X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


නැති වු යානය සෙවීම නවතී

පසුගිය මාර්තු මාසයේ මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්වූ එම්.එච් 370 අංක දරන මලයාසියා ගුවන්යානය සොයා සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් මේ වසර අවසානයට පෙර අත්හිටුවීමට නියමිත යැයි රාවයක් පැතිර යමින් තිබේ.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීව සිටි මැලේසියා ගුවන්සේවයේ ප‍්‍රධාන විධායක නිළධාරියෙකුගේ මුවින්ද අහම්බයකින් මේ බව ගිලිහුණු අතර වහාම ප‍්‍රකාශයක් නිකුත් කළ මැලේසියා ගුවන් සේවය එය එම නිළධාරියාගේ පෞද්ගලික අදහස් දැක්වීමක් විනා සමාගමේ මතය නොවන බව අවධාරණය කර සිටියේය.

අතුරදන්වූ යානයේ ගමන් කරමින් සිටියවුන්ගේ නෑ හිතවතුන් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘වොයිස් 370‘‘ සංගමයද එම නිළධාරියාගේ ප‍්‍රකාශය හෙළා දැක ඇත.එසේ නමුත් ඇත්තටම මෙහෙයුම් අත්හැර දැමිමේ සූදානමක් බළධාරීන් අතර පවතින බවට ලකුණු පෙනෙන්නට ඇති බවත් එම සංගමය කියයි.

එසේවුවත් මෙහෙයුම් කටයුතු වලට සහභාගීව සිටින  ඕස්ටේ‍්‍රලියාවද නිවේදනයක් නිකුත් කරමින් මෙහෙයුම් නැවැත්වීමේ කිසිදු සූදානමක් නැතැයි සඳහන් කර ඇත.

සිව්වැනි වතාවටත් දියත් කෙරී ඇති මෙහෙයුම් වලින් මේ වන විට ආවරණය කර ඇත්තේ යානය අතුරුදන්වූ වර්ග කිලෝමිීටර 50000 ක් පමණ වූ මුහුදු ප‍්‍රදේශයෙන් වර්ග කිලෝමීටර 3000 ක පමණ කුඩා ප‍්‍රමාණයක් බව සඳහන්ය.

මේ දක්වා සිදු කෙරුණු මෙහෙයුම් වලින් යානයේ ඉරණම පැහැදිලි කෙරෙන කුඩා හෝ සාක්ෂියක් පවා සොයාගැනීමට හැකිව නොමැත.



අදහස් (0)

නැති වු යානය සෙවීම නවතී

නාලක රවින්ත Wednesday, 12 November 2014 07:12 AM

මේකද තාක්ෂණයේ දියුණුව කියන්නේ.විශ්වය ජයගත් පොරවල් එමටයී. එහෙත් මේ වර්ග කිලෝමිීටර 50000 ක් පමණ වූ මුහුදු ප‍්‍රදේශය පිරික්සන්න බැ. තවම වර්ග කිලෝමීටර 3000 ක පමණ කුඩා ප‍්‍රමාණයක් ඉවර. අනේද කියන්නේ . මෙතන ලොකු හොරයක් තියෙනවා එකයී මේ සේරම. (බ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 12 November 2014 11:17 PM

යානය නැතිවුණ දවසේ සිට මේ දක්වා සිදුවුණ දේවල් දෙස බලනවිට පෙනීයන්නේ මෙතන ලොකු අබිරහසක් සැඟවී තිබෙන බවයි. (නි)

:       0       0

මුදිත Wednesday, 12 November 2014 11:43 PM

නාලක, වර්ග කිලෝමීටර් 50000 කියන්නේ ලොකු ප්‍රදේශයක්. ලංකාවම වර්ග කිලෝමීටර් 65,610. අනික මේ හොයන්නේ මුහුද යට. සමහර තැන් කිලෝමීටර් 5 කටත් වඩා ගැඹුරුයි. උදාහරණයක් ලෙස හිතන්න විශාල මීදුමකින් ලංකාව වැනි විශාල ප්‍රදේශයක් වැසී ඇතිවිටක, ඔබට පෙනෙන්නේ කුඩා නිවසක තරම් ප්‍රමාණයක් නම් එම මුළු ප්‍රදේශයම නිරීක්ෂණය කරන්න කොපමණ කාලයක් යයිද? අද තාක්ෂණය දියුණු බව ඇත්ත. ඒත් සියලුම තාක්ෂණයන් එක හා සමානව දියුණුවී නැත. අනික මීට පෙර මෙවැනි මුහුදු නිරීක්ෂණයන් සිදුකර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. නමුත් පසුකාලීන මෙවන් මෙහෙයුමකදී, මෙම මෙහෙයුමේදී පැමිණි ගැටළු මෙන්ම ඒවාට සොයාගත් පිළිතුරු උපකාර වේවි. එයයි තාක්ෂණය දියුණුවීම කියන්නේ. (නි)

:       0       0

යසංග Thursday, 13 November 2014 01:53 AM

ඇයි මෙහෙම කරන්නේ මිනිසුනේ! නැතිවූ ජීවිත වටින්නේ නැද්ද? (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 15 November 2014 11:04 AM

මුළු පෘතුවිය පුරාම සෑම අස්සක් මුල්ලක් නෑර , රහසිගතව පරික්ෂා කරන , චන්ද්‍රිකා තාක්ෂනය තිබෙන රටවල් මෙය ගැන දන්නවා ඇති , ඉහල අහසේ පමණක් නොව බිම ගමන් කරනා මෝටර් රථයක් යුධ රථයක් , හෝ මිනිසුන්ව දකින්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය තිබෙන අවස්ථාවක , මේක ලොකු අබිරහසක් , බලගතු රටක ක්‍රියාවක් වන්නට බැරී නැහැ (අ)

:       0       0

සංජීව Monday, 17 November 2014 03:21 AM

මම නම් කියන්නේ මේ යානය නැතිවුණා නෙමෙයි.මේක ඕනෑවට කළ වැඩක් (නි)

:       0       0

අසෝක Monday, 17 November 2014 06:01 AM

ඇමෙරිකාව විසින් ඇෆ්ගන්ස්ථානයේ කඳවුරු පිළිබඳව රහසිගතව හොයන්න ද්‍රෝන යානයක් යවල තිබුනා. එම යානය හදිසියේම ඇෆ්ගන් සතුරු කඳවුරක් ළඟ වැටි තිබී ඇත. මෙය කෝටි ගණනකට ඇෆ්ගන් ත්‍රස්තයන් විසින් චීනෙට විකුණා ඇත. එම දරෝන යානය ප්‍රවාහනයට යොදා ඇත්තේ මෙම අතුරුදහන් උන යානයේ. පසුව මෙම යානය මාල දිවයිනට පහලින් ඇති දියාගෝ ග්‍රාසියා නමැති ඇමෙරිකානු යුද කඳවුරක් පමණක් තිබෙන මෙම දිවයිනට බස්සවා යානය සහ එහි ගමන්ගත් මගීන් විනාස කර ඇත. මාල දිවයිනේ කුඩා දිවයිනක සිටින දුප්පත් මිනිසුන් වගයක් මෙම ගුවන් යානය අතුරුදහන් උන දිනයේ එම දිවයිනට ඉතාමත් ලගින් ගමන් කරනවා දැක ඇති බව සාක්ෂි තිබුනත් ඒ පිළිබඳව කිසිම පරීක්ෂණයක් කර නොමැත. (නදී)

:       0       0

පනාගොඩ Tuesday, 18 November 2014 01:36 AM

අ‍ර අපේ ජ්‍යෝතිෂවේදියාගෙන් අහන්න කිව්වා නම් ඉවරනේ! (නි)

:       0       0

කල්ප Tuesday, 18 November 2014 04:24 AM

වැඩක් නෑ මේක තවත් හොයලා.මුදල් වියදම් වෙන එක විතරයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site