අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය ඊයේ (14) පියවර ගත්තේය.
එම සිරකරුවන් 26 දෙනා නිදහස් කළේ ඇමෙරිකාවේ අනුග‍්‍රහය යටතේ ආරම්භ වීමට නියමිත, ඊශ‍්‍රායල පලස්තීන සාම කතාවලට පෙරය.
සාම කතා ඵලදායී කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ ඉල්ලීමට කන් දී, සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ, ඉකුත් 12 වැනිදාය. එම තීරණය ගත් අවස්ථාවේදී එම 26 දෙනාගේ නම් ලැයිස්තුවද ප‍්‍රසිද්ධියට පත් කළේය.
ඊශ‍්‍රායල පලස්තීන මැදපෙරදිග සාම කතා ආරම්භ වන්නේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරුණේ මීට මාසයකට පමණ පෙරදීය. සාකච්ඡුා සඳහා මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.
පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ එරට ආරක්ෂක ඇමැති යේලෝන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර දීර්ග වශයෙන් පැවැති සාකච්ඡුාකින් ද පසුවය.
නිදහස ලැබුණේ ඊශ‍්‍රායල අත්ඩංගුවේ සිටින සිරකරුවන් 104 දෙනකුගෙන් 26 දෙනකුය. සාම කතා ඵලදායී ආකාරයට සිදුවන්නේ නම් සෙසු පිරිස ද මුදා හැරීමට කටයුතු සැළසෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
නිදහස ලැබූ එම පලස්තීන ජාතිකයන් පිරිස ඊයේ බටහිර ඉවුරේ පලස්තීන පාලන ප‍්‍රදේශයට පැමිණි අවස්ථාවේ ඔවුන් උණුසුම් ලෙස පිළි ගැනීමට පලස්තීන වැසියෝ පියවර ගත්හ. ඊශ‍්‍රායලය කළ එම සිරකරුවන් නිදහස් කිරීම පලස්තීන රජයේ ද පැසැසුමට හේතුවක් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පලස්තීන සිරකරුවෝ 26 දෙනෙක් නිදහස ලබති
ධම්ම Thursday, 15 August 2013 10:45 AM
යසීර් අර්ෆත් මුළු ජීවිත කාලය පුරාම සාකච්ඡා කළා. විසඳුමක් උනේ නැහැ. අන්තවාදී ආගම් මූලික සටන් කිසිදා විසදෙන්නේ නැහැ. (ස)
ෆර්සාන් Thursday, 15 August 2013 12:57 PM
ඒ පාර මොකාටද එන්න හදන්නෙ කියල දන්නේ නැහැ. කවරදාකමවත් යුදෙව්වන්ව විශ්වාස නොකල යුතුයි. ඔවුන් දිය යටින් ගින්දර ගෙනයන අයයි. (ස)
විමුක්ති Thursday, 15 August 2013 08:17 PM
අනේ මේ ෆර්සන් ඔයාලට දෙන්න ඕනේ ඔය තෛලයෙන් තමා. දැන් පේනවද අපිට වෙලා තියන දේ.(නදී)
ලක්මා Thursday, 15 August 2013 10:59 PM
අපේ රටේ යුද්ධය තිබුණු මුල්ම කාලේ අපිට උදව් කළේ යුදෙවුවෝ. ඒක අමතක කරන්න එපා. (නි)