නිව්යෝක් නුවර ක්යින්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වුණි.
එදින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වූ අතර විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සිදු කෙරිණි.
මෙවර කඨින පිංකමේ දායකත්වය සඳහා විහාරයේ දායක දායිකාවන් 18 දෙනකු සම්බන්ධවී ඇති අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා විශේෂ ආරාධිතයකු ලෙස පිංකමට සහභාගි විය.
බංගලිදේශය, නේපාලය, චීනය හා කොරියාව ඇතුළු රටවල බෞද්ධ පිරිස්ද ඊට එක්වූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිව්යෝක් විහාරයේ කඨින පිංකමට මහ පිරිස්
විද්‍යා Tuesday, 27 October 2015 01:53 AM
ඉතාම ලස්සන පුණ්‍ය කර්මයක්. සුද්දෝ දෙතුන් දෙනෙකුත් ගෙන්වා ගන්න බලන්න....(රේ)
මහාචාර්ය යහම්පත් Tuesday, 27 October 2015 04:51 PM
මේක යුරෝපයේ පන්සල් වලට වඩා වෙනස් , සුද්දෝ නැති උනත් වැදගත් ලස්සනට ඇඳපු කට්ටිය ඉන්නවා පේනවා , යුරෝපයේ පන්සල් වල පිංකම දානය අවසානයේ එයට සහබාගි වන පිරිමින් පන්සල ගාවම තම වාහන නවතා , ගෙනෙන මත් පැන් බී තමා දානයට සහබාගි වන්නේ , ඇමරිකාව එසේ නොවන වගය පෙනෙන්නේ ...(රේ)
චතුරි Thursday, 29 October 2015 01:26 PM
මෙරටේ ඉන්න අපේ වැසියන් සෑම පින්කමකදීම නීතිය අකුරටම පිළිපදිනවා (නි)
සේරම් පැරිස් Thursday, 29 October 2015 03:04 PM
යහම්පත් මහතා ලියු දෙය මම සනාථ කරනවා , අපේ පන්සල් වල වෙන දේවල් ඔය ඇමරිකාවේ සිදු නොවන්නේ , එහි බහුතරය උගත් වැදගත් රැකියා කරනා අය නිසා බව මමත් කියනවා (බ)
ගාමිණී විජේගුණවර්ධන Friday, 30 October 2015 03:19 PM
ඇමරිකාවට බහුදින ධීවර යාත්‍රා වලින් යන්නට නොහැකි නිසාත් , එම රටේ සරණාගත විසා ලබා ගන්නට හැකියව නොමැති නිසාත් යුරෝපයේ මෙන් නොව එහි යන්නට හැකියව ලැබෙන්නේ උගත් වැදගත් කොටසකට බව මමත් පිලිගනිමි (බ)
නිල්මිණි ලියනගේ Sunday, 01 November 2015 04:02 AM
සාදු සාදු සාදු! අනේ ඉතින් අපිට නම් යන්න වෙන්නේ නැහැ. (නි)
සුරියආරච්චි ස්ටැන්ලි Sunday, 01 November 2015 10:15 AM
මේ වගේ රටකට යන්න ලැබීමත් ජිවත් වන්නට ලැබීමත් වාසනාවක් , මෙම දරුවන්ට ලක් දිවයින වෙනුවෙන් කරන මෙවෙනි කටයුතු වලට සුබ පතමි ,...(රේ)