ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ උමං දුම්රියවල,බස් රථවල, වීදිවල පසුගියදා ගමන් කළ ඇතැමකුට ඔවුන්ගේ කලිසම් ඇඳ ගැනීමට අමතකව ඇති බවක් පෙනිණි.
ඔවුහු සියලූදෙනා යට ඇදුම් වලින් පමණක් යටි කය ආවරණය කරගෙන සිටියෝය.
ඔවුන් දෙස විස්මයෙන් බැලූම් හෙළුවද ඔවුන්ට එය ගණනක් නොවීය.
ඇතැමෙක් උඩු කයට සම්පූර්ණ කාර්යාල ඇදුමින් සැරසී යටි කය යට ඇදුමකින් පමණක් වසාගෙන සිටියහ.
මෙය නිව්යෝරක් නගරයේ මෙන්ම ලොව පුරා ප්‍රධාන නගරවල වාර්ෂිකව සැමැරෙන අවස්ථාවකි.එය හැඳීන්වෙන්නේ කලිසම් නැති ගමන ලෙසය.
2002 වසරේදී ඉම්ප්‍රොව් නම් විනෝදාස්වාද කණ්ඩායමක් මුල්ම වරට දියත් කළ මේ කලිසම් නැති ගමනට එදා සහභාගීව සිටියේ හත් දෙනෙකු පමණක් වුවත් අද දිනයේ ඊට දහස් ගණනක් දෙනා සහභාගී වෙති.
හුදෙක් හාස්‍ය දනවන වැඩසටහනක් ලෙස ඉම්ප්‍රොව් කණ්ඩායම මෙය හඳුන්වාදුන්නද අද දිනයේ එය ලෝකය පුරාම සැමරෙන්නක් තරමට වර්ධනයව තිබේ.
කලිසම් නැතිව යන්නන්ට නීති රීති කිහිපයක්ද ඇත.අන් අයට බාධා වන සේ හැසිරීම තහනම්ය.කලිසම නැති වුවත් සාමාන්‍ය දිනයකදී මහමග ගමන් කරන ආකාරයට, කාර්යාලයේ වැඩකටයුතු කරන ආකාරයට වැඩ කටයුතු වල නිරත විය යුතුය.කලිසම නැතිය කියා වුවමනාවට වඩා නැටීමද නොකළ යුත්තකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිව්යෝක් වැසියන්ගේ කලිසම් ගැලැවේ
පෙරේරා Tuesday, 13 January 2015 01:13 PM
අනේ මෙහෙමත් රටක්.මේ අයට කොහොමත් ලැජ්ජ නෑනේ.(හේ)
බන්ටි Thursday, 15 January 2015 11:31 AM
අපේ තිස්ස මහත්තයත් මෙතන ඉන්නවද බලන්න (නදී)
විජේවර්ධන Thursday, 15 January 2015 07:42 AM
මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. කැමැති කෙනෙක් කැමති දෙයක් අැදන් යනවා. හැබැයි අනිත් අයට වාතයක් වෙන්නේ නැතුව. ඉතින් ඕකට කෑගහන්න ඕනේ නැහැ (නදී)
දිසානායක Thursday, 15 January 2015 04:17 AM
අර අයිස් බාත් එක වගේ වෙයිද?(හේ)
අබේරත්න Thursday, 15 January 2015 12:57 AM
කොහොම නමුත් ඇමරිකන්කාරයාගේ කලිසම ගැළවෙන දිනය වැඩි ඈතක නොවේ. (නි)
චමත් Wednesday, 14 January 2015 01:46 PM
ලැජ්ජා වෙන්න ඕනෑ ඕවා බලා තෘප්තියක් ලබන අයයි (නි)
සමන් Wednesday, 14 January 2015 01:28 PM
ඇමරිකාවේ නියම නිරුවත මෙය නොවේද? (නි)
තුවාන් Wednesday, 14 January 2015 07:07 AM
වහගෙන ගියොත් කතා, පෙන්නගෙන ගියොත් කතා. විකාර මිනිස්සු (නදී)
සසික Tuesday, 13 January 2015 02:06 PM
නිරුවත ප්‍රධාන අදායම් මාර්ගයක් කරගෙන තිබෙන මේ රටවල් වලට මේක සුළු දෙයක්. හොඳ මිනිස්සුත් ඉන්නවා. මේ රටවල. ලෝකයේ වැඩිම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට හදන රට මේක. මේවා පුංචි දේවල් මේ රටවලට. (නි)
රුවන් Tuesday, 13 January 2015 08:26 AM
කොහොමත් මේ අය වෙරළේ ඉන්නේ තනිකරම නිරුවතින්නේ ඕක මොකද්ද? (ස)
සංජය Tuesday, 13 January 2015 01:07 PM
බලන්න පොඩ්ඩක් අපේ අයත් ඔතන ඉන්නවද කියලා.(හේ)
සෙලන්සියුස් Tuesday, 13 January 2015 12:09 PM
මේක මහා දෙයක් හැටියට අපි කලබල උනාට එහෙ අයට මේක සුළු දෙයක්. බලන්නකෝ ඉන්න අනිත් මගීන් තමන්ගේ පාඩුවේ ඉන්න හැටි. ලංකාවේ කෙනෙක් ටිකක් කොටට ගවුමක් ඇඳන් ගියත් අනිත් අය කටවල් අැරගෙන ඉන්නේ (නදී)
සම්පත් Tuesday, 13 January 2015 12:05 PM
දෙවෙනි ෆොටෝ එක (නදී)
ජයත් Tuesday, 13 January 2015 10:39 AM
අයියෝ, මෙයාලගේ කලිසම් ගැලවිලා හුඟක් කල් ! එ්ක මේ ඊයේ පෙරේදා වෙච්ච දෙයක් නෙමෙයි (නදී)
උපුල් Tuesday, 13 January 2015 10:08 AM
ඇමරිකන් කාරයොත් ගොන් පාට් පුරුදු වෙලාද ? (බ)
මගලී ෆොන්සේකා Tuesday, 13 January 2015 09:40 AM
හැම වෙරලේම ඉන්න බෑ ඉන්න පුළුවන් වෙරළවල් තියෙනවා. සීමා සහිතයි (නදී)
බන්දුල Tuesday, 13 January 2015 09:34 AM
මේ මොකක්ද මේ වෙන්නේ.(හේ)