අප සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටන ග‍්‍රහයෙකුගේ වායුගෝලයේ ජලවාෂ්ප ඇතැයි හඳුනාගැනීමට හැකිවූ බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ කියති.
එච් ඒ ටී 11 බී ලෙස නම් කැර ඇති මේ ග‍්‍රහලොව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් පිහිටියකි.හබල් හා ස්පිට්සර් අභ්‍යාවකාශ දුරේක්ෂ ආධාරයෙන් හා නාසා විද්‍යාඥයින් ග‍්‍රහලොවක ජලය තිබේදැයි සොයාගැනීම සදහා නිර්මාණය කර ඇති නව ක‍්‍රමවේදයක් ආධාරයෙන් මෙම සොයාගැනීම සිදුකර ඇතැයි පැවසේ.
එසේ නමුත් එහි ජීවය පැවැතීමට ඉඩක් නැතැයි කියන විද්‍යාඥයෝ ඒ සඳහා හේතුව ලෙස එච් ඒ ටී 11 බී එය අයත් ග‍්‍රහමණ්ඩලයේ මව් තාරකාවට ඉතා ආසන්නයේ පිහිටා තිබීම නිසා එහි මතුපිට උෂ්ණත්වය ඉතා අධික වීම යැයි පෙන්වා දේ.
අප සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ග‍්‍රහයෙකු මත තිබී ජල වාෂ්ප හදුනාගැනීමට හැකිවූ පළමු අවස්ථාවද මෙය නොවේ. පසුගිය මසදී පෘථිවියට ආලෝක වර්ෂ 7.3 ක දුරින් පිහිටි දුඹුරු වාමන තරුවක් මත තිබීද ජල වාෂ්ප සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකි විය.
විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යාවකාශයේ ජලය තිබීම අරුමයක් නොවන බවයි. හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් තිබේ නම් ජලය නිරායාසයෙන්ම සෑදෙන තරමේ වාතාවරණයක් බොහෝ ග‍්‍රහයින්ගේ ඇති බව ඔවුහු කියයි.
නමුත් ජීවය ඇතිවීමට ජලය පමණක් තිබීම ප‍්‍රමාණවත් නොවන බව ඔවුහු පෙන්වා දෙති. ජලය අත්‍යවශ්‍ය සාධකයක් වුවත් තවත් ජීවය ඇතිවීමට නම් සාධක රාශියක් සම්පූර්ණ විය යුතුව ඇතැයි විද්‍යාඥයෝ පවසති.
නමුත් මේ ලැබෙන සාක්ෂි පෘථිවියේ පමණක් නොව ජීවය පවතින වෙනත් ග‍්‍රහලෝකයන්ද තිබිය හැකි බව සනාථ කරන්නක් යැයි ඔවුහු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව ග්‍රහලොවක ජල වාෂ්ප
රවී - ඕමාන් Thursday, 25 September 2014 07:48 AM
ෂා............. මරුනේ මමත් ඉඩමක් ගන්න ඕන එහෙන්වත් මේ තියන තත්වේ හැටියට දැන් පෘතුවියේ වසන්න අමාරුයි (දී)
පුඤ්ඥසෝම Thursday, 25 September 2014 08:32 AM
ජලවාශ්ප හොයන්න ඔච්චර දුර යන්න ඕනයෑ. හුස්ම ටිකක් වෙලා හිර කරං ඉදල ඔය විදුරුවකට පිම්බානම් ජල වාශ්ප හම්බ වෙනවනේ. (දී)
හේවාවිතාරණ Thursday, 25 September 2014 07:49 PM
පුණ්‍යසෝම ලිඳ තුල තනි වුන මැඩියා ලොව සෙසු තොර තුරු නොදනී (නදී)
රුමේෂ් Thursday, 25 September 2014 10:35 PM
පුඤ්ඤසෝම මහත්තයත් අර බහුතරයක් වගේ තණකොළද කන්නේ? (නි)
දන් Friday, 26 September 2014 05:07 AM
"පුඤ්ඥසෝම" හුස්ම හිරකරගෙනම ඉන්න වීදුරුවලට පිබින්න එපා. (දී)