ප‍්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේදී, තියුණු සටනකින් පසු වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා ඉදිරියට පැමිණීමට සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් සමත් විය.
මෙවර ජනපතිවරණයෙන් සමාජවාදී පක්ෂ නායක ඕලන්ද් ජයග‍්‍රහණය කරනු ඇතැයි ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණවලින් අනාවැකි පළ වී තිබුණි.
ජනපතිවරණය පැවැත්වුණේ පෙරේදා (22) ය. ඡන්ද දායකයන් කෝටි 4.4 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි බව වාර්තා විය. පළමු වටයේ ඡන්ද ප‍්‍රතිඵල ඊයේ (23) උදෑසන වෙද්දී නිකුත් වී තිබුණු අතර ඒ අනුව ෆ‍්‍රන්සුවා ඕලන්ද් සියයට 28.4 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කරගෙන තිබුණි.
කෙන්සවටිව් පක්ෂයෙන් තරග කළ ජනපති සාර්කෝසිට හිමි කර ගැනීමට හැකි වී තිබුණේ සියයට 27 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ල පෙන්ය. ඇය සියයට 18.5 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගෙන තිබුණි.
ජනපතිවරණයට අපේක්ෂක අපේක්ෂිකාවන් 10 දෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් අතරින් ඉදිරියට පැමිණ සිටින්නේ මොවුන් තිදෙනා පමණි.
සාර්කෝසි සහ ඕලන්ද් ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 50 කට වැඩියෙන් ලබා ගැනීමට අපොහොසත් වූ නිසා මැතිවරණයේ දෙවැනි වටය ලබන මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතය. දෙවැනි වටයේ දී සාර්කෝසි ඉදිරියට පැමිණෙනු ඇතැයි ඔහුගේ පක්ෂය පවසයි.
සාර්කෝසිගේ පසුබැසීමට හේතු වී ඇත්තේ ප‍්‍රංශ ජනතාව ඔහු ගැන කලකිරීමට පත්ව සිටින නිසා යැයි ඕලන්ද් පවසයි. ජනතාවට පාලනයේ සැබෑ වෙනසක් අවශ්‍ය යැයි ද හෙතෙම වැඩි දුරටත් කියා සිටී.
සාර්කෝසිගේ පාලනය පිළිබඳ කලකිරී සිටි බොහෝ දෙනා කියා තිබුණේ ඔවුන් සාර්කෝසිට විරුද්ධව ඡන්දය දෙන බව හෝ ඡන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පළමු වටයෙන් සර්කොස් පරදී:සමාජවාදී නායක ඔලෝන්ද් ඉදිරියෙන්