X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


නිකිනි සෙවීම අතහරී ?

මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරදන්වී දැනට දින 52 ක් ගෙවී ඇති මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා මුහුද මත සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු සීමා කිරීමට කටයුතු කරමින් සිටින්නේයැයි  ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබොට් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ගුවන් යානය මුහුදේ ගිලීගියේ නම් ගුවන් යානයෙන් බිදී ගිය කොටසක් මුහුද මතුපිටට ඒම වියහැක්කක් වූවත් දැන් දින 52 ක් ගතවී ඇති තැන එසේ මුහුද මතුපිටට පැමිණි තිබෙන්නට ඇති කොටස්ද යළිත් ගිලී ගොස් තිබිය හැකි වීමේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි ඔහු කීය.

මෙනිසා මුහුද මතුපිට සිදුකෙරෙන මෙහෙයුම් වලට වඩා මුහුදු පතුලේ සිදුකෙරෙන මෙහෙයුම් වලට තැන දීමට යානය සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන කණ්ඩායම් සැළසුම් කර ඇතැයි ඔහු සදහන් කළේය.

යානය අතුරුදන්වූ පසුගිය මාර්තු 28 වැනිදා පටන් මේ දක්වා සිදුකෙරී ඇති මෙහෙයුම් වලින් යානය පිළිඹද කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකිව නොමැත.යානය ඉන්දියන් සාගරයට කඩා වැටෙන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන මතය වන අතර එසේවුවත් යානයේ සුන්බුන් කොටසක් හෝ සාගරය මත සුලූ හෝ තෙල් ඉහිරුමක සළකුණු හෝ සොයාගැනීමට මෙහෙයුම් කටයුතු සිදුකරන කණ්ඩායම් අපොහොසත්ව සිටිති.

මේ අතර පසුගියදා හිටපු මැලේසියා අගමැති ආචාර්ය මහතීර් මොහොමඞ් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් වගකීම භාරගතයුතුව ඇත්තේ එහි නිශ්පාදකයා වන බෝයිංග් සමාගම යැයි චෝදනා කළේය.

ජංගම දුරකථනයකින් පවා තමන් සිටිනා තැන සොයාගැනීමට තරම් තාක්ෂණය දියුණු යුගයක ගුවන් යානයක් වැනි අධි තාක්ෂණික යන්ත‍්‍රයක් හිටි ගමන් අතුරදන් කරවිය හැක්කේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කළේය.බෝයිංග් සමාගම කියන තරම් තාක්ෂණය අතින් දියුණු නැති බවක් හා සමාගම නිපදවන ගුවන් යානා ඔවුන් නිර්දේශ කරන තරම් ආරක්ෂාකාරී නොවන බවක් පෙනී යන්නේ යැයි ඔහු කීවේය.

ප‍්‍රධාන නියමුවා සියදිවි නසාගැනීමේ අරමුණින් යානය විනාශ කිරීමට කටයුතු කරන්නට ඇතැයි ඉදිරිපත්වී ඇති මතය බැහැර කළ හිටපු අගමැතිවරයා ඔහු එවැනි දෙයක් කරන තෙක් සහය නියමුවා හා කාර්යමණ්ඩලය ඔහේ බලා සිටියේයැයි කිසිසේත් විශ්වාස කළ නොහැකි බව පැවසුවේය.

යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයාගැනීමට මේ දක්වාම නොහැකිවීම යානය සැබෑවටම කඩාවැටී ඇත්දැයි සැකයක්ද උපදවන බව ඔහු පැවසුවේය.



අදහස් (0)

නිකිනි සෙවීම අතහරී ?

දම් Tuesday, 29 April 2014 03:35 PM

අහසේ ග්‍රහලෝක හොයන මහා ලොකු බලවතුන්ටත් මේක හොයා ගන්න බැරි වුණානේ .මට නම් හිතෙන්නේ ඔය ග්‍රහලෝක හමුවුන කතාවලුත් බොරු වෙන්නැති. මොකෝ අපි දැක්කේ නැනේ. එයාලා කියනවා අපි අහනවා . ඔය ප්ලේන් එකත් එහේ ඇති සමහරවිට ,!...... (ස)

:       0       0

පියල් Tuesday, 29 April 2014 08:51 PM

හිටි ගමන් ක්‍රියාත්මක වන බර්මියුඩා වගේ එකක් තියෙනවාද දන්නේ නැහැ (දී)

:       0       0

චමින්ද Wednesday, 30 April 2014 01:12 AM

මැලේසියානු අගමැතිවරයා,දකුණු කොරියානු අගමැතිවරයා වගේ ඉල්ලා අස්වෙයිද? (නි)

:       0       0

සෙන්සා Wednesday, 30 April 2014 07:36 AM

ඇත්තට නිදාගන්න මිනිහා අවදි කළත් බොරුවට නිදාගන්න එකා කිසිකලක අවදි කරන්න බැහැ කියලා කියනවානේ.මෙය ස්වභාවික අනතුරක් නෙමෙයි වගෙයි.සැළසුම් සහගතව සිදුකරන ලද විනාශයක් ලෙසටයි මම නම් දකින්නේ.සෑහෙන කලකට ඇත්ත එළියට එන එකක් නැහැ. (නි)

:       0       0

ප්‍රදීප්‍ර Wednesday, 30 April 2014 12:13 PM

මීට කලින් මේ ගැන මම කිව්වා වෙන්න පුළුවන් එකම දේ ඇමරිකාව මේ දෙයට කෙලින්ම සම්බන්ධ වීම හෝ රේඩාර් තොරතුරු අනූව වෙනත් ජීවි විශේෂයක බලපෑමක් වෙන්න පුළුවන්.අනික ඇමරිකාව මෙම සෙවීමේ කටයුතු වලට කිසිම සම්බන්ධතාවයක් දක්වන්නේ නැති එකත් සැකයක්. (දී)

:       0       0

සිරා Wednesday, 30 April 2014 03:05 PM

දම් මහත්මය , ඔබතුමාගේ පරිගණකයත් ඔබතුමාම හදා ගත එකක්ද ?? ග්‍රහලෝක හොයන තාක්ෂණයෙන් , අතුරුදහන් වුන ගුවන් යානා සොයන්න පුළුවන් බව ඔබ දැක්කේ කාටූන් එකකද (දී)

:       0       0

අනුර Thursday, 01 May 2014 07:14 AM

අපේ යුද්ධයේ අවසන් දසුන් ඇමරිකාව දැක්කා නම් මේක නොදන්නා එක විහිළුවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site