X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පරිගණක කන්නන්ට පමණයි

පරිගණක හැකර්වරුන්ට පමණක් සහභාගී විය හැකි තරගාවලියක් මේ දිනවල බි‍්‍රතාන්‍යයේ කි‍්‍රයාත්මකය.

මින් සිදුකෙරෙන්නේ පරිගණක හැකර්වරුන්ට තම හැකියාවන් ප‍්‍රසිද්ධියේම පෙන්වා සිටීමට අවස්ථාව ලබා දීමයි.

‘‘එසයිග්න්මන්ට් ෆ්ලැග්‘‘ ලෙස හැදින්වෙන මෙම තරගාවලිය සංවිධානය කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් නගරයේ පිහිටා ඇති ආරක්ෂක සේවා සපයන ආයතනයක් වන සෝපෝස්ය.

‘‘ෆ්ලැග්‘‘ යනු සෝපෝස් ආයතනය නිර්මානය කර ඇති මනංකල්පිත ත‍්‍රස්ත සංවිධානයකි.එම සංවිධානයේ රහස් අනාවරණය කරගැනීම හැකර්වරුන් ඉදිරියේ ඇති අභියෝගයයි.

තරගාවලියේ පළමු අදියර පසුගියදා නිමාව දුටු අතර එහිදී හැකර්වරුන්ට විද්‍යුත් ලිපියක් ලබාදී තිබුණි.

එම විද්‍යුත් ලිපිය එවා ඇත්තේ කවුරුන්ද,කොහේ සිටද ආදී කරුණු සොයාගැනීමට ඔවුනට සිදුවිය.

නිවැරදි ස්ථානය සොයාගත් හැකර්වරුනු ලබා දුන් තොරතුරු වලට අනුව අදාළ ස්ථානය වෙත ගිය සොපෝස් නිළධාරීන්ට එහි තිබී පරිගණක දෘඩ තැටියක් හමුව ඇත.එය පරිගණකයට සවිකර බැලූවද එයට ආරක්ෂක විධිවිධානයන් සකසා දී තිබී ඇති හෙයින් ඉන් ඵලක් වී නොමැත.

ඊළග අභියෝගය වන්නේ මේ දෘඩ තැටියේ ඇති ආරක්ෂක විධිවිධානයන් බිඳ හෙළා එයට ඇතුල්වී එහි දත්ත ලබා ගැනීමය.

මේ ආකාරයට විවිධ අභියෝග ගණනාවක් අවසානයේ ත‍්‍රස්ත සංවිධානයෙ පිළිඹද වැඩිම තොරතුරු ප‍්‍රමාණයක් අනාවරණය කරගන්නා හැකර්වරයා ජයග‍්‍රාහහකයා ලෙස නම් කෙරෙනු ඇත.

සෝපෝස් ආයතනය පවසන ආකාරයට මෙම තරගාවලියේ අරමුණ වන්නේ බි‍්‍රතාන්‍යයේ අනාගත පරිගණක වෘත්තිකයින්ගේ පරම්පරාවේ හැකියාවන් හදුනාගැනීමයි.

දැනටමත් ආධුනික මෙන්ම වෘත්තීමය හැකර්වරු 1000 කට ආසන්න සංඛ්‍යාවක් තරගාවලිය සදහා ලියාපදිංචිව සිටිති.



අදහස් (0)

පරිගණක කන්නන්ට පමණයි

ඇසළ Wednesday, 06 August 2014 07:31 AM

ඒ කියන්නේ වැඩිපුරම කොම්පුටර් ත්‍රස්තවාදීන් ඉන්නේ බි‍්‍රතාන්‍යයේ. සුද්දත් නරක වැඩෙන් තමයි සල්ලි හොයන්නේ ජිවත් වෙන්න . (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 August 2014 10:52 AM

ඔන්න බලන්න පළවෙනිය උන කෙනාට පවුම් ලක්ෂ ගානක් එක්ක ජොබ් එක ෂුවර් , (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 06 August 2014 04:06 PM

යුකේ යනු ලෝකේ සිටින පළමු පෙලේ ලෝක හොරා.(අ)

:       0       0

පෙරේරා බර්ලින් Wednesday, 06 August 2014 05:25 PM

ලෝකයේ හොඳම පරිගණක හැකර්වරු ඉන්නේ ඊශ්‍රායලයේ, රුසියාවේ සහ චීනයේ. මොවුන් නිසා වන හානියත් අපමණයි. එහෙත් සමහර රටවල් මොවුන්ගේ සේවය ලබාගන්නේ , එම රටවල පුරවැසිබාවයත් ලබාදී , උපරිම වැටුපකුත් සමඟයි. පරිගණක කන්නන් ඉමහත් සේවයක් මෙන්ම ඉමහත් පරිහානියක්ද කරති (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 07 August 2014 01:15 AM

මේක නම් ඇත්ත යාලුවනේ (නි)

:       0       0

දනුෂ්ක දිසානායක Thursday, 07 August 2014 09:03 AM

ඇත්තටම ඕක ලෝකේ පිළිගත්ත රැකියාවක් එයාලට කියන්නේ ඉතිකල් හැකර්ස්ල කියල . එකටම වෙන්වුණු වෙනම උපාදි පවා තියෙනවා. අයි.එච් කියන්නේ ඒ වගේ හොඳ ඩිග්‍රී එකක්. සිස්කෝ ගැන දන්නා අය මේ ගැන දන්නවා ඇති කියල හිතනවා. ඉතින් ප්රෝෆිසනල් හැකර් ලට ගොඩාක් හොඳ වැටුපක් සමග රැකියාවක් දෙන්න ගොඩාක් ආයතන බලාගෙන ඉන්නවා . එකෙන් එයාල බලාපොරොත්තු වෙන්නේ කාගෙවත් දේවල් හැක් කරන්න නෙවෙයි . තමන්ගේ පරිගණක ජාලයට පිටතින් එන උවදුරු නැතිකරගන්නයි . මොකද පරිගණක ජාලයක තියෙන අඩුපාඩු හොඳටම දන්නෙත් ඒවා නවතන්න පුළුවන් වෙන්නෙත් ඔය කියන හැකර් කෙනෙක්ටම විතරයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site