X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නිවස ඔසවා ගං වතුරට අභියෝග කරයි

එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කැර ගත්තේය.

නිතර නිතර ගංවතුරෙන් යටවන තම නිවස අඩි හතරහමාරක් ඉහලට එසවීමට ඔහු සමත්විය. පසුගිය ජනවාරියේ සිදුවූ ගංවතුරෙන් මේ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමග ඔහුගේ අසල්වැසියෝ නිවෙස් හැර දමා වෙනත් ස්ථානවල පදිංචි වූහ. දුරකථන උපදේශකවරයකු වූ ලව්රි එසේ පලා ගියේ නැත. පරිගණක ගතකරන ලද ඔසවන (ජැක්) ආධාරයෙන් ඔහු නිවස එසවීමට කටයුතු කළේය.

ලව්රි පැවසුවේ තම නිවස ටොන් 80ක් බර බවයි. ඔසවන 28ක් උපයෝගී කරගනිමින් පැයකට අඟල් තුන බැගින් නිවස එසවීමට පවුම් 70,000ක් (රුපියල් කෝටි එකහමාරක්) වැය වූ බව ඔහු කියයි.

නිවස එසවීමෙන් පසු යට ඉතිරි වූ හිස් අවකාශය සිමෙන්ති ගල් යොදා වසා දමා ඇත. දැන් එය නව නිවසක් සේ පෙනෙයි. ගංවතුරෙන් හානිවන බැවින් පවුම් මිලියනයක් (රුපියල් කෝටි 21ක්) පමණ වටිනාකමක් සහිතව තිබූ මේ නිවසේ දැන් වටිනාකම පවුම් මිලියන 1.5 ක් (රුපියල් කෝටි 31.5) දක්වා ඉහළ ගොස් ඇත.

1409541531801_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in 1409541540726_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in 1409541547523_Image_galleryImage_27_8_14_Picture_David_Cru 1409541554613_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in 1409541562493_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in



අදහස් (0)

නිවස ඔසවා ගං වතුරට අභියෝග කරයි

ඉසුරන්දි Tuesday, 02 September 2014 04:32 AM

අපරාදේ! ඔච්චර මුදලක් ඕකට යටකළ එකේ අලුතෙන්ම නිවසක් ඔතනම හදාගන්න තිබුනනේ. (නි)

:       0       0

දුම්මලසූරිය Wednesday, 03 September 2014 05:01 AM

ඇත්තටම සාර්ථක උත්සාහයක්. එත් ඉතින් අපිට නම් ඔයතරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවා කියන එක හිතාගන්නත් බැහැ. (නි)

:       0       0

දිනූෂා Wednesday, 03 September 2014 10:47 AM

මේ වගේ මහා මුදලක් වියදම් කරන්නේ කොතරම් කාලයකටද?පොලිතින් වලින් ආවරණ හදාගත් අහිංසක දුප්පත් මිනිසුන් කොතරම් ජීවත්වෙන්න උත්සාහ කරනවද?කෝ ඒ අයට උපකාරයක්. (නි)

:       0       0

උපුල් Thursday, 04 September 2014 02:49 AM

මොනතරම් විශිෂ්ට අදහසක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site