X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


පකිස්ථානු ත්‍රස්තයන් නැති කරන බව අගමැති ෂරීෆ් කියයි

පකිස්ථානය ප්‍රහාරවලින් තොර රටක් බවට පත් කරන බවට අගමැති නවාෆ් ෂරීෆ් සපථ කරයි. පෙෂාවාර් හිදී පාසල් සිසුන් 132 ක් ඇතුළු 145 දෙනකු ඝාතනය කිරීමෙන් පසුව ඔහු එසේ පැවසුවේ තලෙයිබාන් උවදුර පිටුදැකීමට එක්වන ලෙසයි. සිසුන්ගේ හැම ලේ බිඳුවකටම ත්‍රස්තවාදීන්ගෙන් පළිය ගන්නා බවද ඔහු කීවේය.

පකිස්තානයේ පෙෂාවාර් ප‍්‍රදේශයේ පකිස්තාන ආරක්ෂක අංශ පාලනය යටතේ පවතින පාසැලකට එල්ලවුණු තලේබාන් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 145 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

පාසල් ළමුන් 132 ක්, කාර්ය මණ්ඩලයේ 10ක් හා සෙබළුන් 3 දෙනෙක් ඒ අතර වෙති.

තවත් දරුවෝ 122 ක් පමණ බරපතල තුවාළ ලබා සිටින බවද සඳහන්ය.

ප‍්‍රහාරයෙන් පසුව නිවේදනයක් නිකුත් කළ පකිස්තාන තලේබාන් සංවිධානය පවසා සිටියේ පසුගිය සමයේ උතුරු වසිරිස්තාන ප‍්‍රදේශයේ පකිස්තාන ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුම් වලින් මරුමුවට පත්වූ තම සාමාජිකයින් හා ඔවුන්ගේ දරුමල්ලන් වෙනුවෙන් පළිගැනීමට මෙය සිදුකළ බවයි.

පකිස්ථාන දැරිය මලාලා යූසොෆ්ෆායිට නොබෙල් සාම ත්‍යාගය ලබාදීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුවක් වූ බව ත්‍රස්තවාදීහු කියති.

දැනට අනාවරණයව ඇති තොරතුරු වලට අනුව ප‍්‍රහාරය එල්ලවූ දිනයේ පාසැලේ හදිසි අවස්ථාවකදී ප‍්‍රථමාධාර ලබාදීම සම්බන්ධයෙන් වැඩමුළුවක් පැවැත්වී තිබෙන අතර එයට සහභාගීවන්නට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින් මුවාවෙන් තලේබාන් ත‍්‍රස්තයින් පාසැලට ඇතුළුවී තිබෙන බවට සැකකෙරේ. පකිස්තාන ආරක්ෂක අංශ වලට අයත් ඇගලූම් ඇඟලාගෙන සිටි නිසා ඔවුන්ව පාසැලේ ගේට්ටුවේදී පරීක්ෂා කෙරී නැතැයිද හෙළිව තිබේ.

ප‍්‍රහාරයෙන් දිවිගලවාගත්තවුන් පවසන ආකාරයට අවි අමෝරාගෙන වැඩමුළුව පැවැත්වෙමින් තිබූ ප‍්‍රධාන ශාලාවට ඇතුළුවූ මේ පිරිස දුටු සියලූදෙනා මුලින් සිතා ඇත්තේ ඔවුන්ද වැඩමුළුවට සහභාගීවීමට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින් බවය.නමුත් එක්වනම ඔවුන් වෙඩි තැබීමට පටන්ගෙන ඇත.

වෙඩිතැබීම සිදුවන අතර මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් පාසැලේ තවත් පන්තිකාමරයකට ඇතුල්වී බෝම්බය පුපුරුවාගෙන සියදිවිහානි කරගෙන ඇත. එයට හසුව මියගිය සිසුන් 60 දෙනෙකුගේ සිරුරු පසුව හමුවිය.

වෙඩි තබමින් සිටි සාමාජිකයින් පාසැලේ ගුරුවරුන්ව කුදලාගෙන ගොස් ඔවුන්ව පුටුවලට තබා ගැටගසා ඔවුන් මත පෙට‍්‍රල් වත්කර සිසුන් ඉදිරියේම එම ගුරුවරුන්ට ගිනිි තබා තිබේ. තමන්ට ශිල්ප ඉගැන්වූ ගුරුවරුන්ට වේදනා විදිනු දකිමින් තමන්ගේ අවසානයද ඉක්මනින්ම ළගා වනු ඇතැයි සිතමින් සිටි අයුරු වචනවලින් විස්තර කළ නොහැකි බව දිවි ගලවාගත් සිසුහු කියති.

ඉවක් බවක් නොමැතිව ත‍්‍රස්තයින් තැබූ වෙඩි ප‍්‍රහාර වලට හසුව තම සගයින් ඇදවැටෙද්දී ඇතැම් සිසුන් ඩෙස්බංකු යට රිංගාගෙන ආරක්ෂාව සළසාගෙන තිබේ.ඔවුන්ද එළියට ඇද වෙඩිතබන්නැයි කණ්ඩායමේ නායකයා යැයි සැළකිය හැකි පුද්ගලයෙක් උපදෙස් දුන් බවත් අනතුරුව එසේ සැඟවී සිටි තම මිතුරන්ද එළියට ඇද ඝාතනය කිරීම පටන්ගත් බවත් සිසුන් කියයි.

මේ මහා සංහාරය පැය තුනකට අධික කාලයක් සිදුවුනි.

මේ වන විට ආරක්ෂක අංශද පාසැලට ඇතුල්වී සිටි අතර පාසැල ත‍්‍රස්තයින්ගෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ඔවුන්ටද හැකිවූයේ තවත් පැය ගණනකට පසුවය.ත‍්‍රස්තයෝ නව දෙනෙක් ආරක්ෂක අංශ වල ප‍්‍රහාර වලට ලක්ව මියගොස් තිබුණහ.

ත‍්‍රස්තයින් පාසැලට කඩාවැදීමට වැඩමුළුවක් පැවැත්වෙමින් තිබූ වේලාවක් තෝරාගත්තේ කෙලෙසදැයි සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වල අවධානය යොමුව තිබේ.ඔවුන්ට පාසැල අවට කවරෙකු හෝ මේ තොරතුරු ලබාදෙන්නට ඇතැයි දැනට සැකකෙරෙන අතර එය පදනමේ සිට මේ වන විට ඉස්ලාමික පූජකයින් දෙදෙනෙකු හා තවත් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

තලේබාන් ඉලක්ක වෙත ගුවන්ප‍්‍රහාර එකපිටඑක එල්ල කෙරෙමින්ද පවතී.

බොහෝ රාජ්‍ය නායකයින් මේ ප‍්‍රහාරය හෙළා දකිමින් අදහස් පළ කර තිබුණු අතර ඔවුහු සියලූදෙනාම අන්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයැයි යන මතයේ සිටියහ.

2417CC6C00000578-2875729-ome_of_the_bodies_that_have_arrived_at_a_hospital_in_Peshawar_ha-a-20_1418838308365 2418DA1300000578-2875729-Special_forces_soldiers_surrounded_the_school_after_it_was_attac-a-38_1418838309179 2419FEEB00000578-2875729-As_the_death_toll_reached_more_than_140_mourners_began_holding_f-a-13_1418838308027 24161A3100000578-2875729-A_hospital_security_guard_helps_a_student_injured_in_a_shootout_-a-42_1418838309316 24173C8800000578-2875729-A_Pakistani_girl_who_was_injured_in_the_attack_is_rushed_to_a_ho-a-41_1418838309275 24174F0D00000578-2875729-A_plainclothes_security_officer_escorts_students_rescued_from_a_-a-55_1418838309833 241767B700000578-2875729-A_man_comforts_his_son_who_was_injured_during_the_attack-a-19_1418838308313 241996EC00000578-2875729-image-m-27_1418773686827 2416060C00000578-2875729-A_Pakistani_soldier_takes_up_a_position_above_a_road_near_the_sc-a-39_1418838309208



අදහස් (0)

පකිස්ථානු ත්‍රස්තයන් නැති කරන බව අගමැති ෂරීෆ් කියයි

හාමිඩ් හසන් Thursday, 18 December 2014 03:32 PM

ඊලග ආත්මයේදී මොන විදියට පව් ගෙවන්න සිද්ධවෙව්ද දන්නේ නැහැ (නි)

:       0       0

ලාල් Sunday, 21 December 2014 11:29 AM

පිටබැද්දර ජයාට ස්තූතියි,සීමිත කොටසකගේ වෛරයට පාත්‍රවී සිටන,ත්‍රස්තවාදින්ගෙන් රට බේරාගත් ඒ බුද්ධිමත් ශ්‍රේෂ්ඨ එඩිතර ජෙනරාල්තුමාව සිහිපත් කිරිම ගැන.(හේ)

:       0       0

අජිත් Sunday, 21 December 2014 02:33 AM

මුන් නැති කරන්න නම් අපේ ආරක්ෂක අංශස වලට රට බාරදෙන්න ඕනා (නදී)

:       0       0

පාලිත සේනාරත්න Saturday, 20 December 2014 02:14 PM

අපේ සහෝදරවරුනි, මේවා ගැන හොඳින් ඇස් අර බලනු. අපි හැමෝම මේවා පිටු දැකිය යුතුයි (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 20 December 2014 05:54 AM

ඒකනම් හොද අදහසක්.(හේ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 20 December 2014 05:53 AM

පිටබැද්දර ජයා .ඔබගේ කතාව සහතික ඇත්ත.(හේ)

:       0       0

රොක්සි Friday, 19 December 2014 07:30 PM

පේනවා නේද තලේබාන්කාරයන්ගේ වැඩ? දැන් අපේ සමහර අයට තේරෙනවද බටහිර හමුදා කරපුවා හරිද වැරදිද කියලා (නි)

:       0       0

විතානගේ Friday, 19 December 2014 03:24 PM

ත්‍රස්තවාදය මේ ලෝකෙන්ම තුරන් කළ යුතුයි.(හේ)

:       0       0

වජිර Friday, 19 December 2014 02:58 PM

මෝහයෙන් මුලාවෙලා සිටින මේ අධමයන් තමන්ගේම මිනිසුන් මේවිදියට මරයිනම්. අපිගැන කවරකතාද? දැන් දැන් මේ නරුමයන් ලංකාවට කරන්න හදන්නෙත් මේටිකම තමයි. ඉක්මන් වෙයල්ලා එකමුතුවෙයල්ලා. (අ)

:       0       0

ශිරන්ති Friday, 19 December 2014 02:56 AM

කිය කිය ඉදලා වැඩක් නැහැ ෂරීෆ් මහත්තයෝ කරලම පෙන්නන්න. (නදී)

:       0       0

අන්තෝනි Thursday, 18 December 2014 06:57 AM

නුඹලාට හදවතක් නැද්ද මිනිසුනි? (නි)

:       0       0

ධර්මපාල Thursday, 18 December 2014 02:24 PM

ලෝකයේ හැම දේශපාලන නායකයෙක්ම මේවට වගකියන්න ඕනේ. ආගම යන නමට මුවාවී මිනි මරණ, තමන්ගේ ජාතිය සහ ආගම පමණක් ලෝකයේ පවතින්නට ඕන බව කියන මේ ත්‍රස්තයන් ලෝකයෙන් තුරන් කරන්න ලෝක නායකයන් ලෙස කියාගන්නා මිනිසුන් නිහඩව ඉන්නේ මොකද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 December 2014 02:13 PM

පිටබැද්දර ජයාගේ කතාව තමයි දවසේ කියමන (නි)

:       0       0

ලසිත් Thursday, 18 December 2014 01:16 PM

මට නම් පුදුම වේදනාවක් මේ දරුවන් දකිනකොට හිතට එන්නේ. (ර)

:       0       0

ගුණරත්න/ඩුබායි Thursday, 18 December 2014 12:34 PM

පිටබෙද්දර රජා එතකොට මේ රට නිදහස් කරගත්තු කෙනා ඉන්නේ ඔහේගේ ගෙදරද? (නදී)

:       0       0

ඉන්ද්‍ර Thursday, 18 December 2014 12:31 PM

නොදරුවනි හිත් පිත් ඇති මිනිසුන් අතර නුබලා යලි ඉපදේවා. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 December 2014 12:00 PM

නවාස් සේරිෆ් අගමැති තුමනි , උදවු උවමනා නම් අපට කියන්න. ලොවම මවිත කල නිර්භීතම, ශ්‍රේෂ්ට එඩිතරම ජෙනරාල් තුමා ඉන්නේ අපේ රටේ. (නදී)

:       0       0

ඇසළ Thursday, 18 December 2014 10:39 AM

ත්‍රස්තවාදය මුළු ලෝකයෙන්ම අතුගා දැමිය යුතුයි. (ර)

:       0       0

ජයසිංහ Thursday, 18 December 2014 08:09 AM

අමතක කරන්න එපා අපිත් ඒ වගේ කාලයක් පසු කල බව. අපි ඒ අතින් වාසනාවන්තයි. නැවත ඒ වගේ යුගයක් ඇති නොවෙන්න හැම දේශපාලන නායකයෙක්ම කටයුතු කරනවා නම් අපේ මේ පුංචි රට ගැන ලෝකයට ආඩම්බරයෙන් කියන්න පුළුවන් වෙයි තවත් අවුරුදු සිය ගානක්. (නදී)

:       0       0

සමන් Thursday, 18 December 2014 07:17 AM

වපුරන දේ නෙළාගත යුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site