මිනිසා විසින් භාවිතයට ගෙන ඉවත දමන පොලිතීන් බෑග් හා ප්ලාස්ටික් උපකරණ දේශගුණික සාධක වෙනස්වීමටත් වඩා පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇතැයි කැලිෆෝනියාවේ සමුද්‍ර පර්යේෂණ ආයතනය පවසයි.
එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ මිනිසා විසින් භාවිතයට ගෙන ඉවත දමන පොලිතීන් බෑග් සහ ප්ලාස්ටික් භාජන සාගර ජීවීන්ට මහත් තර්ජනයක් වී ඇති බවයි. ක්‍රමයෙන් සාගර ජීවීන් මිය යාමටත් දුර්ලභ ජීවී විශේෂ වඳවී යාමටත් එය හේතු වී ඇත.
කැලිෆෝනියාවේ සමුද්‍ර පර්යේෂණ ආයතනයේ ප්‍රධානී චාර්ල්ස් ජේ මූරේ පවසන්නේ පසුගිය වසර පහ තුළ මහා පරිමාණයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය මුහුදු පරිසරයේ දක්නට ලැබෙන බවයි. එය යමකු කම්පනයට පත්කිරීමට සමත් අතිවිශාල ප්‍රමානයක් බව ද ඔහු කියයි.
මුහුදේ පාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයක් යැයි සිතා බොහෝ මුහුදු පක්ෂීන් ඒවා ආහාරයට ගනී. දූපත්වාසී මුහුදු පක්ෂීන්ගෙන් සියයට 90ක් පමණ මියයන්නේ ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් බව ද ඔහු කියයි.
පැසිපික් සාගරයේ ටොන් ගණන් අපද්‍රව්‍ය එකතු වූ ස්ථාන තිබෙන බව ද මුරේ ඇතුළු කණ්ඩායමේ නිරික්ෂණයට ලක්ව ඇත. අප භාවිතා කරන දත් බුරුදුවේ සිට වාහන ටයර් දක්වා විවිධ භාණ්ඩ ඒ අතර වන බව ද ඔහු කියා සිටියි.
විශාල මසුන්ගේ බෙල්ලේ හා වළිගවලත් වරල් වලත් ප්ලාස්ටික් පටි හා දවටන රැඳී තිබේ යැයි ඔහු නිරීක්ෂණය කර ඇත. මියගිය එක් තල්මසකුගේ උදරයේ ප්ලාස්ටික් බෑග් 100ක් පමණ තිබී ඇත. අපවහන පද්ධති ඔස්සේ ගලා එන ෂැම්පු, තොල් ආලේපන, සබන් වැනි සනීපාරක්ෂක හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් විසින් ආහාරයට ගන්නා බව ද නිරීක්ෂණය කැර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්ලාස්ටික් මහ සයුරත් වනසයි
නිහාල් Friday, 26 September 2014 11:06 PM
ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය දිරාපත් කරන්න ක්‍රමයක් සැළසුම් කරන්න. අපේ උගත් විද්වතුන්ට මෙය බාර කරමු (නි)