ගැහැණුන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම ඇමරිකාවේ ප්ලේ බෝයි සඟරාව නතර කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක ස්කොට් ෆ්ලැන්ඩර්ස් කියයි.
ප්ලේ බෝයි සඟරාවේ පුරෝගාමී කර්තෘ හියු හෙෆ්නර් (89) නිරුවත් ඡායාරූප පළ කිරීමේ රටාව ඇති කළේය. ගැහැණුන්ගේ නග්න ඡායාරූප පළ කිරීම නතර කිරීමට එහි ප්‍රධාන කර්තෘ කෝරි ජෝන්ස් ගිය මාසයේ කළ යෝජනාවට හෙෆ්නර්ද එකඟත්වය පළ කළ බව නිව්යෝක් ටයිම්ස් පත්‍රය කියයි.
ජෝන්ස් පවසනුයේ අද හැම යෞවනයකුම ජංගම දුරකථනයෙන් හා වෙබ් අඩවියෙන් අන්තර්ජාලයට සම්බන්ධවී ඇති නිසාත් අන්තර්ජාලයේ නිමක් නැතිව අසභ්‍ය ඡායාරූප ඇති නිසා ප්ලේ බෝයි සඟරාව අමුතුවෙන් එම ඡායාරූප පළ කිරීමේ තේරුමක් නැති බවයි.
එහෙත් ගැහැණුන්ගේ කාමුක ඡායාරූප පළ කිරීම නොනවත්වන බවද කතුවරු කියති.
දැන් පරිගණකයට පිවිසුණු සැණින් අසභ්‍ය ඡායාරූප නොමිලේ බැලීමේ අවස්ථාව උදාවී ඇතැයිද සඟරාව කියයි.
1953 දී ප්ලේ බෝයි සඟරාවේ මුල් පිටුව මැර්ලින් මොන්රෝගේ නිරුවත් ඡායාරූපයකින් සරසා තිබිණි.
1975 දී ලක්ෂ 56 ක්වූ ප්ලේ බෝයි අලෙවිය අට ලක්ෂය දක්වා පහළ වැටී ඇතැයි කියති. සඟරාව නග්න රූපවලින් සරසතියිද ගැහැණුන් ලිංගික උපකරණ සේ සලකතියිද දිගට හරහට පහර එල්ලවිය.
ප්ලේ බෝයි සඟරාවේ නග්න ඡායාරූප පළ කළ සමයේත් එහි හොඳ විශේෂාංග පළවූ බවද නිව්යෝක් ටයිම්ස් පත්‍රය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්ලේ බෝයි සඟරාව නිරුවත වසා ගනියි
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 14 October 2015 08:28 AM
මෙම ප්ලේ බෝයි සඟරාව ලංකාවේ හොරෙන් වැඩි මිලට විකිනෙනන එකක්, මේවා තරුණයන් වාගේම මහලු අයද රස විඳිනා සඟරාවක්. (ර)
නුවන් - නෙව්යෝර්ක් Wednesday, 14 October 2015 08:52 AM
මේකට හේතුව නිරුවත් ජායාරූප අද අන්තර්ජාලයේ සුලභ නිසා ඉස්සර ඒවා බලනන්නම මිනිස්සු ප්ලේබෝයි සගරාව මිලදීගත්තද අද ඒ වෙලදපොල අහිමිවීම. නිරුවත් පිරිමි හෝ කාන්තා ශරීර යනු විදිය යුතු දේවල් මිස පිලිකුල් කලයුතු දේ නෙමේ. (ර)
විජිත් Wednesday, 14 October 2015 09:17 AM
අපේ රටේ විවුර්ත ආර්ථිකය පටන්ගන්නටත් පෙර සිටම ඔය සඟරාව ( පවිච්චිකරපු ඒවා ) ඕල්කොට් මාවතේ පදික වෙළෙන්දන් රහසිගතව විකුණුවා.රුපියල් 10 න් පටන්ගෙන කේවල් කරලා කරලා අන්තිමට රුපියල් 5 කට ගතහැකිව තිබුනා.නමුත් ඒ කාලයේ රුපියල් 5ක් කියන්නේ...මගේ අම්මෝ සැහෙන මුදලක්.පාන් රාත්තලක් ශත 30යි සිනි රාත්තලක් ශත 28 යි ප්ලේන්ටියක් ශත 05 යි සිනි බනිස් එකක් ශත 06 යි ...ඉතින් කවුද රුපියල් 5 ක් මේකක් ගන්න වියදම් කරන්නේ.නමුත් ආපසු හැරිලා බලද්දී ඒ කාලයේ සොඳුරු සුවඳ හැමදාමත් මගේ හිතේ රැඳිලා තියෙනවා. (අ)
කින් බෙනට් Wednesday, 14 October 2015 01:47 PM
කාලයක් යද්දී ඕනෑම ව්‍යාපාරයක් කඩාවැටෙනවා. ඒක ලෝක ස්වභාවය. තව කලක් යද්දී මොන මොනවා අලුතෙන් ඇවිල්ලා පරිගණක සහ අන්තර්ජාලයත් කුණු කූඩේට යයිද දන්නෙ නැහැ (නි)
නන්දලාල්-ප්‍රංශය Wednesday, 14 October 2015 05:15 PM
නරක හිතකින් බැලුවොත් ඕනෑම දෙයක් නරක විදියට පෙනෙන මේ සමාජයට මෙවැනි කලාත්මක උසස් තත්වයේ සඟරාවක් නැතිවයාම දරාගන්න බැරි පාඩුවක් වෙනවා නොඅනුමානයි.ලෝක පුජිත නිව්යෝක් ටයිම්ස් පත්‍රය පළකළ අදහස අප අගය කළයුතු වෙනවා. (නි)
චතුර Wednesday, 14 October 2015 06:03 PM
මට මෙහෙම හිතෙනවා. අවුරුදු 20 -30 ට පෙර මිනිස්සු මේවා බැලුවේ හැංගිලා. අද මේවා හරිම සුලබයි. තව අවුරුදු 20 ක් යද්දී මිනිසුන්ට මේවා බලලාත් එපාවෙයි. (නි)
රන්ජිත් Friday, 16 October 2015 06:09 AM
දැන් ප්ලේ බෝයි සගරාව ඕන නෑ පාරට බැස්සම ජීවමාන පින්තුර බලාගන්න පුළුවන් නොමිලේම (බ)
සුලෝචන Friday, 16 October 2015 06:27 AM
මට මේ සඟරාවේ නිරුවතින් නාන තරුණියකගේ ෆොටෝ එකක් දැකලා වතුරත් පෙවෙන්න ගියා (නි)
රිචි බාලසුරිය Friday, 16 October 2015 08:50 PM
මම තවමත් මෙම පොත බලනවා (නි)
සොපි Saturday, 17 October 2015 03:36 AM
සතුන් අතරින් කැතම සතා මිනිසායි, ඒකනේ ඇඳුම් අඳින්නේ.... (ර)
ජෙරමි Sunday, 18 October 2015 10:46 AM
සුලෝචන වතුර පෙවෙන්න ගියාද නැත්නම් වතුර.......ද? (බ)