X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 20 වන ඉරිදා


පකිස්තාන ජනපති ‘වැලන්ටයින්‘ එපා කියයි

වැලන්ටයින් දිනය තම සංස්කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති බවත් එය සැමරිය යුතු නැති බවත් පකිස්තානු ජනපති මම්නූන් හුසේන් ප්‍රකාශ කර ඇතැයි බීබීසීය වාර්තා කරයි.

හුසේන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ වැලන්ටයින්  බටහිර සංස්කෘතියක් බවයි.

වයඹ පකිස්ථානයේ වැලන්ටයින් දිනය තහනම් කිරීමෙන් පසුව ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ආදරවන්තයන්ගේ දිනයට අදාළ තෑගි,කාඩ්පත් වැනි දෑ වෙළදසැල් වල විකිණීමද තහනම් කර තිබේ.

පකිස්තානයේ විශාලම නගරය වන කරච්චියේ ද ආදරවන්තයන්ගේ දිනය එපායැයි කියමින් උද්ඝෝෂණ පවත්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

 මේ අතර, පෙෂාවෝර් ප්‍රාදේශීය සභාවේ ද එය " වැඩකට නැති දිනයක් " ලෙස හැඳින්වූ අතර එය තහනම් කිරීමට යෝජනාවක් සම්මත කරන ලදී

12735766_959058227520990_754461216_n

_88237816_gettyimages-109097635

12736177_959058230854323_967655984_n



අදහස් (0)

පකිස්තාන ජනපති ‘වැලන්ටයින්‘ එපා කියයි

හසාන් Monday, 15 February 2016 03:42 AM

රුවනි, පළමුව ආගම ගැන හොඳින් දැනගන්න, පසුව අදහස් දමන්න. (නි)

:       0       0

ලසන්ත Tuesday, 16 February 2016 02:44 AM

මොන වැලන්ටයින්ද? ඔය රටේ කට්ටිය ගැන අපි නොදන්නවායැ (නි)

:       0       0

චතුරි Monday, 15 February 2016 02:29 PM

වැලන්ටයින් එපා වගේ හජ්ජි දවසට. අසරණ ගවයාගේ බෙල්ල කපන්නත් එපා කිව්වනම් මම මුස්ලිම් වෙනවා (බ)

:       0       0

හසිත් Monday, 15 February 2016 11:42 AM

විවිධත්වය අගේකළ යුතුයි. සීමා පනවා මිනිසුන් කොටු නොකළ යුතුය. (බ)

:       0       0

සමිත Monday, 15 February 2016 10:27 AM

ඉන්දියාවේ මේ ජාතියේ කට්ටියක් අපිට හරක් මස් කන්න දෙන්න කියල උද්ගෝෂණය කරනවා! (අ)

:       0       0

නාරද Monday, 15 February 2016 10:26 AM

පකිස්තාන් මානසිකත්වය තියෙන අය තමන්ගේ ජාතියේ අයට කඩේ යනවා හොදටම පේනවා කමෙන්ටු වලින්! (අ)

:       0       0

චාමර Monday, 15 February 2016 10:11 AM

වැලන්ටයින් වැරදි ලෙස සැමරීම පිළිබද ප්‍රසන තිබුනත්, රුවනිගේ කතාව නම් ඇත්ත. "කාන්තාවන්ට ගල් ගසා මරණ, හිස ගසා මරණ රටකට මොන ආදර දිනයක්ද.? " (ර)

:       0       0

හිමාල් Monday, 15 February 2016 10:05 AM

වැලන්ටයින් නරකයි, ළමා විවාහ හොඳයි? (ර)

:       0       0

සුරන් Monday, 15 February 2016 08:31 AM

ලංකාවේ වැලන්ටයින් ලාභ ලබන අංක එකේ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. ලංකාවේ ගැහැණු ළමුන් දස දහසකගේ ජීවිත අදුරුවෙන දවස බවට පත්වී ඇත (ම)

:       0       0

අසාද් Monday, 15 February 2016 08:28 AM

ආදරය කරන අයට විශේෂ දවසක් ඕනේ නැහැ.ඒ වගේම රටකට ඕනේ මොනවාද එපා මොනවාද කියල ඒ රටේ ජනධිපතිට තීරණය කරන්න පුළුවන්.හැබැයි එක ඒ රටින් සිමා වෙන්න ඕනේ.එක ලෝකෙට ඕනෙද එපාද කියන එක මිනිස්සු තීරණය කරවී.(ම)

:       0       0

වාපී Monday, 15 February 2016 07:46 AM

ආදරය ආගමක් විය යුතුයි.. මිනිස්සු ආදරය කරනවානම් කොච්චර හොඳද.. ආදරයට බටහිර පෙරදිග බේදයක් තියෙනවද? ආදරය කරන එක නවත්තන්න? (ර)

:       0       0

සමන් Monday, 15 February 2016 07:42 AM

හසන් සහ යකුබ් දෙන්නෙක් නොව එක්කෙනෙකි. (ර)

:       0       0

අසංග Monday, 15 February 2016 06:40 AM

ඇත්තටම හොඳයි. (ම)

:       0       0

යකූබ් Monday, 15 February 2016 06:03 AM

හසාන්, කියපු දේට මං ඒකග වෙනවා (බ)

:       0       0

අමල් Sunday, 14 February 2016 06:45 AM

අනේ හොදයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 14 February 2016 08:36 PM

පිටින් එන ඕනෑම කුණුගොඩක් කරේ තියාගන්නේ ඒ රටේ මිනිසුන්ට විචාර බුද්ධිය නැති නිසයි. යමක හොඳ නරක තේරුම් බේරුම් කරගෙන ජීවිතවලට ළං කරගන්න උගත්කම විතරක් තිබුණට මදි. බුද්ධිමත් වෙන්න ඕනෑ. තමන්ගේ ආගම ධර්මය ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 14 February 2016 08:31 PM

කිසි රටක බාර නොගන්නා ඕනෑම දෙයක් බාරගන්නා පිරිසක් ලංකාවේ ඉන්නවා. (නි)

:       0       0

අසෝකා Sunday, 14 February 2016 05:39 PM

පාකිස්තානේ වගේද ලංකාව? පිටරටින් නම් ඕනේ කුනු ලෙඩක් උනත් බාරගනියි. තව ටික දවසකින් ඇමරිකාවේ බුදු දහම නිසා වසංගතයක් තියෙනවා පන්සල් යන්න එපා කිව්වොත් පන්සල් යන ඒකත් නතර කරාවි.(රේ) එහෙම උතුම් රටක් මේක.

:       0       0

සහන් Sunday, 14 February 2016 03:17 PM

මම නම් හිතන්නේ හොද වැඩක් මේක සමහරක්ට හරි අමාරුයි දරාගන්න .(රේ)

:       0       0

නාමල් Sunday, 14 February 2016 12:38 PM

පකිස්තානය කියන්නේ කිසිදු ආගමික නිදහසක් නැති, ත්රස්තවාදයට උඩගෙඩි දෙන රටක්.. මේ වගේ රටකට ආදරය විදින්න බෑ.. පුදුමය කියන්නේ කොමන්ට් කරන සමහරුත් මේකට සහය පළකර සිටීමයි.. මේ අයගේ මානසිකත්වය සිතාගත හැකියි (රේ)

:       0       0

රොහාන් දයාදර Sunday, 14 February 2016 11:49 AM

රුවනිගේ කතාව තමයි මම මේ තීරුවේ ඇසූ අහපු හොඳම කතාව. ඔබට ගොඩක් පින්සිද්ධ වෙනවා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 14 February 2016 11:44 AM

බුද්ධිමත් නායකයෙක්, තාරුණ්‍යයට මඟපෙන්වන්නෙක්..! (නි)

:       0       0

රුවනි Sunday, 14 February 2016 10:20 AM

කාන්තාවන්ට ගල් ගසා මරණ, හිස ගසා මරණ රටකට මොන ආදර දිනයක්ද.? (ර)

:       0       0

සංජීව Sunday, 14 February 2016 08:50 AM

පාකිස්තානේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.. අයි ඩෝන්ට් ක්නොව් වයි. (ර)

:       0       0

ප්‍රියන්ත Sunday, 14 February 2016 08:24 AM

පාකිස්තානු ජනාධිපති තුමණි ඔබට මාගේ ප්‍රණාමය. (ර)

:       0       0

රොහාන් Sunday, 14 February 2016 08:03 AM

මෙන්න හොද වැඩ ඇතත් මේ අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතියත් නෙවේ තමුන් ආදරය කරන්න කෙන්ට ආදරය කරන්න දවසක් වේලාක් මොකටද මම නම් මගේ අදර්නියන්ට සැමදාම අදරෙයි. (ර)

:       0       0

සාගර Sunday, 14 February 2016 07:32 AM

අපේ එහෙම උනාම නම් මේ වෙද්දී මානව කොමිසමටත් ගිහින්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site