X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


පවට පින දෙන්න බෑ

ඉරාන ජාතික අමූ හජි වසර 60 කින් ස්නානයක් සිදුකරගෙන නැත.

නමුත් ඔහුගේ උත්සාහය අඹුවක් සොයාගැනීමය.

අමූ හජි නම් වන මේ අපූරු පුද්ගලයා ජීවත් වන්නේ ඉරානයේ දකුණු දිග පිහිටි   ඩෙජාග්හ් ආසන්නයේ තමන්ම හාරාගත් ගුලකය. ඔහු ගැන සැළකිලිමත්වන ගම්වැසියන් ඔහුටම කියා නිවසක් තනා දී ඇතත් එහි විසීමට අමූගේ වැඩි කැමැත්තක් නොමැත.

අමූට බිරිදක් අවශ්‍ය නම් ඔහු පළමුව නා පිරිසිදු විය යුතුවේයැයි සිතූ ගමේ ගැටව් පිරිසකගේ ජල ප්‍රහාරයකිනුත් අමූ බේරී ඇත්තේ මෑතකදීය.

මින් පෙර ලොව වැඩිම කාලයක් ස්නානය නොකොට වාර්තාවක් තබා තිබූයේ ඉන්දීය ජාතිකයෙකි.වාර්තාවට අනුව ඔහු වසර 38 ක් කිසිදු අයුරකින් ඇග පත පිරිසිදු කර ගැනීමෙන් වැළකී සිට ඇති අතර දැන් අමූ ඒ වාර්තාව බිද හෙළා ඇති සෙයක් පෙනේ.

අමූ ජලය හා ගනුදෙනු කරන්නේ පිපාසය නිවා ගැනීමට අවශ්‍ය වූ විට පමණකි.එයද කබල් ඛෙලෙක්කයකට ඔහුගේ ගුල ආසන්නයේ ඇති වතුර වළකින් ගන්නා ජලයෙනි.

අමූ ආහාර ලෙස ගන්නේ මැරුණු සතුන් හා ශාඛ කොටස්ය.සැන්දෑ යාමයේ හේ තම පයිප්පයට සතුන්ගේ මළ අපද්‍රව්‍ය වලින් සාදාගත් ‘දුම්කොළ‘ පුරවා එය දල්වාගෙන උරයි.රැවුලූ කොණ්ඩා කපා ගැනීමට අවශ්‍ය වූ විට හේ ඒවාගේ වැඩි හරිය ගින්නට අල්ලා පුලූස්සා දමයි.ගෝණි පඩංගු වලින් විළිවසාගන්නා ඔහු සීත සෘතුවේ පමණක් තොප්පියක් පළදී.

තරුණ කාලයේ තමන්ට සිදුවූ අකටයුතුකම් නිසා මෙසේ සමාජයෙන් ඉවත්ව වෙසෙන බව ඔහු කියයි. අවශ්‍යතාවලින් පිරී නොමැති තමන් ගෙවන මේ දිවිය ඉතා නිදහස් යැයි ඔහු පවසයි.

මේ සා දිවි පෙවෙතක් ගත කළත් ඔහුට ඉහෙන් බහින තරම් රෝගයක්ද නොමැත.



අදහස් (0)

පවට පින දෙන්න බෑ

සෑම් Thursday, 16 January 2014 12:20 PM

මේ ප්‍රවෘත්තියට අනුව මේ මනුස්සයා පව් කරලත් නැහැ. මාතෘකාවේ කියන අන්දමට ''පවට'' පින් නොලැබිලවත් නැහැ. කතාව සම්පූර්ණයෙන්ම කියවා බලා පහත ඇති බුදු වදන සමග සංසන්දනය කරලා බලන්න පව සහ පින අර්ථකථනය කිරීම කොතරම් හරිද කියලා. අරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමා ඥාතී නිබ්බානං පරමං සුඛං.(නදී)

:       0       0

කෙනත් Thursday, 16 January 2014 12:32 PM

මිනිසත් බව ලැබුවත් මිනිසෙකු ලෙස ජීවත් වන්නට පිනක් නැති නිසා තමයි මිහිපිට වෙසෙන පෙරේතයෙකු වගේ ජීවත්වන්නේ. මේ පිනෙහි අඩුවක් නිසා මනුසත් බවේ සුව ලබන්නට හිත දෙන්නේ නැත. මේ වගේ කතා ඕනෑ තරම් සුත්‍ර පිටකයේ සොයාගන්න පුළුවන්. කෙනෙක් දානයක් දී පසුව ඒ ගැන ලොබ සිතින් පසුවේද, සිත අසතුටින් දන් දෙයි ද ඔහුට දානයෙහි විපාක ලෙස සුව පහසු සැප සම්පත් ලැබුවද ඒවා භුක්තිවිදීමට සිත නොදේ, හිගන්නෙකු මෙන් ජීවත්ව මියයන සිටුවරයෙක් බුද්ධ කාලයේ කොසොල් දනව්වෙහි සිටියා.(නදී)

:       0       0

ජනා Thursday, 16 January 2014 12:49 PM

සෑම්,මෙය බුදු වදන් හා සංසන්දනය කරන්න උත්සාහ කරන්න එපා.. බුදු වදන් බුද්ධිමත් භාවයෙන් යුතුව අත්හැරීම පිළිබඳව මග පෙන්වනවා (දිල්)

:       0       0

පහන් Thursday, 16 January 2014 01:06 PM

බුදුදහමේ ඇති පරම සත්‍යය ලියා මතක් කර දීමත් මහා පින්කමක් .නැවත නැවත ලියන්න .(දිල්)

:       0       0

දයා අලහකෝන් Thursday, 16 January 2014 02:30 PM

මේක කියවද්දි මට මතක් වුණේ මට්ටකුන්ඩලී කතාව. (ත)

:       0       0

හේමන්ත Thursday, 16 January 2014 03:02 PM

මෙයාලාට තමා ද්විහේතුක කුසල කාර්ම වලින් ඉපදුනු අය කියා කියන්නේ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබන්න කුසල ප්‍රමාණවත් නැහැ. මනුෂ්‍යාත්මය ලැබුවද එය විදින්න වාසනාවක් නොමැත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site