X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


පහරදීමක් කළොත් පසුතැවෙන්න වේවි

කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ නැතිව ඔබාමා පරිපාලනය, හමුදාව යොදවා සිරියාවට පහර දුන්නොත්, ඒ ගැන ඔවුන්ට පසුතැවෙන්න සිදුවනු නොඅනුමාන යැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ඊයේ (10) යළිත් වරක් අනතුරු ඇඟවීමක් කළේය.

සිරියාවට එරෙහිව ඇමෙරිකන් රජය හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නේ නම්, පැය කිහිපයක් ඇතුළත පහර දී සිරියා ගුවන් හමුදාව අඩපණ කිරීමට තමන්ට හැකි බව ඇමෙරිකා රජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධාන හමුදාපති ජනරාල් මාටින් ඩැම්ප්සි පවසා තිබේ.

ඇමෙරිකාව එසේ පහරදීමක් කළොත්, මේවනවිට  සිරියාවේ සිදුවන සිවිල් ජීවිත අහිමිවීම්වලට වඩා වැඩි ජීවිත හානියක් සිදුවනු ඇති බවත්, මැදපෙරදිග තවත් අර්බුදයක් ද නිර්මාණය වනු ඇති බවත් ජගත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සිරියාව අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින නිසා එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමට ඉඩ ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති. සිරියාවට පහර දුන්නොත්, තමන් සිරියා රජයට සහාය දෙන බව රුසියාව ප‍්‍රසිද්ධියේ අනතුරු අඟවා ඇත.
සිරියානු අර්බුදය වසර දෙකක් තිස්සේ දිග්ගැස්සී ඇත්තේ, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සිරියාවේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාල කණ්ඩායම්වලට සහාය දෙද්දී, ඉරානය, රුසියාව සහ චීනය සිරියා ජනපති අසාද්ට සහ ඔහුගේ රජයට සහාය දීම නිසාය.
 



අදහස් (0)

පහරදීමක් කළොත් පසුතැවෙන්න වේවි

කලණ Wednesday, 11 September 2013 10:06 AM

මේවා හරිද මන්දා.(නදී)

:       0       0

රානා Wednesday, 11 September 2013 10:28 AM

ලිබියාව, ඉරාකය, පුරසාරම් දෙඩුවා. අපි බලාගෙන සිටියා ඇමරිකාව කනකම්. දැන් සිරියාව චන්ඩිය වෙලා. මෙතැනදී හරි ඇමරිකාව කනවනම්. (නදී)

:       0       0

උපාලි Wednesday, 11 September 2013 10:39 AM

අසාද් චන්ඩිය වෙලා. රුසියාව චීනය දෙපැත්තේ තියාගෙන. (නදී)

:       0       0

විජේ Wednesday, 11 September 2013 11:00 AM

මිනිස්සු කරන අපරාධ වල හැටියට ලෝක යුද්ධයක් වෙලා හරි මිනිස්සු ලෝකෙන් තුරන් වෙන්න ඕන. එතකොට සාමකාමී මිනිස්සු වෙනුවෙන් ආයෙත් අලුත් ලෝකයක් ගොඩ නැගේවි. (ස)

:       0       0

අනුර-නාවලපිටිය Wednesday, 11 September 2013 11:13 AM

වැඩිය දුර ගෙනියන්න එපා! ලෝක යුද්දයකට මාන බලනවා වගේ සියලුදෙනාටම කරදරයක් වෙනවා.(නදී)

:       0       0

ජෝන් Wednesday, 11 September 2013 12:28 PM

මෙයාලා බොරුව කරන්නෙ කවුරුවත් ගහ ගන්නෙනෑ. (ස)

:       0       0

මර්සි ලංකා Wednesday, 11 September 2013 01:22 PM

මොනවා හරි කරලා ඇමරිකාවට සහ යුරෝපයට ඊශ්‍රායලට ඕනේ සිරියාවට ගසා එම රජය නැති කර දෙවනුව ඉරානයට පහර ගැසීම. මේක හොඳට දුර දිග බලා කරපු ප්ලැන් එකක් . අද ලෝකයේ බටහිරට ගැති නොවන ඕනෙම රටකට දඬුවම් කිරීමට යුරෝපය ඇමරිකාව පසුබට නොවේ. මොකද ඔවුන්ගේ ආර්ථිකය චීනය සහ රුසියාව බ්‍රසීලය ඉන්දියාව සහ වෙනත් රටවල් ලබා ගනිමින් සිටින නිසා. එනිසා කිසියම් රටක් චීනයට හෝ රුසියාවට ගැති නම් වෙළඳ කටයුතු කලේ නම් , බටහිරට එය ලොකු හිසරදයකි. එනිසා එම රටවල් කොහොම හරි අස්ථාවර කිරීමට මෙම බටහිර රටවල් සමග ඇමරිකාව පෙළ ගැසී සිටිති . අද ඊශ්‍රායලය ගාසා තිරයේ කොපමණ මිනිසුන් සහ ළමයින් මැරුවත් ඇමරිකාව සග බටහිර ලෝකය කට නොසල්වති . මොකද ඇමරිකාවේ සහ බටහිර රටවල ආර්ථිකය බොහෝ විට අයිති යුදෙව්වන්ට. එම රටවල බොහෝ විට නායකයා වන්නේත් මැති ඇමති වෙනි සහ රජයේ ලොකු පුටු වල සිටින්නේත් ඔවුන් නිසා. ඔවුන් ආරක්ෂා කිරීම මෙම රටවල අයිතියක්. සිරියාව සහ ඉරානය අද ඉස්රායලයේ සතුරු රටක් කෙලින්ම් . අනික් මුස්ලිම් ලෝකය සතුරු උවත් එය එළිපිට පවසන්නේ නැත. ඔවුන් කරන්නේ ඉස්රයලය වැනසීමට මුදල් සහ ආයුධ සැපයිම පමණය . මෙම සිද්දිය මත මුස්ලිම් ලෝකයද දෙකට බෙදී සමහරු බටහිර ගැත්තන් වෙලා . සමහරු රුසියාව සහ චීනය සමග. අද බටහිර ලෝකයට අවශ්‍ය ඉස්රයෙල් වලට අනතුරු වන රටවල් විනාශ කිරීමය . එහි එක කොටසකි සිරියන් ප්‍රශ්නය. සිරියන් රජයට එරෙහිව කැරලි ගැසුවෙත් ආයුධ දෙන්නෙත් බටහිර රටවල් සමග ඇමරිකාව. එහෙත් ඔවුන්ගේ අරමුණ තවම ඉටු නොවූ නිසා කෙලිම්ම පහර ගසා ඉවරයක් කරන්න දැන් උවමනාය. අපි ලාංකිකයන් හෙටියට මේ දෙපැත්තටම කඩේ නොගොසින් අපේ රටේ මෙවැනි අස්ථාවර තත්වයක් උදා නොවන්ට වග බලා ගම්මු .(නදී)

:       0       0

එදිරිසිංහ Wednesday, 11 September 2013 07:53 PM

අල් අසාද් විස රසායන අවිවලින් සන්නද්ද කෙනෙකි.මොහුගේ පාලනය යටතේ සිටින නොදරුවන් සහ වැඩිහිටි ජනතාවට රසායනික අවි ප්‍රහාර එල්ල කළාසේම ඇමෙරිකානුවන්ට විස රසායන අවියේ රස බලන්න දෙන්න මු පසුබටවෙන්නේ නැත (අ)

:       0       0

සේරම් පැරිස් Wednesday, 11 September 2013 10:38 PM

එදිරිසිංහ ඔය කතාවම ඉරාකයේ හිටපු නායකයා නැති කරන්න මුළු බටහිර ලෝකයත් ඇමරිකාවත් ඔවුන්ගේ ගැත්තනුත් කිව්වා. නමුත් මේ රසායනික ප්‍රහාර අල් අසාද් ප්‍රහාර කලා කියලා ජාත්‍යන්තරය තවම ඔප්පු කලේ නැහැ . මෙය පවසන්නේ සිරියාවට විරුද්ධ කොටස පමණි . එදිරිසිංහ ලොකු එදිරියකින් වගේ අල් අසාද් සමග . රසායනික සිරින්ඩර් එංගලන්තය සිරියාවට දුන්න කියනවා. ඉරානය කියනවා බොහොම කලකට ඉහත සෞදි රාජ්‍ය මේවා සිරියන් රජයට විරුද්ධව පාවිච්චි කරන්න දීල කියල . එමගින් සිරියාව එය මත දමා ඔහුගේ බලය නැති කිරීමට . හොඳම දේ අප පසකටවී බලා ඉම්මු . දෙපැත්තටම කඩේ නොගොසින් . අනාගතය සත්‍ය ඔප්පු කරාවී . කලින් සිදුවාසේ . අපට ඕවාට මැදිහත් වීමට ශක්තියක් නොමැත . මොකද අපේ ප්‍රශ්ණ තවම අප විසඳා ගෙන නිම කර නැති නිසා . ඔබට මෙත් සුව පතමි . ඔබ සමග කිසි එදිරියක් නොමැත එදිරිසිංහ මහතෝ .(නදී)

:       0       0

සත්‍යපාල Thursday, 12 September 2013 12:25 AM

එදිරිසිංහ යමක් ලියලා තිබෙන නිසා ඔබට අකුරු කියවන්නට පුළුවන් බව හිතෙනවා. කඩේ යන ගමන් මර්සි ලංකා,සේරම් පැරිස් කියලා තිබෙන දෙයත් කියවලා බලන්න.ලබන ආත්මෙවත් ඔබට බුද්ධිය පහළවේවා! (නි)

:       0       0

එදිරිසිංහ -ඉතාලිය Thursday, 12 September 2013 01:00 AM

සේරම් මහතාගේ අදහස් සමග යම් තරමකට එකග වුවත් සිරියා ප්‍රශ්නය ගැන යම්කිසි අදහසක් මතුවන්නේ එදිරිවාදිකම මත නොවනබව වටහාගන්න (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 12 September 2013 05:43 PM

සත්‍යපාල හොද බුද්ධිමත් කෙනෙක් බව තේරුම් ගැනීමට අපහසු නැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site