පවුලේ කැමැත්ත නොමැතිව විවාහ වීම නිසා තම දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් පකිස්ථානයේ ලාහෝර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
මරණයට පත් සිනාත් රාෆික් (18) නම් තරුණියගේ ශරීරයේ හිරිහැරයන්ට ලක් වූ ලක්ෂණ පෙන්නුම් කරන බවත් පෙට්‍රල් භාවිතයෙන් ඇයගේ සිරුරට ගිනි තබා ඇති බවත් පොලිසිය පවසයි. සිනාත් රාෆික් ගේ ගෙල සිර කර ඇත්දැයි සක සහිත බවද පොලිසිය සදහන් කළේය. මෙම සිදුවීමෙන් අනතුරුව ඇගේ සහෝදරයා පල ගොස් ඇති බවත් මේ වන විට පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බවත් වාර්තා වෙයි.
ඇගේ මව නිවසේදී දේහය සමග සිටි අතර මේ වන විට ඇය අත්අඩංගුවේ පසු වෙයි. ඇගේ මව මෙම අපරාධය පාපොච්චාරණය කර ඇති නමුත් අවුරුදු 50 ක් වයසැති කාන්තාවක් පවුලේ සාමාජිකයන්ගේ කිසිදු උපකාරයක් නොමැතිව මෙවන් ක්‍රියාවක් සිදු කළැයි විශ්වාස නොකළ හැකි බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේය. වේදනාවෙන් මොර දෙන හඩ ඇසුණු අසල්වැසියන් පොලිසිය ඇමතු නමුත් පොලිසිය පැමිණෙන විටත් ඇය මිය ගොස් සිටි බව මාධ්‍ය වාර්තා පවසයි.
මිට සතියකට පෙර ඇය තම සමග විවාහ වූ බවත් ඒ බව ඇයගේ දෙමාපියන්ට පැවසු පසු ඇයට නැවත පැමිණෙන ලෙස ද විවාහ උත්සවයකින් නැවත ඔහු වෙත භාර දීමට පොරොන්දු වූ බවද ඇයගේ සැමියා වන හසන් ඛාන් පවසයි ආදරය හා විවාහය හේතුවෙන් කාන්තාවන්ට හිරිහැර බහුලව සිදුවෙන පාකිස්තානයේ මාසයක් තුළ වාර්තා වූ තෙවැනි සිදුවීම මෙය බවට මාධ්‍ය සඳහන් කරයි. පසුගිය සතියේ ද විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා මාරියා සදාකාත් නම් තරුණ පාසල් ගුරුවරියක් ඉස්ලාමාබාද් නගරය ආසන්නයේ දී ගිනි තබා තිබේ. ඇය පිළිස්සීම හේතුවෙන් ඇති වූ තුවාල නිසා දින තුනක් දුක්විඳ මිය ගොස් තිබේ. එමෙන්ම තම මිතුරියකට පෙම්වතා සමග පළා යාමට උදව් කිරීම නිසා ඇබොට්ටාබාද් අසල ගමක ප්‍රජා මූලිකයන් විසින් තරුණියක් පුළුස්සා ඝාතනය කිරීමට නියෝග දී තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පවුලේ අකමැත්තෙන් විවාහ වූ නිසා දියණිය මරලා
ටෙනිසන් Friday, 10 June 2016 05:01 PM
මොනවද මේ මිනිස්සු කරන මිලේච්ඡ වැඩ? (නි)