X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නියපොත්තෙන් ලෝක වාර්තාවක්

තම වම් අතෙහි ඇඟිලි පහේම නියපොතු වෙනුවෙන් ලෝක වාර්තාවක් තබා ගීනස් පොතටද නම ඇතුළත් කළ පුද්ගලයකු ඉන්දියාවෙන් වාර්තාවේ. ඉන්දියාවේ ශ්‍රී ධාර් චිලාල් (78) වයස අවුරුදු 16 සිට තම වම් අතෙහි නියපොතු වැවීම අරඹා ඇති අතර වසර 2015 වනවිට තම අතෙහි ඇඟිලි පිළිවෙළින් සුලන්ගිල්ල සෙන්ටි මීටර් 179 ක්ද වෙදැගිල්ලේ සෙන්ටි මීටර් 140 ක් ද මැදඟිල්ල සෙන්ටි මීටර් 186 ක් ද දබරගිල්ල සෙන්ටි මීටර් 164.5 ක් ද මාපට ඇඟිල්ල 197.8 ක් ලෙස වවා ඇත.

පාසල, රැකියාව , විවාහය ඇතුළු විවිධ සන්ධිස්ථාන වලදී තම දිගු නියපොතු බාධකයක් වූ බව  පවසන ශ්‍රී ධාර් චිලාල් හට විවාහ යෝජනා කිහිපයක්ම නියපොතු නිසා බිඳ වැටුණද තම සහෝදරයකුගේ බිරිදගේ පවුලේ සාමාජිකාවක් තමා සමඟ විවාහ වීමට ඉදිරිපත්වූ බවද පවසයි. මේ වනවිට වසර 62 ක් නියපොතු වවා ඇති 78 හැවිරිදි චිලාල් ඉදිරි කාලයේදී තම නියපොතු කෞතුකාගාරයකට භාරදීමට කටයුතු කරන බවද පවසයි.

sridhaar2[1]



අදහස් (0)

නියපොත්තෙන් ලෝක වාර්තාවක්

සිරිනිමල් Sunday, 11 October 2015 11:10 AM

කොහොම හරි ගිනස් පොතටත් ගිය එහෙනම්. (ර)

:       0       0

රුසිරු Friday, 09 October 2015 11:43 AM

අත් දෙකක් එක්ක ඉපදිලත් අත් දෙකම පාවිච්චි කරන්න පින නැති මිනිහෙක්. (ර)

:       0       0

කුමාර Friday, 09 October 2015 04:21 PM

මේවා වළක්වන්න බැරි අවාසනාවල්! (නි)

:       0       0

ජයතිලක Friday, 09 October 2015 06:53 PM

මුළු ජීවිතයට දුක්විඳින මෝඩ මනුස්සයෙක්. පවු! (නි)

:       0       0

ප්‍රසාද් Friday, 09 October 2015 09:26 PM

විනාඩි 2ක් ඇතුළත මේවා කපා ඉවත්කර අත පිරිසිදු කරගෙන දැන්වත්, වැඩක් පලක් කරලා මිනිහෙක් විදිහට ජීවත්වෙන්න. (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 10 October 2015 05:35 AM

රටටත් තමන්ටත් වැඩක් නැති මේ වගේ බහුබූත වලට වාර්තා කියන්නේ ඒ වගේම මෝඩයෝ. (ර)

:       0       0

කාශ්‍යප Saturday, 10 October 2015 06:43 AM

ප්‍රසාද් ගේ කතාව විතරයි මෙතනින් ගතයුතු, අර්ථවත් කොමෙන්ට් එක. (ර)

:       0       0

කුරුවිට Sunday, 11 October 2015 06:34 AM

කසන්න නියපොතු තිබුනට සමහර වැඩ කරන්න බෑනේ (බ)

:       0       0

මඩුල්ල Sunday, 11 October 2015 07:08 AM

විසබීජ ගොඩයි ඉන්දියාවෙන් අහන්න ලැබෙන්නේ මේ වගේ දුර්ලබ දේවල් (බ)

:       0       0

රසික Friday, 09 October 2015 08:42 AM

ඉකේයියා (බ)

:       0       0

චන්න බුවනක Sunday, 11 October 2015 06:05 PM

මේ ජීවිතයෙන් කිසි වැඩක් නැහැ. හරිම අප්‍රසන්නයි. (නි)

:       0       0

චන්න බුවනක Sunday, 11 October 2015 06:05 PM

මේ මනුස්සයා ජීවිත කාලයම එක තැන වෙන්න ඇති ඉන්න ඇත්තේ. (නි)

:       0       0

කිත්සිරි Monday, 12 October 2015 02:16 AM

මේක එක්තරා විධියක පවුකාර කමක් තමයි. එක අතක් අහිමි කෙනෙකුටත් වඩා අසරණයකු වගේ ජීවත් වෙන්න වෙනවා... (ස)

:       0       0

ගම්මානේ රාල Monday, 12 October 2015 03:55 AM

මොහුගේ කමිසයේ වම් අත දා ගන්නේ කොහොමද? (ම)

:       0       0

චන්දික Monday, 12 October 2015 11:30 AM

ඇදුම් ඇදීමේදී ලොකු ප්‍රස්නයක් ඇති. ඒ වගේම මගේ අදහස නම් මේවගේ දේවල් කරන්නේ මානසික ලෙඩ්ඩු කියලයි. විදින්න තියෙනේ ජීවිතය විදවන එක හොද නැත. (ර)

:       0       0

සෙනරත් Tuesday, 13 October 2015 02:40 AM

මිනිස් ජීවිතයක් ලැබුනත් පෙර ආත්මේ කළ පවක් නිසා මුලු ජීවිත කාලෙම විඳවපු මනුස්සයෙක්. (නි)

:       0       0

මනෝජ් Tuesday, 13 October 2015 04:11 AM

පවු අනේ ඒ අන්කල්... ජීවිතේ නාස්ති කරගෙන (නි)

:       0       0

සංජය Tuesday, 13 October 2015 04:38 AM

මේ බහුබූත ගිනස් පොත් වල මොකට දානවද .. (ම)

:       0       0

චන්දි Thursday, 08 October 2015 11:58 AM

දිමේෂ්, ජයා ඔය දෙන්නගේ අදහස් මට සතුටු සිනහවක් ගෙන දුන්නා. මගේ පොඩි පුතත් වම් අතේ සුලැගිල්ලේ නියපොත්ත වවනවා. කපන්න කිවම කියන්නේ අනේ බැහැ අම්මේ නැත්නම් හැමෝම කියාවි කහගන්න නියපොත්තවත් නැහැයි කියලා. (ර)

:       0       0

සිරිසේන Thursday, 08 October 2015 06:38 AM

මේකනම් ලෝක වාර්තාවක්ම තමයි. ඒ තරම් අපහසු දෙයක්. (ර)

:       0       0

අමල් Thursday, 08 October 2015 06:40 AM

කොහොමද මේක වැව්වේ. හිතාගන්නත් බෑ. (ර)

:       0       0

සුදන්ත Thursday, 08 October 2015 07:02 AM

මේ විදිහට අවුරුදු 62 හිටියට වෙවම සම්මානයක් දෙන්න ඕනි. (ර)

:       0       0

දිමේෂ් Thursday, 08 October 2015 07:02 AM

මෝඩ මිනිහෙක්. හදිසියකට කහ ගන්නවත් බැහැ. (ර)

:       0       0

සුදන්ත Thursday, 08 October 2015 07:14 AM

හිතාගන්න අපහසුයි .මෙයා කොහමද මේ විදිහට අවුරුදු 62ක් හිටියේ කියලා ,මාර අපහසු වැඩක්නේ මේක. (ර)

:       0       0

ධම්ම Thursday, 08 October 2015 08:46 AM

මට නම් හිතෙන්නේ අපරාදේ මෙයාගේ මේ ලෝකේ ජීවත් වෙච්ච අවුරුදු 78 කියලා. ඔය අතින් කිසිම වැඩක් කරලා නැතිව ඇති.(ම)

:       0       0

හුසේන් Thursday, 08 October 2015 09:59 AM

මෙවැනි වැඩක් වෙන කාටවත් කරන්න බැරිවේ (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 08 October 2015 11:32 AM

මේ මනුස්ස්යටනම් කාටවත් චෝදනා කරන්න බැහැ කසන්න නියපොත්ත නැහැ කියල (බ)

:       0       0

සංජය Thursday, 08 October 2015 06:39 AM

ඉන්දියාවෙන් එන්නේ ඕවා තමයි. (ර)

:       0       0

දර්ශන Thursday, 08 October 2015 01:21 PM

අවුරුදු 62 කින් පස්ස හෝදලා නැතුව ඇති !‍(හේ)

:       0       0

ටොම් Thursday, 08 October 2015 03:14 PM

ඒ කියන්නේ වසර 62 වැසිකිලි ගිහිල්ල නැහැ.තවත් වාර්තාවක්. (බ)

:       0       0

ලංකාසිරි Thursday, 08 October 2015 08:07 PM

නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපනතුරු ඉඳලාද? (නි)

:       0       0

ෆර්සාන් Thursday, 08 October 2015 08:57 PM

නිකන් වැවෙන නියපොත්ත! මේ මොන වාර්තාවක්ද? අපේ කොමාන්ඩෝ නිලධාරී මහතා තියපු එකයි වාර්තාව (නි)

:       0       0

පෙරේරා Friday, 09 October 2015 03:07 AM

එක එක්කෙනාට නොයෙකුත් පිස්සු තියනවා. (නි)

:       0       0

ආරියසේන Friday, 09 October 2015 03:18 AM

ජීවිතයම මේවටම විඳවන මිනිසෙක් (නි)

:       0       0

ලාවුලු Friday, 09 October 2015 03:22 AM

නරක ආදර්ශ දෙන වාර්තා වලින් සමාජයට සිදුවන සෙතක් නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

ගස්පේ Friday, 09 October 2015 05:33 AM

හදිසියට කසන්නවත් නියපොත්තක් නැති මිනිහෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site