තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා බස් රියක් ඉලක්ක කර ගනිමින් ඊයේ (30) එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් බසයේ ගමන් කරමින් සිටි ඇමෙරිකන් සෙබළුන් 13 දෙනකු ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙය ඇෆ්ගන් අගනුවරදී නේටෝ සහ ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීන් එල්ල කළ දරුණුතම ප‍්‍රහාරයක් යැයි ඇමෙරිකාව පවසයි.
ප‍්‍රහාරයෙන් මියගිය සෙසු පිරිස ඇෆ්ගන් හමුදා සෙබළුන්ය.
තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් වෑන් රථයකින් වේගයෙන් පැමිණ බසයේ හැපී ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.
බෝම්බකරු පැමිණි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 700 ක් තිබෙන්න ඇතැයි පිපිරුම සිදුවූ ස්ථානය පරීක්ෂාවට ලක් කළ ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.
බස්රිය බෝම්බ ප‍්‍රහාරයට හසුවූයේ එය කාබුල් නුවර ඇමෙරිකන් සරසවිය අසලින් ගමන් කරමින් තිබියදීය.
එම බස්රිය වෙඩි නොවදින බස්රියක් වූ නමුත් බෝම්බ ප‍්‍රහාරයට හසුවීමෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි.
ප‍්‍රහාරය සිදුවෙද්දී මාර්ගය අසල ගමන් කරමින් සිටි ඇෆ්ගන් සිවිල් වැසියන් අට දෙනෙකු, කුඩා දරුවන් සිවුදෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බවත් වාර්තා වේ.
එම බෝම්බ ප‍්‍රහාරය සිදුවීමට පැය කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල යෙදී සිටින ඕස්ටේ‍්‍රලියානු ජාතික හමුදා සෙබළු තිදෙනෙක් ද තලේබාන් මරාගෙන මැරන බෝම්බකරුවකුගේ ප‍්‍රහාරයකට බිලි වූහ. එම සෙබළුන් තිදෙනා සමඟ සිටි භාෂා පරිවර්තකයා ද ජීවිතක්ෂයට පත්වූ බව ආරක්ෂක අංශ නිවේදනය කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නේටෝ බසයට බෝම්බ ප‍්‍රහාරයක්: ඇමෙරිකා සෙබළු 13 ක් මියයති