නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ධාන්‍ය සමඟ ඔලිව්තෙල් ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ, දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකින් වැළකී සිටිය හැකි බව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.
ස්පාඤ්ඤ රොවිරා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් හෘදයවස්තුවේ ආබාධවලින් පෙළීමේ අවධානම ඇති මිනිසුන් 5800 ක් යොදාගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. මේ සඳහා වසර පහක කාලයක් ගතකළ බව ද පර්යේෂකයෝ කියති. මොවුන් කොටස් තුනකට බෙදා එක් කණ්ඩායමකට ඔලිව් ඔයිල් සහ නැවුම් පළතුරු, එළවළු හා කිරි වැඩිපුර අඩංගු ආහාර වේලක් ද අනෙක් කණ්ඩායමට ඇට වර්ග වැඩිපුර අඩංගු නැවුම් එළවළු පළතුරු කිරි සහිත ආහාර වේලක් ද අනෙක් කණ්ඩායමට අඩු මේදය සහිත ආහාර වේලක් ද ලබා දෙන ලදී.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ නැවුම් එළවළු, පළතුරු හා කිරි අනුබව කළ කණ්ඩායම් දෙක ම තම ස්ථුලතාව අඩුකරගෙන තිබූ බවයි. එසේ ම අධ්‍යයන කාලයේ දී ඔවුන්ගේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ද අඩුවී තිබිණි.
ඔලිව් ඔයිල් ආහාරයට ගත් අයගේ ශරිරයේ මේද තැන්පත් වීමේ ප්‍රමාණය අඩුවී තිබූ අතර එය අඩු මේදය ආහාරයට ගත් අයට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවීමක් බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය ජෝඩි සලාස් පෙන්වාදෙන්නේ ඔලිව්තෙල් ආාහරයට ගැනීමෙන් රෝගවලින් වැළකී සිටීමේ හැකියාව වැඩිවන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිරෝගී දිවියට ඔලිව් තෙල්
ගාමිණී සිරිවර්දන Wednesday, 15 October 2014 01:41 PM
ඔලිව් තෙල් අද මුළු ලෝකයම භාවිතා කරන්න වෙලා. අතීතතයේ අපේ අත්තලා,මුත්තලා අනුභව කළ පොල්තෙලින් නිමකළ කෑමවර්ග නිමක් නැහැ. නරකද අපේ පොල්තෙල් බෝතලයක්,තලතෙල් බෝතලයක් එහෙම පර්යේෂණ කරන්න ඔය කියන විශ්ව විද්‍යාලයට යැවුවා නම් ! (නි)
ගාමිණි Wednesday, 15 October 2014 03:18 PM
ගොඩක් ලෙඩ වලට හොදයි.(හේ)
සුරාජ් Wednesday, 15 October 2014 04:43 PM
ලේබලයේ නිෂ්පාදිත රට ගැන අවදානයට ගන්න.රටවල් දෙක හෝ තුනක් ඇත්නම් එය මිශ්‍ර කරන ලද ඔලිව් තෙල්ය.(හේ)
මිනුර Wednesday, 15 October 2014 04:43 PM
මේ හොදයි කියන්නේ නියම ඔලිව් තෙල්.වෙළදපොළේ බොහොමයක් තිබෙන්නේ අනිකුත් තෙල් ජාතින් සමග මිශ්‍ර කල ඔලිව් තෙල්.(හේ)
සමරේ(ගාල්ල) Wednesday, 15 October 2014 05:04 PM
අනේ මන්ද එක කට්ටියක් කියනව තෙල් කෑම අගුනයි කියල තව කට්ටියක් කියනව ගුනයි කියල (අ)
චන්දන Wednesday, 15 October 2014 11:11 PM
මනුර, ගාමිණී, සුරාජ්, සමරේ, ඔබගේ අදහස් හරි.හොඳ ඔලිව් තෙල් ශරීරයට ගුණයි. ඊජිප්තුවත් වැඩිපුර ඔලිව් ගෙඩි ආහාරයට ගන්නවා. ඒ උස මහත ශක්තිවන්ත පුද්ගලයින්. පොල්තෙල් වල වරදක් නැහැ. නමුත් අපේ රට වල නිෂ්පාදන අගරු කිරීමට බොහෝ රටවල්ද උත්සාහ කරනවා. (නි)
රෙජි-සිඩ්නි Thursday, 16 October 2014 12:00 AM
ඔය හැම තෙලකම ගුණ අගුණ තිබෙනවා. ප්‍රමාණයකට ගත්තම ඔය කොයි තෙලත් හොඳයි. (නි)
බමුණු ආරච්චි Thursday, 16 October 2014 01:02 AM
ඔලිව් තෙල් රත්කළොත් එහි තිබෙන සංඝටක කැඩෙන බව කියනවා නේද? එවිට එහි ඇති ගුණාත්මකභාවය නැතිවෙන බව මම අසා තිබෙනවා. (නි)
චන්ද්‍රා Thursday, 16 October 2014 01:27 AM
පොල්තෙල් ගුණදායක කාර්යශීලී ශරීරවලට මිසක් හොර ශරීර වලට නොවේ. ඔලිව් තෙල් රත් නොකරන තරමට ගුණදායක බව මම අසා ඇත්තෙමි. අධික උෂ්ණත්වයට රත් කළොත් ඉතාමත් හානිදායකයි. (නි)
නෙලුම් Thursday, 16 October 2014 01:35 AM
එළවලු සලාද වලට ඔලිව් තෙල් බින්දු ටිකක් ඉහළා ගත්තම ගුණය රැකෙනවා. සලාදයට අලිගැට පේර කෑලි ටිකකුත් එකතුකර ගත්තා නම් අගෙයි. (නි)
විරාජ් Thursday, 16 October 2014 02:36 AM
හොඳ ඔලිව් තෙල් ගේන්න නම් මැදපෙරදිග යන්න ඕනෑ. මොකද අපේ වගේ කළුකඩ වෙළදාම නැහැ එහේ. එහෙ කලවම් කරලා අහුවුණොත් ඉවරයි (නි)
රසික් කටාර් Thursday, 16 October 2014 03:04 AM
ඇත්තටම ගාමිණී කියන කතාවට මම එකඟ වෙනවා.අපේ අම්මලා අපි පුංචි කාලේ කෑමවලට භාවිතා කළේ පොල්තෙල් ,තලතෙල් පමණයි. කෝ ඒ කාලේ කොලස්ටරෝල්, දියවැඩියාව? අපේ අය දැන් පුරුදුවෙලා තියන්නේ අලුත් අලුත් තෙල් ජාති භාවිතා කරන්න.මැටි වළං වල එදා උයලා කනකොට ඔය ලෙඩ එකක්වත් නැහැ. අපේ අය හරිම ආසයි සල්ලි දීලා ලෙඩ අරගන්න. ඔලිව් තෙල් හොඳයි. ඒත් අනේ ඉතින් අපිට කොහෙද ඔර්ජිනල් තෙල්? (නි)
ජයත් Thursday, 16 October 2014 06:16 AM
ගාමිණී පොල් තෙල් ගැන පරීක්ෂණ නොකෙරිලා නැහැ. අපේ රටෙත් පිටරට වලත් ගොඩක් කරලා තියනවා. නමුත් පොල් තෙල් වගේ "මේද අම්ල " තියන ඒවායේ ගුණ අගුණ තාමත් විවාදිතයි.සමහරුන්ගේ මතය හොඳයි කියල සමහරු නරකයි කියනවා .රසික් මහත්තයට කියන්න තියෙන්නේ ඒ කලෙත් ඕව තිබුන නමුත් මේ මට්ටමට නෙමි ,අද තරම් විද්‍යාව දියුණු නැති ඒ කාලේ ඕව හඳුනාගෙන තිබුනෙත් නැහැ. මොනවත් ඕන නැහැ. වැඩිය නෙමි මීට අවරුදු 40 කට ඉස්සර හෘදයබාදයකට උනත් තිබුනේ මොනවද ඇස්ප්‍රින් වගේ සරල බෙහෙත් කීපයක් විතරයි. (ස)
සෑම් Thursday, 16 October 2014 09:43 AM
ඉස්සර කාලෙත් ඔය ලෙඩ තියෙන්නැති. එ්ත් ඒවා අදුන /න්න ක්‍රමයක් නැති නිසා යක්කු ගහල මරුන, දෙවියන්ගේ සාපයෙන්, නැතිනම් හූනියම් කරලා මැරුණ කියලා හිතන්න ඇති.(හේ)
වින්සන්ට් Thursday, 16 October 2014 06:21 PM
අපේ රටේ සමහර පළාත්වල සාර්ථකව වගා කරන්න පුළුවන් වගාවකි. සුද්දන් විසින් එය අපට හඳුන්වා දී නැත්තේ සමහරවිට ඔවුන්ගේ ආර්ථිකයේ ආරක්ෂාව ගැන සිතා වන්නට ඇත. වටිනා දෙයක වටිනාකම හඳුනාගැනීම ඉතා වැදගත්ය. (නි)