තදින්ම නිදා සිටින්නන් පවා අවදි කිරීමේ සමත් සංඥා (එලාම්) ඔරලෝසුවක් නිපදවීමට බි‍්‍රතාන්‍යය සමාගමක් සමත්ව තිබේ.
මෙම ඔරලෝසුවේ අධි බල ශබ්ද වාහිනියක්,හිස තබන කොට්ටය යට තැබිය යුතු පුවරුවක්,වේලාව දර්ශනය කිරීම සදහා විසල් පුවරුවක් ඇත.
නිදාගැනීමට පෙර උදෑසන නැගිටීමට අවැසි වේලාව ඔරලෝසුවට යොදා එහි සපයා ඇති පුවරුව කොට්ටය යටින් තබා ගත යුතුවේ. මෙම පුවරුව කොට්ටය යට තබාගත්තේයැයි නිදාගැනීමට කිසිදු අපහසුතාවයක් ඇති නොවෙතියි නිෂ්පාදකයෝ කියති.
උදෑසන නැගිටීමේ වේලාව එළැඹි විට මෙම ඔරලෝසුවේ වැඩකිඩ බැලිය හැකිය.
මුලින් කුඩා ශබ්දයක් නිකුත් කරන්නට පටන්ගන්නා ඔරලෝසුව නිදා සිටින්නා නොනැගිට එය වසා දමන්නේ නැති නම් තව තවත් ශබ්දය වැඩි කරමින් එය දුම්රියක් ධාවනය වන විට නැගෙන ශබ්දය මට්ටමටම ගෙන ඒ.මේ අතර කොට්ටය යට වූ පුවරුව කම්පනය වීමට පටන් ගන්නේ භූමිකම්පාවකට හසුවූවක් පරිද්දෙනි.
මෙයාකාර වධහිංසා මධ්‍යයේ නිදා සිටින්නෙක් නම් සිටීමට නොහැකි බව නිර්මාපකයින්ගේ අදහසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිදා සිටියත් වේලාවට අවදි කරවයි
ගාමිණී - සිරි Thursday, 13 February 2014 01:15 PM
වේලාසනින් අවදි වීමට ඔයතරම් වැඩ, කිඩ , මොකටද අනේ.. අපට. පරණ ටයිම් පීස් එක තවම හොඳින් වැඩ.(නදී)
රජින්ද Thursday, 13 February 2014 01:30 PM
එහෙමයි කියල ඒත් දොයිමතනම් තමා නිදාගෙන ඉන්න මනුස්සයාගේ වැඩ කිඩ ටිකකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ. දහස් ගානක් වියදම් කරලා ගෙනාවත් මර නින්දක්නම් ඕකත් පොලේ ගහල ආයෙත් නිදා ගනී.(නදී)
ඉන්දික Thursday, 13 February 2014 04:06 PM
අපේ ගෙදරත් එකක් තියෙනවා. ඒකට කියන්නේ එලාම් එක කියලා.(නදී)
සැම් යු.කේ Thursday, 13 February 2014 04:26 PM
මේක දැක්කම අපේ මිනිස්සු පිස්සු කියලා හිතයි. මාත් ඉන්නේ ඇමරිකාවේ. මම රාත්‍රී වැඩ කරන්නේ. නෝනා දවල් වැඩ. පොඩි එකාව මොන්ටිසෝරියට දාලා නෝනව වැඩට දාලා ගෙදර ඇවිත් එලාම් එක තියලා නිදා ගත්තා පැය දෙකකින් ඇහැරෙන්න. කොච්චර තදට නිදා ගත්තද කිව්වොත් එලාම් එක ඇහුනෙත් නැහැ. එක දිගට රාත්‍රී හතරක් වැඩ කරලා හිටියේ. පොඩි එකා ගන්න ගියේ පැය දෙකක් පහුවෙලා. නෝනටත් ඉස්කෝලෙන් කතා කරලා එයා බය වෙලා. ඉතින් මේ වගේ එකක් තිබුනොත් කොච්චර උපකාරවෙනවද? (නදී)
පහන් Thursday, 13 February 2014 04:40 PM
සිංහලයා ඉතා තදින් නිදාගෙන ඉන්නේ මේකවත් ගෙනල්ල බලමුද ? (නදී)
රොකි Thursday, 13 February 2014 09:40 PM
නිදාගත් මිනිසුන් අවදි කිරීම කියන්නේ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරිරීමක්. එක නිසා ඔවුන්ට මැරෙන තුරු නිදා ගන්න ඉඩ තිබිය යුතුයි (අ)
සංජීව Friday, 14 February 2014 04:52 AM
මීට වඩා හොඳ එලාම් එකක් හදලා තියනවා කාන්තාවන්ට - යන්න යු ටියුබ් එකට.(නදී)
ඉමේෂ් හේෂාන් Friday, 14 February 2014 01:12 PM
නියම අදහසක්! (දී)
ෂෙරිෆ් Friday, 14 February 2014 01:32 PM
අනේ දුප්පත් අපි ඉන්නේ ලංකාවේ, අපිට හරියට නින්ද යන්නේ නැහැ, රෑ වෙනකොට මතකයට නැගෙන්නේ හෙට දවස කල්ගෙවන එක ගැන, විදුලි බිල, ජිවන වියදම, වතුර බිල, හැමදෙයක්ම ගිනි ගණන්.(නදී)
අබේ දයාරත්න ඔස්ට්‍රලියා Friday, 14 February 2014 03:55 PM
මම ඔය මොකුත් නැතුව නැගිටිනවා මොලෙන් දෙන නියෝග ඇති (දී)
අක්ෂි Saturday, 15 February 2014 08:29 AM
පහන් අපේ අයගේ මේ නින්දට ඕව හරියන්නේ නැහැ. (නදී)
ඉන්දික Saturday, 15 February 2014 11:22 AM
එංගලන්තේ අයට ලෝකේ වටේටම ගිනි දීල හොඳට නින්ද යනවා ඇති. ඒකයි අලුත්ම ජාතියේ එලාම් එකක් ඕන වෙලා තියෙන්නේ.(නදී)
අබ්දුල්ලා Saturday, 15 February 2014 04:10 PM
අපේ ඔරලෝසුවෙන් වදින සීනුව සද්දේ වැඩියි.(නදී)
රාජුන් Sunday, 16 February 2014 04:29 AM
මම ඉන්නේ තට්ටු නිවාසෙක. අපේ ගෙදර එලාම් එක වදිනකොට අල්ලපු ගෙදර අය ඇවිල්ල අපේ දොරට තඩිබාල අපිව ඇහැරවනවා.(නදී)
සුදා Sunday, 16 February 2014 08:56 AM
සැම් යු.කේ අදහස හරි (දී)
රූමි Sunday, 16 February 2014 01:05 PM
කුකුල් හාමි ඉන්නකන් අපිටනම් ඉතින් ඔටෝමැටික් එලාම් තමයි.... (දී)