ඇමෙරිකාවේ බොස්ටන් නුවර මහා මැරතන් ධාවන තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් අපේ‍්‍රල් 15 වැනිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එෆ්.බී.අයි පරීක්ෂකවරුන් දෙදෙනකු හෙලිකොප්ටරයකින් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ බව ඇමෙරිකන් පුවත් සේවා පවසයි.
මියගොස් ඇත්තේ 41 හැවිරිදි කි‍්‍රස්ටෝපර් ලොරෙක් සහ 40 හැවිරිදි ස්ටීවන් ෂෝ නමැති පරීක්ෂකයන් දෙදෙනාය. මොවුන් දෙදෙනා මියගියේ පුහුණු සැසියකට සහභාගී වෙමින් සිටිද්දීය.
ඉතා පළපුරුදු පරීක්ෂකයන් දෙදෙනකු වන මොවුන් දෙදෙනා හෙලිකොප්ටරයෙන් ඇද වැටුණේ කෙසේදැයි යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙන බව ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂණ ආයතනය හෙවත් එෆ්.බී.අයි. කාර්යංශය වැඩි දුරටත් කියා සිටී.
බෝස්ටන් මැරතත් තරගය ඉලක්ක කර ගනිමින් එම බෝම්බ ප‍්‍රහාරය සිදුකළේ ඇමෙරිකාවේ පදිංචි චෙච්නියා ජාතික සොහොයුරන් දෙදෙනකු වන 26 හැවිරිදි ටැමරන්ලන් සර්නෝව් සහ 19 හැවිරිදි සොහාර් සර්නෝව්ය.
පොලිසිය සහ එෆ්.බී.අයි. පරීක්ෂකයන් සිදුකළ ලූහුබැඳීමකදී, 26 හැවිරිදි ටැමරන්ලන් සර්නෝව් පොලිස් වෙඩි පහරින් මියගිය අතර ඔහුගේ බාල සොයුරු 19 හැවිරිදි සොහාර් සර්නෝව් මේ වනවිට රෝහල් ගත කර සිටී. මේ වනවිට සොහාර් සර්නෝව් සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වෙයි.
බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සහ ඊට සම්බන්ධ සැකකරුවන් සොයා සිදු කළ ත‍්‍රාසජනක මෙහෙයුම ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ගේත් වත්මන් ජනපති බැරැුක් ඔබාමාගේත් යුද අපරාධ වසං කිරීමට ගත් ඉතා අපූරු ‘රංගනයක්’ යැයි ඇතැම්හු පවසති.
ඇමෙරිකා ජනපති ජෝර්ජ් බුෂ් අණ පරිදි ඉරාක යුද්ධයේදී සිදු කළ යුද අපරාධ මෙන්ම වත්මන් ජනපති ඔබාමා ඇෆ්ගනිස්තානයේ සිදු කරන යුද අපරාධ රටේ ජනතාවගෙන් වසං කිරීමට, බොස්ටන් බෝම්බ ප‍්‍රහාරය යොදා ගෙන ඇමෙරිකානු රජය සහ ආරක්ෂක අංශ ඇමෙරිකානු ජනතාව තුළ ත‍්‍රස්ත බියක් යළි නිර්මාණය කළේ යැයි ද ඇතැම් විශ්ලේෂකයෝ චෝදනා කරති.
මේ අතර ඩැජෙස්ටාන්හි ජීවත් වන සර්නෝව් සොහොයුරන්ගේ පියා අන්සෝර් සර්නෝව් සහ මව සුබිදා සර්නෝව් රුසියානු මාධ්‍ය හරහා පවසා ඇත්තේ තම පුතුන් දෙදෙනා ‘ත‍්‍රස්තවාදීන්’ නොවන බවත් බොස්ටන් ප‍්‍රහාරයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්ය.
එපමණක් නොව ඇමෙරිකාවේ ජීවත් වන තම පුතුන් දෙදෙනා නිරන්තරයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශවල අඩන්තේට්ටම්වලට ලක් වුණු බවත්, බොස්ටන් ප‍්‍රහාරයට ඔවුන් ආරක්ෂක අංශ විසින් පටලවා ඇති බවත් අන්සෝර් සහ සුබිදා චෝදනා කර ඇත.
සර්නෝව් වයස අවුරුදු අටේ සිට ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටි අයකු බවත් ඔහු වෛද්‍ය ශිෂ්‍යයකු බවත් අනාවරණය වී ඇත. වයස අවුරුදු 8 දී සොහාර් ඇමෙරිකාවේ බොස්ටන් නුවර පදිංචියට පැමිණ අධ්‍යාපනය ලැබුවත්, ටැමරන්ලන් ඇමෙරිකාවට පැමිණ ඇත්තේ වයස අවුරුදු 21 දීය. ඔහු ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ගී‍්‍රන්කාඞ් ක‍්‍රමය හරහාය.
ඇමෙරිකාවේ පදිංචියට පැමිණි ටැමරන්ලන්, කැතරින් රසල් නමැති 24 හැවිරිදි තරුණිය සමඟ ආදර සම්බන්ධයක් මත විවාහ වී ඇත. කැතරින් මධ්‍යම පන්තික පවුලක තරුණියකි. මොවුන් දෙදෙනා දැන හඳුනාගෙන ඇත්තේ අධ්‍යාපනය හදාරද්දීය. දැන් මොවුන්ට සහාරා නමැති අවුරුදු 3 ක් වයසැති දියණියක ද සිටී. ටැමරන්ලන් සහ කැතරින් අතර ඇති වූ විවාහ සම්බන්ධතාව නිසා කැතරින් සහ ඇගේ පවුලේ අයට ද ඉස්ලාම් දහම වැළැඳ ගැනීමට සිදු වී ඇති බව ද වාර්තා විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පරීක්ෂණ සිදුකළ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ දෙදෙනා මරුට