පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද(31) එංගලන්තයේ ලන්ඩන් නුවර රෝහලකදී විවෘත හදවත් සැත්කමකට ලක් කැරෙන බව විදෙස් පුවත් සේවා පවසයි.
වසර 5ක් තුළ නවාස් ෂරීෆ්ට සිදුකරනු ලබන දෙවැනි හදවත් සැත්කම මෙය බව කියති.
පකිස්තානයේ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමට දින තුනක් තිබියදී අගමැතිවරයා මෙම සැත්කමට මුහුණ දෙන අතර මුදල් ඇමැති ඉෂාක් ඩාර් රජයේ වගකීම් කරට ගෙන කටයුතු කරනු ඇති බව කියති. පකිස්තාන ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා අසනීපයෙන් සිටියදී වැඩබලන අගමැතිවරයකු පත් කිරීමට නොහැකි බව පකිස්තාන රජයේ ප්‍රකාශකයකු පවසා ඇත.
මේ අතර පකිස්තාන අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පකිස්තාන අගමැතිට හදවත් සැත්කමක්
සේන Tuesday, 31 May 2016 11:42 AM
ඉක්මන් සුවය පතනවා (ම)
සේරම් පැරිස් Tuesday, 31 May 2016 01:39 PM
ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ජේසු පිහිටෙන් අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් , ඉක්මනින් සුවය ලේබෙන්න පතනවා (අ)
කුමාර් (ගල්ෆ්) Wednesday, 01 June 2016 12:57 PM
අපේ රටට උදව්කළ සැබෑ මිතුරෙක්. (නි)
ධම්ම Wednesday, 01 June 2016 04:17 PM
එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)