කඩිනමින් විසඳුම් නොලැබෙන්නේ නම් නේපාලයේ ලක්ෂ 10ක පමණ පාසල් දරුවන් පිරිසකට තම පාසල්වලට යාමට නොහැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපනික අරමුදල (යුනිසෙෆ්) පවසයි.
භූමිකම්පාව සිදුවූ ආසන්නයේ පිහිටි පාසල් 10න් නමයක් ම මුළුමනින් ම විනාශ වී ඇතැයි ද එම අරමුදල පවසයි. කෙසේ වෙතත් තාවකාලිකව වුව ද අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි යුනිසෙෆ් සංවිධානය අවධානය යොමුකැර ඇත.
දැනට නේපාලයේ සියළුම පාසැල් වසා දමා ඇති අතර බෝහොමයක් පාසැල් අවතැන්වුවන් සඳහා කඳවුරු පවත්වා ගෙන යති. පාසල් රැසක් මැයි මස 15 දා විවෘත කිරීමට උත්සාහ ගන්නා බව බලධාරීන් පවසයි.
කත්මන්ඩු හි යුනිසෙප් ප්‍රකාශක කෙන්ට් පේජ් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ළමුන් පාසැල් වලට යා යුතුව ඇත්තේ ඉගෙන ගැනීමට පමණක් නොව පාසැල් වල දී භූමි කම්පා සහ කම්පන මගින් ආරක්ෂාව ද සැලසෙන හේතුවෙන් බවයි.
නේපාලයේ යුනිසෙෆ් නිත්‍ය නියෝජිත ටුමෝ හුසුමි පැවසුවේ තාවකාලික ස්ථාන වල අධ්‍යාපන සඳහා කටයුතු ඉතාමත් ඉක්මනින් සුදානම් කළ යුතු බවයි. නොඑසේනම් විශාල ලෙස සිසුන් පාසැල් හැරයාම සිදුවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි. නේපාලයේ වයස අවුරුදු පහ සහ නවය අතර සිසුනට උදෑසන 9.30 සිට පස්වරු 3.00 දක්වා නිදහස් අධ්‍යාපනය රජය මගින් නොමිලයේ ලබා දෙයි.
මේ හේතුවෙන් පසුගිය දශක තුනක කාලයේ සිට පාසැල් වලට අධ්‍යාපනය වෙනුවෙන් ඇතුලත් වු සිසුන් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.
1990 දි පාසැල් වලට ඇතුලත් වු සිසුන් සංඛ්‍යාව සියයට 64 ක් වුවද මේ වසර වනවිට එම තත්වය සියයට 95 දක්වා ඉහළ ගොස් ඇති තිබිණි. භූමිකම්පාව හේතුවෙන් දරුවන් පාසල් හැරයන තත්ත්වයට පත්වුවහොත් එය එය ඉතා ඛේදනීය තත්ත්වයක් බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වාදෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නේපාලේ අධ්‍යාපනය අනතුරේ