1967 වසරේදී ඇතිවූ මැදපෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලය අත්පත් කරගත් බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම හා ගාසා තීරය නැවත තමන්ට පවරා දෙන ලෙසත්, තමන් රටක් හැටියට ස්ථාපිත කරන ලෙසත්, මාස 12 ක් ඇතුළත සාම කි‍්‍රයාදාමයක් ඇතිකරන ලෙසත් පලස්තීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවලියක් ඇමරිකාවේ නිශේධ බලය හමුවේ ප්‍රතික්ෂේප කැරිණි.
ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාවලියකට අනුමැතිය පළවීමට නම් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලින් අවම ඡන්ද 9 ක් ඊට අමතරව ඇමරිකාව, රුසියාව, බි්රතාන්යය, ප්‍රංශය හා චීනය යන ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයින් පස් දෙනාගේ ඡන්දත් ලැබිය යුතුය.
පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාවට සාමාජික රටවල් 9 ක්ම මනාපය පළ කර ඉදිරියට ගෙන ආ අතර ප්‍රංශය, චීනය හා රුසියාවද ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දුනි. බි්රතාන්යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි හෙයින් එහි ඡන්දය ගණන් නොගැණුනි.
ඇමරිකාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව යෝජනාව ප්‍රතික්ෂේප විය.
තම තීරණය සාධාරණීකරණය කරමින් ඇමරිකාව සඳහන් කළේ යෝජනාවලියේ සැකමුසු තැන් රාශියක් තිබෙන බවයි. විශේෂයෙන් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකීමේදී පලස්තීනයට මෙවැනි නිදහසක් ලබාදිය යුතුදැයි ගැටලූවක් මතුවන බව ඇමරිකාව කීවේය.
ඊශ්‍රායලය සාධාරණීකරණය කරන්නටද ඇමරිකාව උත්සාහ නොකළේය.
රටක ස්වෛරීභාවය සුරැකීම සම්බන්ධයෙන් තමන් සෑම විටම පෙනී සිටියද මෙවන් අසම්පූර්ණ, සැකකටයුතු යෝජනාවලියකට එකඟත්වය පළ කිරීමට කිසිසේත් නොහැකි බව ඇමරිකාව වැඩිදුරටත් පැවසීය.
දේශපාලන විචාරකයින් පවසන්නේ ඇමරිකාවේ මේ තීරණය බලාපොරොත්තු විය යුත්තක් බවයි. විශේෂයෙන් ළග එන ඊශ්‍රායල මැතිවරණයට ප්‍රථමයෙන් මෙවැනි දෙයක් කිරීමට ඇමරිකාව කිසිසේත්ම කටයුතු කරනු නැතැයි සහතිකයෙන්ම කිව හැකි බවයි.
ආරක්ෂක මණ්ඩලයේ තීරණයට තමන් ගරු කරන බව සඳහන් කළ පලස්තීන නියෝජිතයා තම රටේ ජනතාව විඳිනා දුක්කරදර වලින් ඔවුන් මුදවාගැනීමේ අරමුණ ඇතිව මේ යෝජනාවලිය ඉදිරිපත් කළ බව කීවේය. නමුත් දැන් මෙය ප්රතික්ෂේපව ඇති නිසා පලස්තීනය මින් ඉදිරියට ගත යුතුව ඇති පියවර ගැන සොයාබැලිය යුතුව ඇතැයි ඔහු වැඩිදුටත් පැවසීය.
ඇමරිකාවේ තීරණය ගැන චීනය, රුසියාව හා ප්‍රංශය කණස්සල්ලෙන් අදහස් පළ කරනු දැක ගත හැකිවිය. පලස්තීනය නිදහස් රාජ්‍යයක් වීමට දරන උත්සාහය මේ පරාජය හමුවේ කිසිසේත්ම නොනැවැත්විය යුතු බව ප්‍රංශයේ අදහස විය.
දැනට වාර්තාවී ඇති තොරතුරු වලට අනුව අන්තර්ජාතික අධිකරණයෙන් තම ගැටලූවට විසඳුමක් ලබාගැනීමේ කෙරෙහි පලස්තීනයේ අවධානය යොමුව ඇතැයි සඳහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පලස්තීන යෝජනාවන්ට ඇමෙරිකාව හරස් වෙයි
මහේන්ද්‍ර Friday, 02 January 2015 02:24 PM
ඇමෙරිකාව පාලනය කරන්නේ යුදෙව් ජාතිකයන් පිරිසක්. එක තමයි ලෝකයට වෙලා තියන හෙනය.(හේ)