චීනයේ නීතිඥවරු නිතරම හිරිහැර කිරීම්,අනවසර රඳවා ගැනීම් සහ සිරගත කිරීම් වලට බොහෝ ලෙස ලක්වෙයි. නමුත් මේ දිනවල ඉරුණු ඇඳුමින් සිටින නීතිඥවරයෙක්ගේ ඡායාරූපයක් චීනයේ දැඩි අවධානයට භාඡනය වී ඇත. එම ඡායාරූපයේ වූ ලියාන්ෂු නම් එම නීතිඥවරයාගේ කකුල සහ යට ඇදුම් පවා පෙනෙන ලෙස ඔහුගේ ඇදුම් ඉරා තිබුණි.කුයින්සු දිසා අධිකරණයේ සේවය කල ඔහුගේ ඇදුම ඉරා තිබෙන ලෙස පහර දී තිබෙන්නේ එම අධිකරණයේ සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකි.
එම සිදුවීම සිදුවී තිබෙන්නේ එම අධිකරණයේ විනිසුරුතුමන් ද ඉදිරියේ වීම විශේෂත්වයකි. ඔහු ගුවාන්සි පළාතේ නැණින් දිස්ත්‍රික්කයේ අධිකරණයට ගොනු කළ නඩුවක් ප්‍රතික්ෂේප වීම පිළිබඳ සිදුකළ විමසීමක් දුරදිග යාමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් උසාවිය තුලදී නිලධාරීන් තිදෙනෙකු විසින් ඔහුට පහර දුන් බවත් ලියාන්ෂු සහ එතැන සිටි නීතිඥයන් පිරිසක් අධිකරණ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත. ඔහුට නව ඇඳුම් කට්ටලයක් එම නිලධාරීන් ලබා දුන් නමුත් ඔහුට ගත හැකි ක්‍රියාමාර්ගය ගැන සිතා එය ප්‍රතික්ෂේප කර තිබේ. පසුව ඔහු ඉරුණු කමිසයත් කලිසමත් සහ අධිකරණ ලියකියවිලිද රැගෙන අධිකරණ සංකීර්ණයේ ඉදිරිපස දොරෙන් එලියට පැමිණ තිබේ. එම අවස්ථාවේ ඔහුව ඡායාරූපගත කර තිබේ. ඔහුගේ ඉලක්කය වුයේ සෑම දිනකම චීනයේ නීතිඥයන්ට මුහුණ පෑමට සිදුවෙන අසාධාරණ හිරිහැර පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටය චීනයේ නීතිඥයන්ට සිදුවන හිරිහැර හා ප්‍රචණ්ඩ සිදුව්මි බොහොමයක් අසා ඇති නමුත් එවන් ක්‍රියාවක් තමාට සිදුවේ යැයි නොසිතු බවත් එම සිදුවීමෙන් තමා කම්පා වූ බවත් ඔහු බිබිසියට ප්‍රකාශ කර තිබේ. ඔහු අධිකරණය තුල නීති විරෝධී ලෙස පටිගත කරමින් සිටි බවත් එම නිසා ඔහුගේ ජංගම දුරකථනය ලබා දෙන්නැයි ඉල්ලු විට එය ප්‍රතික්ෂේප කල බවත් මේ සිදුවීම පිළිබද එම අධිකරණයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. චීන නීතිඥයන් මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරන අතර සැබවින් ම සිදු වුණු දේ තහවුරු කිරීමට අධිකරණය තුල සීසීටීවී දර්ශන ලබාදෙන මෙන් දහසක් පමණ චීන නීතිඥයන් පෙත්සමක් අත්සන් කර තිබේ. මෙම සිදුවීම වේදනාකාරී සිදුවීමක් ලෙස චීන නීතිඥ සංගමයේ සභාපති ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නීතීඥයා වැරහැලි ඇඳන් උසාවි එයි
උපාලි Thursday, 09 June 2016 06:09 AM
අනේ ලංකාවෙත් මෙහෙම වෙනවා නම්. (නි)
පිටබැද්දර ජයා Friday, 10 June 2016 01:42 PM
අපේ රටේ නම් ඉතින් පෙරේකදොරුවා අල්ලපු සේවාදායකයටනේ වැරහැලි අඳින්න වෙන්නේ. ඔන්න චීනෙයි අපෙයි වෙනස (නි)