මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිීමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි.
අත්පා වලින් ඉණිමගකට තබා ගැටගසනු ලැබ සිටිනා මිීයෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.
මෙසේ මිීයාට දඩුවම් කිරීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුනේ තම මාසික චේතනය ලෙස ලද මුදල් සියල්ල මීයා සපා විනාශ කර තිබීමයි.අල්මාරියක දමා වැඩි පරිස්සමට සඟවා තිබු මුදල් නෝට්ටු සියල්ල මියා කා දමා විනාශ කර ඇතැයි ඔහු සදහන් කර තිබුණි.
මෙම පුද්ගලයාගේ කි‍්‍රයාවට එරෙහිව අවි අතට ගෙන සිටින්නේ සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන්ය.සතුන්ට මෙසේ වද හිංසා පැමිණවීම පිළිකුල් සහගත බව එම සංවිධාන වල මතයයි.
නමුත් මෙම පුද්ගලයාට වූ අගතිය ගැන සිතා බලන විටදී ඔහු හැසිරුණු ආකාරයේ වරදක් නැතියි පවසන අයද සිටී.අනෙක් අතට පලස්තීනයේ ගාසා තීරයේ නිරතුරුව ඇතිවන ගැටුම් වලින් මිනිසුන් සිය ගණන් මිය යද්දී මුනිවත රකින්නන් මෙසේ මීයෙකු වද බන්ධනයට ලක් කළේයැයි හිස ගිනි ගත්තවුන් සේ හැසිරීම හාස්‍යජනකය යැයිද ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පඩි සල්ලි කෑ මීයා එල්ලයි
ගජමන් Wednesday, 09 October 2013 07:43 AM
මේ වගේ දඬුවම් දෙන ඇමති කෙනෙකුත් ඉන්නවා නේද කොහෙද රටක? (නි)
තරින්ද Monday, 07 October 2013 02:22 PM
සංසාරයේ තමන් කරපු අකුසල කර්ම විපාක දෙන හැටි හරිම පුදුමාකාරයි. මීයෙකුට මේ වගේ දඬුවමක් දුන්න කියලා කවුරුවත් විස්වාස කරන එකක් නෑ දැක්කේ නැත්නම්. මේක කරපු අයත් එක්ක ද්වේශ නොකර, තමුන් කරපු වැරදි කල්ප ගණන් යනතෙක් නැවත නැවත විපාක දෙන්නේ මෙන්න මේ විදියට කියලා සසරට බිය වෙන එක තමයි කල කරන්න පුළුවන් හොඳම දෙය. (ස)
රත්න Monday, 07 October 2013 04:24 PM
මෙම මුදල් නෝට්ටු නැවත ඔවුන්ගේ ජාතික බැංකුවට දී මාරු කර ගත හැක. (ස)
නලින් Monday, 07 October 2013 06:05 PM
ජීවිතෙට ආයේ සල්ලි කන්නේ නෑ නලින් .(නදී)
පෙත්තා Monday, 07 October 2013 06:49 PM
චන්ද්‍ර මෝඩ මීයා ගේ තමා එල්ලන්න ඕනේ.(නදී)
පැංචි Monday, 07 October 2013 08:41 PM
දිල්ෂාන් , චන්දි ඇර අනික් සේරම අමනුස්සයෝ නේද ඉන්දු අක්කේ: අනික් අය මනුස්සයෝ ඔක්කොම බැඳලද?.(නදී)
පෙත්තා Monday, 07 October 2013 09:01 PM
පැන්චියෝ වයසේ හැටියට ඉන්න දන්නේ නැතිද? ඕන නැති ප්‍රශ්න චන්දී නැන්දගෙන් අහන්නේ? දෙන්නේ නෑ ඔයාට සීනි බෝල..(නදී)
ලීල් ගුණවර්ධන Monday, 07 October 2013 11:17 PM
ඉන්දුගේ කතාව හරි මේ සතා මොනවා දැනගෙන ද මේවා කන්න ඇත්තේ පව් අහිංසක සතා . අපේ රටේ කොචර ඉන්නවද සාක්කු මියන් මුන්ව අල්ලලා ගස් බඳින්නේ කවදද? (නදී)
ඉන්දු මෙල්බර්න් Tuesday, 08 October 2013 05:27 AM
පැංචි, ඔයාගේ ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ, මොකක්ද මේ බැඳලද කියලා අහන්නේ, ඒකේ තියෙන වැදගත්කම මොකක්ද සත්තුන්ට සළකන විදිහේ? (නි)
ඉන්දු මෙල්බර්න් Tuesday, 08 October 2013 05:34 AM
පෙත්තා, දැන් ඔන්න මට ඔයාගේ කවිත් එපා වෙනවා. ඔයාවත් ඔය විදිහට එල්ලලා විනාඩි දෙක තුනක්වත් තියලා බලන්න ඕනෑ, කොහොමද දැනෙන්නේ කියලා. බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ කෙනෙක් තව කෙනෙකුට දෙයක් කරද්දී එය තමන්ට විඳින්න වුණොත් එයට තමා කැමතිද කියලා හිතලා බලන්න ඕනෑ. (නි)
එරන්ද Tuesday, 08 October 2013 06:56 AM
අන්න හොදයි (නි)
ආරියසේන Tuesday, 08 October 2013 09:13 AM
මම හිතන්නේ මොහු අපේ රජ කාලේ දෙන දඩුවමක් තමා මීයාට දීලා තියෙන්නේ.මට හිතෙන්නේ මොහු පලස්තීනයේ ඉපදුන නිසා මේ වගේ දඩුවමක් මීයාට දෙන්න ඇති.අවාසනාවන්ත මීයා! (නි)
චන්දි අලුත්වල Tuesday, 08 October 2013 10:15 AM
ඔන්න ඉන්දු මෙල්බර්න් .., මොනවා කලත් අපේ පෙත්තව නම් එල්ලන්න එන්න එපා අපේ පෙත්ත පව් ව් ව් ව් ව් අයියෝ (නදී)
ඉන්දු - මෙල්බන් Monday, 07 October 2013 02:19 PM
ඔය හරියටම හරි චන්ද්‍ර (ස)
විරාජ් Wednesday, 09 October 2013 09:59 AM
නෑයෝ, වේයෝ, මීයෝ, මේ තුන් ඈයෝ අප කන ඈයෝ (නි)
නිලූෂි Wednesday, 09 October 2013 10:58 AM
රිෂාඩ්, තේරුම් ගැනීමට ශක්තියක් නොතිබුණත් හැගීම් දැනීම් ඒ සත්තුන්ටත් තිබෙනවා (නි)
නිලු විදානගේ - සෞදි අරාබිය Wednesday, 09 October 2013 12:01 PM
මේ මනුස්සයට මී කලදක මොලේ නැ.මේකෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද? උගේ පුංචි අත් පය දුක නැතිව කොහොම බැන්ඳද අනේ.අරාබි කාරයන්ගෙ පව්කාර වැඩ. (ස)
ජනක Wednesday, 09 October 2013 12:44 PM
මෙහෙමත් මිනිස්සු! (නි)
සුගත් Thursday, 10 October 2013 08:39 AM
"මීපුර වැසියෝ" (නි)
සුගත් Thursday, 10 October 2013 08:41 AM
මීයා පව්. මීයාට වැඩිය සල්ලි කන අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා (නි)
නැනි Thursday, 10 October 2013 12:05 PM
තමන් තමන්ගේ සල්ලි පරිස්සම් කර ගන්න දැන ගන්න ඕන. මෙයාට තේරෙන්නේ නැද්ද මීයා අකුරු කියවන්න දන්නේ නැහැ කියල? පරණ බෙලෙක් පෙට්ටියක්වත් නැද්ද ? ඇමරිකාවේ, රුසියාවේ ,යුරෝපේ හදපු පතුරම් පෙට්ටි ඕන තරං ඇති ඔය රටේ .(දිල්)
චන්දි Thursday, 10 October 2013 09:00 PM
මට හිතෙන්නේ ''ලෝබයාගේ දේ'' මියෝ කාල වගේ ...!! (අ)
ලංකා Friday, 11 October 2013 03:41 PM
මෙතන උපාසක මහත්වරුන්ගේ හරි නෝනා කෙනෙක්ගේ හරි මෙහෙම පඩි සල්ලි කෑවා නම් බලා ගන්න තිබ්බා මීයාට වෙන දේ..(දිල්)
පුෂ්පා Saturday, 12 October 2013 12:41 PM
මෙයා ඔහොම කරලා මදි... පුසෝ දහයකට ඕකව බාර දෙන්න ඕනේ..(අ)
සිරි Sunday, 13 October 2013 01:17 PM
පලස්තීනයට බැංකු නැතිද?(නදී)
ලංකා විතානගේ Sunday, 13 October 2013 04:26 PM
ලෝබයාගේ දේ මියා කාලා... (නදී)
ප්‍රේමකුමාර Sunday, 06 October 2013 10:10 PM
ලංකාවේ පොලිසියෙන් නම් වැරදි කරලා අහු වුන ලාච්චුවේ දාලා තමයි දඬුවම් දෙන්නේ..(නදී)
ප්‍රණීත් Sunday, 06 October 2013 12:06 PM
ඇත්තටම හිතන්න දෙපැත්තක් තියෙනවා (නි)
ක්‍රිස් Sunday, 06 October 2013 12:38 PM
දිල්ෂාන්, ඒ මිනිහගේ මාසික වේතනය දෙනවද? ඒ පවුලේ ළමයි බිරිද නඩත්තු කරන්නේ කව්ද (මියද) (නි)
මීයා සංවිදානය Sunday, 06 October 2013 12:46 PM
මිනීමරුනට කමක් නැහැ මීයා මැරුනොත් අපට කියන්න (නි)
නාලක Sunday, 06 October 2013 01:22 PM
මේ වගේ එල්ලන්න ඕන අය 225ක් ඉන්නවා. පොඩ්ඩක් ඇවිත් උදව්වක් කරන්න බැරිද...? මේ අය අපේ රටේම සල්ලි කනවා.....(නදී)
ජගත් Sunday, 06 October 2013 03:12 PM
එල්ලලා මදි. කස පර 100 දෙන්න ඕනා..(නදී)
සිරිල් මුණරත්න Sunday, 06 October 2013 04:02 PM
මේ දඩුවම් දෙන්න ඕනේ ලංකාවේ වැරදි වැඩ කරන අයටයි..(නදී)
චන්දි Sunday, 06 October 2013 04:13 PM
අනේ මිය පව් ව්‍ව් ව් .(නදී)
ලාල් Sunday, 06 October 2013 04:22 PM
දේව කැමැත්ත .(නදී)
සමන් කුමාර Sunday, 06 October 2013 04:23 PM
නාලක ඒකම තමා මාත් කියන්නේ. .(නදී)
ක්‍රිස්කෝ මීනු Sunday, 06 October 2013 06:20 PM
කිසිම ප්‍රයෝජනයක් නැති සතෙක්. දුටු තැන මරන්න.(නදී)
වසන්ති Sunday, 06 October 2013 09:05 PM
නියමයි..(නදී)
වසන්ති හෙට්ටි ආරච්චි Sunday, 06 October 2013 09:09 PM
හොද දඩුවම.(නදී)
දිල්ෂාන් Sunday, 06 October 2013 11:45 AM
රටක කාලකන්නි මිනිසුන්ගේ වැඩ. . (නදී)
බංඩා Sunday, 06 October 2013 11:47 PM
නියම දඩුවම ,තෙල් දාල බදින්න ඕනේ ....(නදී)
අසා Monday, 07 October 2013 12:05 AM
හොඳ වැඩේ මහා ජරාම සත්තු ජාතියක්. කරන්නෙම අපරාද(අ)
ශාන්ති Monday, 07 October 2013 01:48 AM
නාලක, මමත් ඔයාගේ කතාව සමග එකගයි (නි)
ඉන්දු මෙල්බර්න් Monday, 07 October 2013 06:43 AM
මීයෙකුට තරම්වත් මොළයක් නැති අය. මේ වගේ දඬුවම් කරලා සතෙකුගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ? නැවත ඒ දෙය නොකරන්නද ? මේ මීයට ආයේ සල්ලි හම්බ වුණොත් කයි, ඒ සතාට ලැබුණු දඬුවම මතක තියාගන්න තරම් මානසික ශක්තියක් නැහැ. පූසන්ව සහ බල්ලන්ව වගේ මීයන්ව හසුරුවන්න බැහැ. පුළුවන් වුණත් මේ දඬුවම හරිම අමානුෂිකයි. මීයන්ගෙන් කරදරයි නම් උන් වඳ කරන බෙහෙතක් දීලා එකවර මරලා දාන එක මීට වැඩිය මානුෂිකයි. පවු අසරණ සතා. (නි)
ඉන්දු මෙල්බර්න් Monday, 07 October 2013 06:45 AM
දිල්ෂාන් , චන්දි ඇර අනික් සේරම අමනුස්සයෝ. (නි)
නිලුෂි Monday, 07 October 2013 08:10 AM
මීයෙකුට තරම්වත් මොළයක් නැති අය. මේ වගේ දඬුවම් කරලා සතෙකුගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ? නැවත ඒ දෙය නොකරන්නද ? මේ මීයට ආයේ සල්ලි හම්බ වුණොත් කයි, ඒ සතාට ලැබුණු දඬුවම මතක තියාගන්න තරම් මානසික ශක්තියක් නැහැ. පූසන්ව සහ බල්ලන්ව වගේ මීයන්ව හසුරුවන්න බැහැ. පුළුවන් වුණත් මේ දඬුවම හරිම අමානුෂිකයි. මීයන්ගෙන් කරදරයි නම් උන් වඳ කරන බෙහෙතක් දීලා එකවර මරලා දාන එක මීට වැඩිය මානුෂිකයි. පවු අසරණ සතා.(නදී)
ඉන්දු මෙල්බර්න් Monday, 07 October 2013 09:38 AM
ස්තුතියි ලංකාදීප, මගේ කොමෙන්ට් එක එඩිට් කලාට. හිතට අව කේන්තියට තමයි හරක් කියල ලිව්වේ.(නදී)
රිෂාර්ඩ් Monday, 07 October 2013 10:31 AM
නිලුෂි-ඒක තමයි මම කියන්නේ සත්තුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා ඔවුන් සතුන් නිසා.(නදී)
ජොලි Monday, 07 October 2013 11:33 AM
හම්මේ මීයා පරිස්සන් කරගන්න ඕන මොනවා කරන්නත් කලින්?.(නදී)
චන්ද්‍ර Monday, 07 October 2013 11:52 AM
තමන්ගේ පඩි සල්ලි පරිස්සම් කරලා තබාගන්න මොලයක් නැති කකුල් දෙකේ මෝඩ මීයා තමා එල්ලන්න ඕනේ.තමන්ගේ චාරයක් නැති වැඩවලට මීයා පලි නෑ. (ස)
අජිත් කුමාර - මෝසා Monday, 07 October 2013 12:42 PM
කොහොම හරි මීයා දැන් ප්‍රසිද්ධයි.... (ස)