නේ සීක්‍රට් සර්විස් යනුවෙනි. ඇය මේ ධූරයට පත්ව ඇත්තේ මාස 18ට පෙරදීය. ඇයගේ ඉල්ලා අස්වීම භාරගත් බවත් ඇය 30 වසරක ආරක්ෂක අංශ රාජකාරී දිවියේ දී කළ මෙහෙවර අගයකරන බවත් ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපති ඔබාමා ද ඇයගේ සේවය අගය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉල්ලා අස්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ජුලියා කියා ඇත්තේ පසුගිය දා වූ සිදුවීම් දෙක හේතුවෙන් තම සේවාව ගැන ගැටළුවක් පැණ නැගී ඇති බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි.



අදහස් (0)

ධවල මන්දිරයේ ආරක්ෂක ලොක්කී ගෙදර යයි

මහින්ද කැලිෆෝර්නියා Friday, 03 October 2014 03:07 AM

ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 03 October 2014 06:07 AM

ප්‍රභූ ආරක්ෂකයෝ නායකයා වටකර යනවා මිසක් බාහිර ආරක්ෂාව ගැන බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය දුර්වලයි.ඇමෙරිකාවේ ජනාධිපතිවරු කීදෙනෙක් වෙඩිකාලා මිගියාද ? ප්‍රේමාදාස ජනාධිපති තුමාට ආරක්ෂක වළල්ලක් සිටියත් බාබු ගැන බුද්ධි අංශ වලට ඉවක් සොයාගන්න බැරිවිම කනගාටුවට කරුණක් ! (අ)

:       0       0

සෞදි-සිංහ Friday, 03 October 2014 06:29 AM

බාබු හිටියෙ ප්‍රේමදාස මහත්තයා ළඟ නිසා ආරක්ෂක අංශ ඇතුළු හැම දෙනාම හොඳින් දන්නවා(අ)

:       0       0

කුම ජයවර්දෙන Friday, 03 October 2014 06:55 AM

මේක අපේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින්ටත් රජයේ ප්‍රධානීන්ටත් ඇමතිවරුන්ටත් හොද ආදර්ශයක්, එහම වුණානම් අද කී දෙනක් ගෙදර ගිහින්ද ?. (අ)

:       0       0

මාටින් Friday, 03 October 2014 08:33 AM

මෙයාලට විකාර..බාබු කවුද ..ප්‍රේමදාස මහත්තය කවුද...ඔබාමා කවුද...ලෝකෙම නායකයා...තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ. (ස)

:       0       0

නිමල්ලාලිත Friday, 03 October 2014 08:38 AM

මේක සිරි ලංකාවය.මෙවැනි දෙයක් සිදු වූවා නම් ඉල්ලා අස්වීමට පෙර සමහරවිට කුඩුවේ ලැගීමට සිදු වෙනු ඇත. (ස)

:       0       0

චමිල Friday, 03 October 2014 08:44 AM

ඔච්චර පරස්සම් කරන්න අපේ අය වටින්නේ නෑනේ. එ්කයි ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ. (ස)

:       0       0

සේරම් පැරිස් Friday, 03 October 2014 10:03 AM

ඉල්ලා අස්වී යන තැනට ධවල මන්දිරයෙන් මෙයට කටයුතු සිදු කරන්න ඇති. (ස)

:       0       0

වින්සන්ට් Friday, 03 October 2014 02:02 PM

ආරක්ෂක නිලධාරිනිය පමණක් නොව කවුරුන් වුණත් තමන්ගේ ව කීම ඉටු කිරීමට නොහැකිනම් ඉල්ලා අස්විය යුතුය. නගර සභාවේ සනීපාරක්ෂක කම්කරු මහතාගේ සිට ජනතාවගෙන් වැටුප් ලබන උසස්ම දේශපාලකයාටත් එය පොදුය. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 03 October 2014 10:15 PM

මාටින්, ඔබගේ හීනමානය නැතිකරගන්න (නි)

:       0       0

දර්ශන Saturday, 04 October 2014 02:52 AM

බටහිරට බනින අය දැනගන්න ඕනෑ බටහිර ඇති ප්‍රජාතන්ත්‍රවාදය (නි)

:       0       0

අමිළ Saturday, 04 October 2014 06:43 AM

ලංකාවේ නම් ආයුධ පෙන්නන්න එක්ක යනවා. (නදී)

:       0       0

එම්.එන්.එම් මුසාමිල් Sunday, 05 October 2014 03:35 AM

අපේ අයට එහෙම ප්‍රශ්ණ වෙන්නේ නැහැ (නදී)

:       0       0

සුපුන් මදුරංග Sunday, 05 October 2014 05:09 AM

ඔය වගේ පුවත් කොච්චර දැම්මත් තේරුමක් නෑ. අපේ රටේ කිසි ලොක්කෙක් හෙන හැහුවත් දාලා යන්නේ නැහැ (නදී)

:       0       0

සේරම් පැරිස් Monday, 06 October 2014 04:40 PM

බටහිර රටවලට වඩා අපේ ලංකාවේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. අපි අවුරුදු 25 කට වැඩි කාලයක් මෙම රටවල සිටින නිසා දන්නවා උඩින් පෙනෙන දෙයට වඩා ඇතුළත බොහෝ වෙනස් බව. තවමත් පරණ අධිරාජ්‍යවාදය වෙනත් ක්‍රම වලින් ගෙනයන රටවල් මේවා. අපේ ශ්‍රමය අවශ්‍ය නිසා අපිට ඉන්නට දුන්නට, දැන් අපේ ශ්‍රමයත් එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site