නේපාලයේ බටහිර මයග්ඩි දිස්ත්‍රික්කයේ අද රාත්‍රී සිදුවූ විශාල නායයාමකින් කාලි ගන්ඩකි නමැති ගංගාව අවහිරවීමෙන් අඩි 450ක් පමණ උසට ජල කඳ ඉහළ නගිමින් තිබන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
පසුගියදා නේපාලයේ සිදුවු භූමිකම්පා වලින් පසු තවමත් එහි වැසියන් විවිධ විපාක වලින් පීඩාවට පත්ව තිබෙන බවට මෙය එක් උදාහරණයකි. එම ගංඟාව ආසන්නයේ ගම්මානවල වැසියන් දස දහස් ගණනක් ඉවත් කරමින් පවතින බව නේපාල රජය පවසයි. ජලාශය නිර්මාණය වී ඇත්තේ කත්මණ්ඩු නුවරට කිලෝ මිටර 140ක් වයඹ දෙසිනි. ජීවිත හානි වාර්තා වී නැතත් සහන සේවකයෝ විපතට පත්වූවන්ට හා පලා යන්නන්ට අවශ්‍ය පහසුකම් සපයමින් සිටිති.
අප්‍රෙල් 25 දින සිදුවු රිච්ටර් මාපකයේ 7.8 ක් ලෙස සටහන් වු භූමිකම්පාවෙන් පසු නායයාම් කීපයක්ම නේපාලයේ හටගෙන තිබේ. මෙම භූමිකම්පාවෙන් මිනිසුන් 8000 කට වඩා වැඩි ප්‍රමාණයක් මියගිය අතර තවත් බොහේ පිරිසක් තුවාල ලැබූහ. පසුව මැයි 12 වෙනිදා රික්ත මාපකයේ 7. 3 ක් ලෙස සටහන් වු භුමිකම්පාවක් ඇතුළු තවත් පසු කම්පන ගණනාවක් වාර්තා විය.
අද රාත්‍රී සිදුවූ නායයාම හේතුවෙන් අඩි 600 ක් උසට ජල මට්ටම ඉහළ යනු ඇතැයි මාධ්‍ය වාර්තා හෙලිකරයි.
නේපාල අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ නිලධාරි ලක්ෂ්මි ප්‍රසාද් ඩකාල් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගංගාව දෙපස වෙසෙන ජනයාට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරණ ලෙස දැනුවත් කර ඇති බවයි.
නායයාම සිදුවු ප්‍රදේශයේ පිහිටි ජලවිදුලි බලාගාරය මේ හේතුවෙන් අනතුරට පත්වි ඇති බවද වාර්තා වේ.
බලධාරින් පවසන්නේ එකතුවී ඇති ජල ධාරාව පුපුරා පිටාර ගියහොත් විශාල ප්‍රදේශයකට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි.
කාලි ගන්ඩකි ගංගාව ඉන්දියාව තෙක් ගමන් කර අවසානයේදී ගංගානම් ගඟාව හා සම්බන්ධවේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නේපාලයේ නායයාමකින් ගඟක් අවහිර වෙයි
කුමාර් Monday, 25 May 2015 10:17 AM
මෙතන විශාල විලක් හැදෙන්න පුළුවන්. (බ)
නලින්ද Tuesday, 26 May 2015 06:03 AM
එම ගංගාව මේ වන විට නිදහසේ ගලා බසී. අනතුර පහව ගොස් ඇත. (බ)